IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බෙහෙත් සමාගම වැරදිකරු කරයි

 මුද්‍රිත මාධ්‍ය භාවිතා කරමින් මහජනයා වෙත කරන වෙළඳ ප්‍රචාරක දැන්වීමක සටහන් කළ යුතු කරුනු සටහන් නොකර පැරසිටමෝල් වර්ගයේ ඖෂධයක් වන පෙනඩෝල් ප්‍රචාරය කිරීම ඇතුළු  චෝදනා තුනකට  අධිකරණය හමුවේ වරදකරු වූ පෞද්ගලික සමාගමකට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය   රුපියල් හතලිස් දහසක දඩයක් නියම කළාය.

මෙසේ දඩ නියම වූයේ කොළඔ 01,ලෝක වෙළෙද මධ්‍යස්ථානය, දකුනු කුලූන,  34 වන මහල ලිපිනයේ, ස්මිත් ක්ලයිම් බීචම් පෞද්ගලික සමාගමටයි.

රුපියල් හතලිස් දහසක දඩයෙන් අනුරාධපුර රෝහලේ පිළිකා වාට්ටුවේ නේවාසික රෝගීන්ට පානීය ජල බෝතල බෙදා දෙන ලෙස ද,  එසේ බෙදූ බවට රෝහල් අධ්‍යක්ෂගේ ලිපියක් ලබන 17 වැනි දා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය



අදහස් (0)

බෙහෙත් සමාගම වැරදිකරු කරයි

සෑම් Monday, 14 December 2015 10:40 AM

ස්මිත් ක්ලයින් බීචෙම් කියන සමාගමට ලෝක ඉතිහාසයේ ගැසුව ඉතාම සුළු දඩ මුදල මෙය විය හැකියි. මේ කොම්පැනිය ඩොලර් බිලියන වලින් කටයුතු කරන විශාල සමාගමක් . (අ)

:       0       0

සමන්ති Tuesday, 15 December 2015 02:21 PM

සත ගණනක පැරසිටිමෝල් පෙතිවලට වඩා අපි ඇසුරුමට මුදල් ගෙවන්නේ .(හේ)

:       0       0

ගමගේ Monday, 14 December 2015 08:27 AM

අන්න නියම වැඩක් (ම)

:       0       0

සමන් පෙරේරා Monday, 14 December 2015 08:36 AM

අඩුම 100,000 වත් දඩ ගැහුවනම් වටිනවා අසරණ ලෙඩ්ඩුන්ට තවත් යමක් දෙන්න තිබුණා (බ)

:       0       0

ලංකා Monday, 14 December 2015 08:51 AM

40000 ??? අනේ .... ඔය සමාගමට ඕක දැනෙන්නේවත් නෑ, ඔයිට වඩා ලොකු දඩයක් දෙන්න තිබුණා (බ)

:       0       0

සාගර Monday, 14 December 2015 08:59 AM

රුපියලට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් විතර හම්බ වෙනව කියල හිතල වෙන්නැති මේ නඩු තීන්දුව දීල තියෙන්නේ. පවු..(බ)

:       0       0

සමිත Monday, 14 December 2015 09:15 AM

අහන්නත් සතුටුයි. එ්ත් මේ වගේ වැරදි වලදී අය කරන උපරිම දඩ මුදල් ගැලපෙන පරිදි වැඩි කිරීමට අදාල අංශ සැලකිලිමත්වීම වැදගත්. මොකද මේ වගේ වැරදිවලදී සමාගම් වලට දැනෙන විදියේ දඩයක් අය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසුම් කළ යුතුයි. තමුන්ට ලැබී ඇති නීතිමය ප්‍රතිපාදන භාවිත කර යුක්තිය පසිදලු මහේස්ත්‍රාත් තුමියට අපගේ ප්‍රණාමය (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 December 2015 10:28 AM

ලොකු ලොක්කෝ හැම දහජරා වැඩක්ම කරලා අත පිසදාගත්ත කාලයක් තිබ්බ , එහෙවු වේලාවක සුළුවෙන් වුනත් නිතිය ඉෂ්ට කිරීම ගැන අපි සතුටු වෙමු , (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site