මුද්‍රිත මාධ්‍ය භාවිතා කරමින් මහජනයා වෙත කරන වෙළඳ ප්‍රචාරක දැන්වීමක සටහන් කළ යුතු කරුනු සටහන් නොකර පැරසිටමෝල් වර්ගයේ ඖෂධයක් වන පෙනඩෝල් ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනා තුනකට අධිකරණය හමුවේ වරදකරු වූ පෞද්ගලික සමාගමකට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය රුපියල් හතලිස් දහසක දඩයක් නියම කළාය.
මෙසේ දඩ නියම වූයේ කොළඔ 01,ලෝක වෙළෙද මධ්‍යස්ථානය, දකුනු කුලූන, 34 වන මහල ලිපිනයේ, ස්මිත් ක්ලයිම් බීචම් පෞද්ගලික සමාගමටයි.
රුපියල් හතලිස් දහසක දඩයෙන් අනුරාධපුර රෝහලේ පිළිකා වාට්ටුවේ නේවාසික රෝගීන්ට පානීය ජල බෝතල බෙදා දෙන ලෙස ද, එසේ බෙදූ බවට රෝහල් අධ්‍යක්ෂගේ ලිපියක් ලබන 17 වැනි දා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්මිත් ක්ලයින් බීචෙම් කියන සමාගමට ලෝක ඉතිහාසයේ ගැසුව ඉතාම සුළු දඩ මුදල මෙය විය හැකියි. මේ කොම්පැනිය ඩොලර් බිලියන වලින් කටයුතු කරන විශාල සමාගමක් . (අ)
සත ගණනක පැරසිටිමෝල් පෙතිවලට වඩා අපි ඇසුරුමට මුදල් ගෙවන්නේ .(හේ)
අන්න නියම වැඩක් (ම)
අඩුම 100,000 වත් දඩ ගැහුවනම් වටිනවා අසරණ ලෙඩ්ඩුන්ට තවත් යමක් දෙන්න තිබුණා (බ)
40000 ??? අනේ .... ඔය සමාගමට ඕක දැනෙන්නේවත් නෑ, ඔයිට වඩා ලොකු දඩයක් දෙන්න තිබුණා (බ)
රුපියලට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් විතර හම්බ වෙනව කියල හිතල වෙන්නැති මේ නඩු තීන්දුව දීල තියෙන්නේ. පවු..(බ)
අහන්නත් සතුටුයි. එ්ත් මේ වගේ වැරදි වලදී අය කරන උපරිම දඩ මුදල් ගැලපෙන පරිදි වැඩි කිරීමට අදාල අංශ සැලකිලිමත්වීම වැදගත්. මොකද මේ වගේ වැරදිවලදී සමාගම් වලට දැනෙන විදියේ දඩයක් අය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසුම් කළ යුතුයි. තමුන්ට ලැබී ඇති නීතිමය ප්‍රතිපාදන භාවිත කර යුක්තිය පසිදලු මහේස්ත්‍රාත් තුමියට අපගේ ප්‍රණාමය (බ)
ලොකු ලොක්කෝ හැම දහජරා වැඩක්ම කරලා අත පිසදාගත්ත කාලයක් තිබ්බ , එහෙවු වේලාවක සුළුවෙන් වුනත් නිතිය ඉෂ්ට කිරීම ගැන අපි සතුටු වෙමු , (බ)