(යොහාන් භාසු)
පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ටැබ්සුමාබ් (tabsumab) එන්නත ඇතුළු පිලිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැතිවිම නිසා අඛණ්ඩව ප්‍රතිකාර කිරිම නතර වීමෙන් රෝගින් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.
කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කරාපිටිය සහ යාපනය මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක ටැබ්සුබාබ් එන්නත ඇතුළු ඖෂධ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
පියයුරු පිළිකා එන්නත් 1000 ක් ලබාගැනීමට ප්‍රසම්පාදන අනුමැතිය හිමිව තිබුණත් එන්නත් 500 ක් පමණ ලබාගෙන රෝහල්වලට බෙදාහැර හැරියත් එම එන්නත්ද අවසන් වීම නිසා පියයුරු පිළිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට නොහැකිවී තිබෙන බවට රෝහල් අධ්‍යක්ෂවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දි තිබේ.
පිලිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කළයුතු වුවත් මෙම ඖෂධ හිගයෙන් රෝගී සත්කාර සේවා සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බව වාර්තා වේ.
පිළිකා රෝගීන් 3000 ක් පමණ වර්ෂයකට ප්‍රතිකාර සදහා එක්වන බවත් මහරගම අපේක්ෂා රෝහලෙන් රෝගීන් 1000 ක් පමණ දෛනිකව නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ රටේ රෝහල්වල නැති බෙහෙත් ගබඩා කරලා තියෙන්නේ ජනාධිපති නන්දසේනගේ ගෙදර... ඇත්ත නේද?
කමක් නෑ. රට හොරකාපා නන්දසේනගේ විදමත් රාජයෙන්ම ගෙවමු.
ඒකට කමක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරානේ පාර්ලිමේන්තුව ආරක්ෂා කර...!