ප්‍රතිජීවක, වේදනා නාශක හා ආලේපන ඖෂධ මිල 15% සිට 30% දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
එම ඖෂධ අතර පැරසිටමෝල්, ඇමොක්සලීන් හා පෙනිසිලීන් ඖෂධ ප්‍රධාන බවත් පෞද්ගලික අංශයේ ඇතැම් වෙළඳුන් එම ඖෂධ හිතුමතේ අලෙවි කරන බවත් එම සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔසුසල් මගින් අලෙවි කැරෙන ඇතැම් ඖෂධ මිල ඉහළ දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ඖෂධ අදිකාරියේ සහතික නිකුත් කරන ක්‍රම වේදය ඉක්මන් කල යුතුයි. එතන වැඩ හරිම ප්‍රමාදයි. බෙහෙත් මිල ඉහල යන්න ප්‍රදාන හේතුව එයයි.(කෞ)
බෙහෙත් මිල ඉහළ ගිහින් තියෙන්නේ රුපියල අවප්‍රමාණය වුණා හින්ද වෙන්න ඕනි.(ම)
හරිනේ! "අපමණ අගයක්" දෙන්න නම් තව වැඩි වෙන්න ඕනේ .(ම)
මෙයාලගේ මහලොකු ඖෂධ පනත, සේනක බිබිලේ මහත්තයටත් කරන අපහාසයක්. ඔක්කොම වැඩ කටින් තමා. (බ)
මොකක්ද මේ ඖෂධ පනත කියන්නේ? මොකක්ද ඒකෙන් අපිට ලැබුන වාසිය. (කෞ)
ඖෂධ පනත ගෙනාවා ඖෂධ මිල ඉහළ ගියා. පොලිස් කොමිසම ගෙනාව පොලීසියේ ක්‍රියාකාරකම් දරුණු වුණා. රටකට වැඩදායී වන්නේ කඩදාසි කොළවලට සීමාවූ පනත්, මුදල් නාස්ති කරන කොමිෂන් සහ කොලේ වහලා ගහන ව්‍යවස්ථා නොව දෑ සමය සුරකින ක්‍රියාශීලී නායකයෙකි.(ම)
වෙන රටවල් වල බෙහෙත් මිල ඉහළ යන්නේ හැම එකාම කොමිස් ගහන නිසයි. එහෙත් ලංකාවේ එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැනේ. ඉතින් මොකද මේ මිල ඉහළ යාම? (බ)
සිගරැට් පෙට්ටියේ රූපමය අවවාද ඇඳලා වැඩක් වෙයිද බෙහෙත් මිල අහස උසට යනකොට? (නි)
ලෙඩ උනේ නැත්නම් බෙහෙත් ගන්න වෙන්නේ නැහැ .. මිනිස්සු ලෙඩ වෙන්නේ විහින් .. (ම)
ඖෂධ පනතට පන මදිද? (නි)