
(නිමල කොඩිතුවක්කු)
ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ අවස්ථාවන් වලදී ඒවා මිලදි ගැනිම සඳහා රුපියල් කෝටි 3500 ක මුදලක් වෙන්කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
වෛද්‍ය සැපයීම් අංශයේ මධ්‍යම ගබඩාවේ හෝ ආසන්න වෛද්‍ය මධ්‍යස්තාන වල එම ඖෂධ සහ ශල්‍ය උපකරණ නොමැතිනම් සාධාරණ මිල ගනන් යටතේ පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් මෙම මිලදී ගැනිම් සිදුකිරිමට රෝහල් බළධාරින්ට ඕනෑම අවස්ථාවක හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
NPP ජයවේවා
මෙතුමා JVP චන්ද පදනම නැවත 3% බැස්සවීමේ පුරෝගාමියා . ජනතාවගේ උත්තමචාරය.