(රොමේෂ් මධුෂංඛ)

මුලතිව්  රෝහලේ  පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් ඉල්ලා  විරෝධතාවක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

උතුරු නැගෙනහිර කාන්තා සංවිධානය මෙම විරෝධය මෙහෙය වීය.

මුලතිව් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැති වීමෙන් දෛනිකව බාහිර රෝගීන් විශාල පිරිසක් පීඩාවන්ට පත්වන අතරම ඔවුන්ට කිලෝමීටර් 200 කට ආසන්න දුරක් ගෙවා කිලනොච්චියට හෝ වව්නියාව රෝහල්වලට යාමට සිදුවීමෙන් විශාල මුදලක් දැරීමටද සිදුවෙතැයි විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.‍ෙ

වහාම මුලතිව් රෝහලේ පවතින ‍ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගයට විසඳුම් ලබාදීමට අදාල බලධාරීන් පියවර ගත් යුතු බවට ඉල්ලා පෙත්සමක්ද මුලතිව් වැඩබලන දිසාපති කේ.කනකේෂ්වරන් මහතාට භාර දීමටද විරෝධතාකරුවෝ  පියවර ගත්හ.