ගාල්ල බූස්ස ප්‍රදේශයේ රජයට අයත් පොන්නි සහල් ගබඩාවක් සිකුරාදා (12) සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් විසින් වටලා මුද්‍රා තබනු ලැබීය.
අද (13) ගබඩාව විවෘත කර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීහු එම සහල් පරීක්ෂා කළහ. සහල් සම්පූර්ණයෙන්ම නරක් වී ඇති අතර රජයේ රස පරීක්ෂක විසින් අධිකරණයට කරුණු දැක්වීම සඳහා සහල් සාම්පල් ලබා ගත්තේය.
මෙම සහග් තොගයේ වටිනාකම රුපියල් කෝටි 25 කට ආසන්න බව නිළධරීහු කියති.
කොළොන්නාවේ ගබඩාකර කර තිබී පසුව මෙම සහල් තොගය බූස්ස රජයේ ගබඩාවට ගෙනවිත් ගබඩාකර ඇතැයි ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබිණි.
ඡායාරූප - දේමුණි සම්පත්
ඡායාරූප හා වීඩියෝ - රොෂාන් පියතිලක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහ ගහන අපරාද මේ, ආර්ථිකමය අපරාද, මේවා බලන්න බලදාරීන් පරක්කු වැඩි. දැන් ඔය පාඩුව වෙන්නේ රටේ ආර්ථිකයට නේද. ඊට පස්සේ පිටරටින් හාල් ගේනවා. (ර)
ඕව වෙළද පොලට මුදා හැරලා මිල පාලනය කරන්න තිබුන නේද ඇයි මේවා නිකරුනේ නාස්ති කරන්නේ රජය වගකීමකින් වැඩ කරන්නේ නැද්ද ? (ර)
ඕකත් මහිදගේ ගිණුමට බැර කරන්න බැරිද? (ර)
ජනතාවගේ මුදල් නේද මේ කා දමන්නේ. (ර)
දැන් සත්තුන්ට කන්නත් හාල් රටේ ආණ්ඩුවේ ගබඩා වල තියෙනවා. අපි හාල් ගන්න කඩේට ගියහම කිලෝ එක රුපියල් 80 වෙනවා. (ර)
වටළලා වැඩක් තිබෙනවද? විකුණනකොට හරි විකිණීම සඳහා බෙදාහරිනවිට හරි අල්ලන්න එපායැ. සත්ව ආහාර සඳහා නිකුත් කිරීමට අනුමැතිය ලැබෙනතුරු හෝ විනාශ කිරීම සඳහා අනුමැතිය ලැබෙනතුරු ගබඩා කළාද කවුද දන්නේ? මේ සිද්ධිය ගැන ගබඩාවේ මහත්තුරුන්ගේ අදහසත් අහලා හිටියා නම් නේද වඩාත් හොඳ? (නි)
කොළොන්නාවෙන් නම් ඉතින් අහන්න දෙයක් නැහැ. (නි)
මේවාට වගකිවයුත්තෝ කවරහුද...? වගකීමක් නැති නිලධාරීන් සේවයෙන් පළවාහැර දැඩි දඩුවම් දියයුතුයි.කෝටි 25ක නරක් වූ සහල් ..? ඉතින් සහල් මිල ඉහළයන එකත් පුදුම වෙන්න දෙයක්ද..? රටකට ගිය කලක්..! (නි)
මේවා ජාතික අපරාධ. රටේ මිනිස්සු කී දෙනෙක් බඩගින්නේ ඉන්නවද? (නි)
සහල් ගෙන්වීම, තත්ත්ව සහතික, ගබඩා කිරීම සහ බෙදාහැරිම පිළිබඳ රාජ්‍ය නිලධාරින් වගකිවයුතුයි නේද? (නි)
බත්වෙලක් කන්න නැති දුප්පත් මිනිසුන්ට බෙදන්න තිබුන නරක්වෙන්න කලින් නැතිනම් අඩුගානේ අඩු මුදලට විකුනන්න තිබ්බා. (ර)