IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බූස්සෙන් කෝටි 25ක නරක් වූ සහල් තොගයක්

ගාල්ල බූස්ස ප්‍රදේශයේ රජයට අයත් පොන්නි සහල් ගබඩාවක් සිකුරාදා (12) සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් විසින් වටලා මුද්‍රා තබනු ලැබීය.

අද (13) ගබඩාව විවෘත කර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීහු එම සහල් පරීක්ෂා කළහ. සහල් සම්පූර්ණයෙන්ම නරක් වී ඇති අතර රජයේ රස පරීක්ෂක විසින් අධිකරණයට කරුණු දැක්වීම සඳහා සහල් සාම්පල් ලබා ගත්තේය.

මෙම සහග් තොගයේ වටිනාකම රුපියල් කෝටි 25 කට ආසන්න බව නිළධරීහු කියති.

කොළොන්නාවේ ගබඩාකර කර තිබී පසුව මෙම සහල් තොගය  බූස්ස රජයේ ගබඩාවට ගෙනවිත් ගබඩාකර ඇතැයි ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබිණි.

IMG_20160213_122551 IMG_20160213_122631 IMG_20160213_122649 IMG_20160213_122753

ඡායාරූප - දේමුණි සම්පත්

DSC00533 DSC00536 DSC00545

ඡායාරූප හා වීඩියෝ - රොෂාන් පියතිලක



අදහස් (0)

බූස්සෙන් කෝටි 25ක නරක් වූ සහල් තොගයක්

පාලිත Saturday, 13 February 2016 07:22 AM

සහ ගහන අපරාද මේ, ආර්ථිකමය අපරාද, මේවා බලන්න බලදාරීන් පරක්කු වැඩි. දැන් ඔය පාඩුව වෙන්නේ රටේ ආර්ථිකයට නේද. ඊට පස්සේ පිටරටින් හාල් ගේනවා. (ර)

:       0       0

සංජීව Saturday, 13 February 2016 07:23 AM

ඕව වෙළද පොලට මුදා හැරලා මිල පාලනය කරන්න තිබුන නේද ඇයි මේවා නිකරුනේ නාස්ති කරන්නේ රජය වගකීමකින් වැඩ කරන්නේ නැද්ද ? (ර)

:       0       0

රූපසිංහ Saturday, 13 February 2016 08:22 AM

ඕකත් මහිදගේ ගිණුමට බැර කරන්න බැරිද? (ර)

:       0       0

අමා Saturday, 13 February 2016 08:33 AM

ජනතාවගේ මුදල් නේද මේ කා දමන්නේ. (ර)

:       0       0

විපුල Saturday, 13 February 2016 09:28 AM

දැන් සත්තුන්ට කන්නත් හාල් රටේ ආණ්ඩුවේ ගබඩා වල තියෙනවා. අපි හාල් ගන්න කඩේට ගියහම කිලෝ එක රුපියල් 80 වෙනවා. (ර)

:       0       0

ලලිත් Saturday, 13 February 2016 09:26 PM

වටළලා වැඩක් තිබෙනවද? විකුණනකොට හරි විකිණීම සඳහා බෙදාහරිනවිට හරි අල්ලන්න එපායැ. සත්ව ආහාර සඳහා නිකුත් කිරීමට අනුමැතිය ලැබෙනතුරු හෝ විනාශ කිරීම සඳහා අනුමැතිය ලැබෙනතුරු ගබඩා කළාද කවුද දන්නේ? මේ සිද්ධිය ගැන ගබඩාවේ මහත්තුරුන්ගේ අදහසත් අහලා හිටියා නම් නේද වඩාත් හොඳ? (නි)

:       0       0

අශෝක ‍‍ Saturday, 13 February 2016 10:58 PM

කොළොන්නාවෙන් නම් ඉතින් අහන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ඉනෝකා Saturday, 13 February 2016 01:31 PM

මේවාට වගකිවයුත්තෝ කවරහුද...? වගකීමක් නැති නිලධාරීන් සේවයෙන් පළවාහැර දැඩි දඩුවම් දියයුතුයි.කෝටි 25ක නරක් වූ සහල් ..? ඉතින් සහල් මිල ඉහළයන එකත් පුදුම වෙන්න දෙයක්ද..? රටකට ගිය කලක්..! (නි)

:       0       0

ඕමාන් සිල්වා Saturday, 13 February 2016 01:31 PM

මේවා ජාතික අපරාධ. රටේ මිනිස්සු කී දෙනෙක් බඩගින්නේ ඉන්නවද? (නි)

:       0       2

සමන්ති Saturday, 13 February 2016 01:45 PM

සහල් ගෙන්වීම, තත්ත්ව සහතික, ගබඩා කිරීම සහ බෙදාහැරිම පිළිබඳ රාජ්‍ය නිලධාරින් වගකිවයුතුයි නේද? (නි)

:       0       0

අනුලා Sunday, 14 February 2016 03:19 AM

බත්වෙලක් කන්න නැති දුප්පත් මිනිසුන්ට බෙදන්න තිබුන නරක්වෙන්න කලින් නැතිනම් අඩුගානේ අඩු මුදලට විකුනන්න තිබ්බා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site