
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාට රැඳවියන් දෙදෙනකු විසින් පහරදිමක් සිදු කර ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යලය පවසයි.
පහරදිමත් සමගම බන්ධනාගාරය තුල දැඩි නොසන්සුන්කාරි තත්වයක් ඇතිවි තිබේ.
දහවල් ආහාර ප්‍රමාදවිමත් සිරකරුවන්ගේ සිර මැදිරි මාරු කිරමට සහ බන්ධනාගාර නියාමකවරුයකු අත් අඩංගුවට ගැනිමටත් විරෝධය පලකරමින් රැඳවියන් පිරිසක් කලබල කිරිමට පටන් ගැනිම නිසා සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එම ස්ථානයට පැමිණ ඇත.
එහිදි අධිකාරිවරයාගේ මුහුණට රැඳවියන් දෙදෙනකු විසින් පහරක් එල්ල කර ඇති අතර එහිදි සහකර බන්ධනාගාර අධිකාරිවරයාගේ නාසයෙන් රුධිර ගලා යාම නිසා කරාපිටිය රෝහලට යවා ඇත. ඒ සමගම බන්ධනාගාරය තුළ දැඩි නොසන්සුන්කාරි තත්වයක් ඇතිවි තිබේ.
තත්වය පාලනය කිරිම සඳහා ගාල්ල බන්ධනාගාරයෙන්ද නිලධාරින් පිරිසක් කැඳවා ඇති අතර පසුව සවස වනවිට තත්වය පාලනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අත්අඩංගුවට ගත්ත බන්ධනාගාර නිලධාරියා අනිවාර්යයෙන්ම ෆෝන් සප්ලයි කරන කෙනෙක්. ඇතුලේ ඉඳන් ජාවාරම්වලට සහයෝගය දෙන කෙනෙක්. ඔහුගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම්, දේපල උපයගත්තේ කොහොමද කියල පරීක්ෂාකරල බැලිය යුතුයි.
දූෂිත කාලකන්නි නිලධාරින් එකෙක්වත් බන්ධනාගාර සේවයට යොදවන්ට එපා
ලොහාන්ගේ නෑයෙක්ද?