(අමදෝරු අමරජීව)
මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙන ඇති තීරණය නැගෙනහිර පලාතේ මගී බස්රථ සම්බන්ධයෙන් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.
රූපවාහිනි යන්ත්‍ර හේතු කරගෙන රියදුරුගෙ අවධානය වෙනතකට යොමු විම, රූපවාහිනියේ ඇතැම් දර්ශන මගින් අපහසුතාවයකට පත්කිරිම හේතුවෙන් කර ඇති මෙම තහනම ඒ අයුරින් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරිමට විශේෂ වැටලිම් ඒකකවලට උපදෙස් ලබාදුන් බව එම අධිකාරියේ අධ්යක්ෂ (ධාවන හා සැලසුම්) සි.එම්.නන්දසේන මහතා පැවසිය.
විශේෂයෙන් සිසු සැරිය බස්රථවල රූපවාහිනි තහනම මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර මගි ප්‍රවාහන සේවා සිදුකරන කෙටි හා දුර ගමන් සේවා බස්රථවල මෙම නීතිය ක්‍රියාමත්මක කිරිම දැනටමත් ආරම්භ කර ඇති බවද අධ්යක්ෂවරයා තවදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා හොද තීරණයක්, ඒ වගේම අධික ශබ්ද නීරස සින්දු වාදනයත් නවත්වන්න. මෙම ශබ්ද සහ මාර්ගයේ ශබ්ද සමග මගීන් තුල දැඩි කම්පනයක් සහ පීඩනයක් ඇති කරනවා. එය මානසික සහ කායික සෞඛ්‍යට අහිතකරයි.
ඉතාම විශිෂ්ට තීරණයක්. මේක කරන්න ඕනම දෙයක්. ඇත්තටම ඇතැම් දර්ශන බලන්න හරිම අප්පිරියයි. අනික ලංකාවේ බස්වල තියෙන්නේ සුවපහසුව යන ගමනක් නෙමෙයි මිනිස්සු සත්තුවගේ පටවගෙන කොන්දොස්සර මගින්ගෙ කන්බීරි වෙන්න කෑ ගහ ගහ යන අප්‍රසන්න ගමනක්. ඒ ගමන තවත් අප්‍රසන්න වෙනව මේ ටීවි දැමිල්ලයි කන පැලෙන්න දාන කැසට් එකයි නිසා. අනේ පුළුවන්නම් ටීවී නවත්වන ගමන් මේ බස්වල දාන කැසටි වල ශබ්දය පිලිබඳ යම් පාලනයක් ගේන්න. මේක ඉතාම අත්‍යාවශයි. මිනිස්සුන්ගෙ පපුවට උහුලන්න බෑ ඒ ශබ්දය ඇත්තටම. ඒ මදිවට ඉස්සරහට යන්න පස්සට යන්න කිය කිය පුදුම කාලගෝට්ටියක් බස්වල තියෙන්නේ. බස්වල යන මිනිහෙක් විතරයි මේක දන්නේ. අනේ පුළුවන්නම් මේවට පාලනයක් ගේන් නැගෙනහිරට විතරක් නෙමෙයි මුළු රටටම පොදු නීතියක් හදුන්වා දෙන්න.
මුලු ලංකාව පුරාම මෙය බලාත්මක කරන්න. බස් රූපවාහිනී අතිශය අනවශ්‍ය දෙයක්. මගීන්ට නිදහසේ තම මනස තබා ගැනීමේ අයිතිය ලබා දිය යුතුයි.
බස් වල ටීවී විතරක් නොවෙයි සින්දු දැමිල්ල සම්පුර්ණයෙන් තහනම් කරන්න ඕන. මේක මගීන්ට හරිම කරදරයක්. නවත්තන්න කියලා කොච්චර කිව්වත් නවත්තන්නේ නැහැ. හොඳ තීරණයක්.
හරිම කන්කරච්චලයක් මේක. දවසක් මම නුවර සිට පාසිකුඩාවට බස් එකක ගියා. එය මහදවල් ජංගම ‘නයිට් ක්ලබ්’ එකක් වගේ. ඒ අස්සේ සමහරු වමනෙත් දානවා. කොන්දොස්තර ඒ අයට බැග් දීලා සින්දුව අස්සෙම තරවටු කරනවා අයෙත් වමනේ කරන්න එපා කියලා. මම හොඳින් ම දුටු දෙයක් තමයි විදෙස් සංචාරකයන්ගෙන් වැඩි මුදලක් අයකරනවා. මම මේ පිළිබඳව ප්‍රශ්න කරාම කීවේ වැඩි මුඳල ඔවුන්ගේ ගමන්මලු සඳහා කියලයි.
බස්වල තිබෙන රුපවාහිනී යන්ත්‍ර විතරක් නොවේ මගීන්ට බලෙන්ම හොම්බට ඇන ඇන අහන්න කියන නීරස මළ අදෝනා සිංදුයයි කියන ජරාව නැවත්තුවොත් මගීන්ට කරන මහගු සේවයක්.
තව තහනම් කරන්න ඕනේ ඒවා තියෙනවා. දොරට හයි කරගෙන තියෙන බාර් එකට අත තියාගෙන තනි අතින් බස් එළවන එක, එළවන කොට දුරකථන ඇමතුම් ගැනීම, සද්ද වැඩි රේඩියෝ හයි කරන එක, සද්ද වැඩි නලාව... හරියට හැමෝටම ගහන්න පුළුවන් බෙල් එකක් තියෙන්නේ බස් කීයකද? ඇමැති මොනවා කිව්වත් වැඩේ කෙරෙන්නේ නෑ හරියට...
දාන සින්දු වලට වමනේ යන්නේ...
ඉතාම වැදගත් කාලීන තීරණයක්. අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. අනිකුත් සියළු පළාත් මා.ම.ප්‍ර. අධිකාරි ආදර්ශයට ගත යුත්තක්... එපමණක් නොවෙයි මගීන්ගේ කන් බිහිරි කරවන නීරස ගීත වාදනය වන ගුවන් විදුලි හා කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමත් මේ සමඟම තහනම් කළ යුතුයි.
බෆල් සවි කිරීමත් තහනම් කරනවා නම් තවත් හොඳයි.. අගය කළ යුතු ක්‍රියාවක්..
අසම්පූර්ණ තීරණයක්. බස්වල රූපවාහිනි යන්ත්‍ර පමණක් නොව ගුවන්විදුලි හා එම්.පී. 3 යන්ත්‍ර වාදනය සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුයි. මේ බස්වල ගමන්ගන්නා මගින්ගෙන් බහුතරයක් මෙයට අකමැතිවීමත් පොදුවේ රස විඳිය නොහැකි ගීත හා රූප රචනා ප්‍රචාරය කිරීම, අධික ශබ්දය, තෙරපීම හා ඇතුළත පවතින රස්නය නිසා විශේෂයෙන්ම සාමාන්‍ය බස් රථය තුළ මගින් දැඩි අපහසුතාවයට පත්වේ. එය යම් තරමකට හෝ පාලනය කිරීමට මෙම තීරණය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවීමට බලධාරින් පියවර ගත යුතුයි.