ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙමින් ලංකාවේ සිදුව ඇති පරිවර්තනය ගැන මුළු ලෝකයේම අවධානය යොමුව ඇතැයි දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අද (02) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී කීවාය.
එවැනි පරිවර්තනයක් ශ්‍රී ලංකාවේ සිදුව ඇති මොහොතක දී එන්නට හැකි වීම ගැන සතුටට පත්වන බව ද ඇය කීවාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ නව රජයේ දින 100ක වැඩ පිළිවෙළේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉටු කර තිබෙන බව ඇගේ අදහස විය.
ඇය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද හමු වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඉතින්, දැන් සතුටුනොවී කොහොමද? (නි)
අපිටත් සන්තෝෂයි. හැබැයි නෝනා අපේ රටේ ප්‍රශ්න අපිටම විසඳාගන්න පුළුවන් (නි)
අපිට කාගේවත් පැටිකිරිය අදාළ නැහැ. නමුත් රටට අහිතරකර බලපෑම් බාධාවන් ජයගත හැකිවන්නේ ජාත්‍යන්තරය සමග සමීප වීම තුලින් පමණි (නදී)
ප්‍රවේශමෙන්! (නි)
නිවී සැනසිල්ලෙ පොඩ්ඩක් හිතා බලන්න ඇයි මෙතරම් සතුටක්. (නි)
දීර්ඝ කාලීන බලාපොරොත්තු ඉටුවෙනකොට උදම් අනන්නේ නැතුව ඉන්නේ කොහොමද ?(හේ)
ගින්දර සමඟ කටයුතු කිරීමට අප උගත යුතුය (නි)
එහෙම තමයි. හොඳ දේවල් කවුරුත් අගය කරනවා (නි)
කොහෙන් ආවත් කමක් නැහැ. අපිට බලපෑම් කරන්න නම් දෙන්න එපා. (නි)
සන්තෝෂ නැද්ද? (නි)
ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපිටත් දැන් ආඩම්බර වෙන්න පුළුවන් (නි)
ඔව් අනේ! ලොකුම සතුටක් තමයි. (නි)
අපේ රටට හරි ආදරෙයි වගෙයි (නි)