පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ජන්දය දීමට ජනතාව පෙළඹවීම සඳහා දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැය කර ලිත් මුද්‍රණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන වසරේ මාර්තු මස 10 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය නියෝග කළාය.
දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක ගුණතිලකට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පෙනී සිටින ලෙස නියෝග කැරිණි.
මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2 94 00 000/- මුදලක් වැයකර ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට බැසිල් රාජපක්ෂට සහ කිත්සිරි රණවක ගුණතිලකට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එක ලිතක් රුපියල් 5.88ක් වෙනවා. ඔය මුදලට ලිතක් හරිම ලාබයි. ඇත්තටම ලිත් ටික මහජනයාට බෙදුවා නම් ඔතන මුදල් සාවද්‍ය පරිහරණය කරලා නැහැ නේද? (නි)
මේවා මහජන මුදල් නේද? (නි)
දේශපාලනයේ සටකපටිකම් දන්නවා වුණත් ඔය කියන තරම් නරක කෙනෙක් නම් වෙන්න බැහැ (නි)
මේ වෙන දේවල් වලින් නාමල් ,යෝෂිත වගේ මහත්වරු දේශපාලනය ගැන කළකිරෙන්න වුණත් පුළුවන්. පොඩ්ඩක් හිතන්න. අනාගතයේ රට බාරගන්න ඉන්න මේ තරුණ පරම්පරාව සතුටින් තැබීම අපේ යුතුකමක් නේද? (නි)
සනුකි, තරුණ පරම්පරාව කියනවට වඩා හොඳ වචනයක් මට මතක්වුණා (නි)
ලිත් බැරිනම් ඕනෑ දෙයක්. දෙන්නම ඕනෑ නම් තමන්ගේ සාක්කුවෙන් දෙන්න ඕනෑ නේද පොදු දේපල හොරාකන්නේ නැතුව. අනික ඕවා අඩු මුදලට කරවාගෙන වැඩියෙන් බිල් දමා ගණන කපනවා. නීතියෙන් ප්‍රමාද වුණත් හොරුන්ට කර්මය විපාක දෙනවාමයි. (නි)
සනුකි, අපේ රට බාරගන්න උගත් හැදුනු මිනිස්සු අපිට ඉන්නවා (නි)
කොහොම වුණත් මහජනයාට ලිත් මොකටද? අනෙක ඡන්ද කාලෙදි? ලිත් අච්චුගහලා බෙදුවහම මුළු රටම සංවර්ධනය වෙයි කියලා හිතන අයත් රටේ ඉන්නවා වගෙයි. තමන්ගේ මුදල් වගේ මහජන මුදල් හිතුමනාපෙට වියදම් කරන්න බැරි බවවත් දන්නේ නැහැ වගෙයි සමහරු! (නි)
සනුකි, ඒ වගේ මහත්වරු දේශපාලනයට නාවට කමක් නැහැ (නි)
සනුකි, මට ඕකට උත්තර දෙන්න පුලුවන්. ඒත් ඒක මෙතන ලියන්න බැහැ (නි)
මම ඉගෙනගත් පාසලට දරුවා දාගන්න අපිට එක එක්කෙනා පස්සේ යන්න සිද්ධවුණා. නිකන් නෙමෙයි ලක්ෂ ගාණක් දොළපිදේනි දීලා. යහපාලනය වුණාට මොකද තවමත් ඔවුන් නිදැල්ලේ (නි)
වරදක් කරලා නැත්නම් මොකටද බයවෙන්නේ? (නි)
මහජන මුදල් අයතා ලෙස පරිහරනය කිරිම කියන්නේ කොතරමි පාපයක්ද මොකද ඔය කියන සල්ලි ලංකාවෙි ජිවත්වන හැම කෙනෙක්ගෙම සල්ලි ඒ කියන්නේ රජය විසින් පනවා ඇති විවිධ බදු කුලි වැඩ කරන කමිකරුවගේ සිට රජයේ ඉහලම නිලධාරියාගෙන් අයකරගත් මුදල් (අ)
පසුගිය ලොක්කෝ කළ ගැහිලි ගැන පරීක්ෂණ කරලා, දැඩි දඩුවම් දීලා, දැන්වත් නීතියක් තිබෙන රටක් කියලා ලෝකෙටම පෙන්වන්න (නි)
අයවැය වෙනස පියවාගන්න ලෝකයේ බැංකු ගානේ යන්න ඕනෑ නැහැ. පසුගිය කාලේ ගහපු "හතරවරම් ගැහිලි" ගැන පරීක්ෂණ කරලා නැවත ඒ මුදල් ජනතාව සතුකරන්න පුළුවන් නම් හරි (නි)
සාවද්‍ය පරිහරණය කියන්නේ මොකක්ද? සල්ලි අරන් ලිත් ගහල බෙදන්නේ නැතිව සල්ලි වංචා කරලද? (අ)
අම්මා එක ලිතක් බර ගානක් වෙලා තියනවනේ වියදම් කරලා තියන ගන්නේ හැටියට! අනිවාරෙන් නාස්ති කරපු මහජන මුදල් ඒවාට වග කිවයුතු අයගෙන් අයකළ යුතුමයි! (අ)
අපි මොන තරම් දුක් විදලද ලංකාවට සල්ලි එවන්න. ඔය මුදල් අපේ දුප්පත් දනය. කෙනෙක්ගේ කියල හංවඩු ගහන්න පුලුවන්ද. මේ තරම් දුක් විදලත් අපිට තම බැරි වුණා දරුවන උගන්නලවත් රස්සාවක් අරන් දෙන්න. එත් මේ මිනිස්සු මෙච්චර ගානක් වියදම් කරනවා නම්, ළඟ තව කොච්චර සල්ලි ඇද්ද.(අ)
පොදු අරමුදල් ඡන්දවලට වියදම් කිරීම තහනම් කිරීමටත් පුද්ගලික මුදල් වියදම් සීමා කිරීමටත් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි (බ)
හන්දි ගානේ ත්‍රි වීලර් තියාගෙන චාටර් වේවි හිටිය අය පසුගිය අවරුදු 5-6 තුළදී කෝටි ප්‍රකෝටිපතියන් වෙලා.යන එන වාහනයම රුපියල් කෝටිය පන්නල.ඉතින් අනික් අය ගැන කුමට කතාද?දැන් එයාලගේ සිංගප්පුරු ,බැංකොක් ගමන් මාර්ගය පමණක් වෙනස් කළාට ඒ ව්‍යාපාරික ගනුදෙනු ලස්සනට සිද්ධ කෙරෙනවා.යන්නේ කටුනායක ගුවන් තොටුපොලෙන් වුනාට එන්නේ මත්තලින්.දැන්වත් යහපාලනයේ නාමයෙන් නිතිය ක්‍රියාත්මක කරන්න. (බ)
නඩුවේ තීන්දුවෙන් මේ අය වැරදිකරුවන් වුණොත් " ඇපීල් " ගනීවි. ඊටපස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කරන්න කියාවි. ඊටපස්සේ වෛද්‍ය විද්‍යාවෙන් මෙතෙක් සොයානොගත් අරුම පුදුම ලෙඩකින් පෙළෙනවා කියලා දොස්තර සහතිකයක් ඉදිරිපත් කරාවි. (නි)
මේ ඇත්ත තේරුම් ගන්න බැරි නම් එහෙම අය වඩා හොඳයි ආයෙත් හෝඩි පොතේ ඉඳලා ඉගෙනගන්න එක (නි)
මහජන සල්ලි වලින් ලිත් ගහලා, හොඳ නැකත් බලලා, ඡන්ද ආයෙත් දිනාගන්න රාජපක්ෂ සහෝදර සංස්ථාව ගහපු ගැහිලි එළිවෙනකොට අපිට දැනෙන්නේ මහා පිළිකුලක්. මේවගේ ගැහිලි හොයන්න රජය ඉක්මන් වියයුතු වෙනවා. ගහපු සල්ලි ආපසු ලබාගන්නත් කටයුතු නොකළොත් මහජනයා " රජය බොරු කියනවා" කියන දිනය වැඩි ඈතක නොවේ (නි)