‘බැසිල් එක දවසක් රිමාන්ඩ් එකට ඇරියනම් සජිත් ප්‍රේමදාස මාස 10 කට හිරේ යවන්න ඕන. මේ 18 වැනිදායින් පස්සේ අපි ඒක වෙනම බලමු.‘ යැයි ඇමැති එස්. බී. දිසානායක මහතා උඩුනුවරදි ඉරිදා පැවැති උත්සවයකදී පැවසීය.
ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත් කරගත්තා. ඒ අවස්ථාවේ රනිල්ට මන්ත්‍රිවරු 47 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අපිට 127 යි. අපේ සන්ධානයට 146 යි. අපේ මන්ත්‍රිවරු සේරම කෑගහන්න පටන් ගත්තා. අපේ 147 ක් තියාගෙන මොකද කරන්නෙ රනිල්ව ඇදල එළියට දාමු කියල. ඒක බොහොම ලේසියෙන් කරන්න තිබ්බා. නමුත් මම ඒ අවස්ථාවෙ කිවුවා එහෙම කරන්න එපා. අපි රනිල් මලක් වගේ බලාගන්න ඕන. ඒ රනිල්ට ආදරේටවත් එක්සත් ජාතික පක්ෂයට ආදරේටවත් නෙමෙයි. මොකද ඒ අවස්ථාවේ අපිට මැතිවරණය ප්‍රමාද කරගන්න ඇති වුවමනාෙ නිසා. අපි එය ඉතාම සාර්ථකව කර ගත්තා. අපිට අවශ්‍ය වෙලාවට මැතිවරණය ගත්තා. දැන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට යන්නෙ රටේ සංවර්ධනය මුලින් කඩා දාපු සංවර්ධනය නවත්වපු මෑත භාගයේ ලංකාවෙ වෙච්ච ලොකුම හොරකම කරපු පක්ෂය හැටියට මැතිවරණයට යන බවත් මේ ඡන්දය දිනිම පිළිබඳ කිසිම ගැටළුවක් නැති බවත් අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කීවත් වැඩක් නැහැ. 17 න් පස්සේ බලමු. (බ)
ඇත්තටම දිවවල් කීයක් තියෙනවද (නදී)
මේ ටික මේ රටේ කවුරුත් දන්නවා (නදී)
බොරුනම් බලන්න මෙයා 18 වැනිදාට ගෙම්බා වගේ පනින පිම්ම (නදී)
එස්. බී. හොඳටම දන්නවා ඒ අය මේ පාරත් පරදිනවා කියලා. කිව්වා වගේම දෙකක් නැහැ අනිවාර්යයෙන් මේ පාරත් පනිනවා ගෙම්බෙක් වගේ තනියම නෙමේ තව ගැන්සියක් එක්ක. ඔය දේශපාලන බයිලා අපි හැමදාමත් අහනවනේ. (නදී)
බැසිල් කොහෙද රිමාන්ඩ් එකේ හිටියේ. තනිකරම හිටියේ සුව පහසු රෝහල් කාමර වලයි ඇම්බියුලන්ස් එකෙයිනේ (නදී)
ලංකාවේ ස්වීට් වොයිස් එක.(නදී)
මේවා බලලා අපිට පිස්සු හැදෙනවා. මේ මිනිස්සුත් වාසී පැත්තට හෝයියා (නදී)
මේවගේ ප්‍රකාශ වලින් පැහැදිලිවන ඒක කරුණක් තියනවා. වැරදිලාවත් 18 වෙනිදට පරණ අය බලයට ආවොත් රට ජාතිය ගැන කතා කලාට අපේම ජාතියේ යු.ඇන්.පී පාක්ෂකයින් සමුල ඝාතනය කරනවා. ගිය සැරේ කලේ රස්සා නැතිකරන එක විතරයි. මේ සැරේ මහා ලේ විලක් වගුරනවා.(නදී)
යමක් කියන්නට කලින් මෙය කීමෙන් තමන්ටද අනුන්ටද හානියක් වන්නේ නම් නොකිය යුතුය. වචනය පිට උනාට පසු නැවත ආපසු ගත නොහැකිය. එක වතාවකදී උසාවි තීන්දුවක් විවේචනය කර හිරේ හිටියා. ජනාදිපතිවරනයේදී කාගේදෝ රෙදි ගලවනවා කියා අන්තිමට එයා ලග දැනගහුවා. මාලුවා නහින්නේ කට නිසා. (නදී)
දැන් ලංකාවේ චීන්නු නෑ. (නදී)
එක පාරක් චන්ද්‍රිකාට මොකක්දෝ කියල අදිකරණයට අපහාස කලා කියල හිරේ ගියා. ආයෙත් යන්න වගේ කල්පනාව (නදී)
උසාවියට අපහස කරලා මෙයත් හිරේ හිටිය නේද ? ඔය කට තාමත් හැදිලා නැහැ. විශ්වවිද්‍යාල සිසුන්ට මෙයා කුඩැල්ලෝ කිව්වනේ (නදී)
කට කට ! (නදී)
එස් බී දිසානායක දෙපැත්තෙන් කතා කරන කටක් තිබෙන කෙනෙකු බව බහුතරය දන්නවා. වාසිය වෙනුවෙන් ඕනෙම බොරුවක් මොහුට කිව හැකිය (නදී)
උඩුනුවර අපි ඔබ තුමාට යුක්තිය ඉෂ්ට කරන්නන් 18 වැනිදාට (බ)
මෙයාට ඡන්දෙ දෙන උන්ට මඩු වලිගෙන් ගහලත් මදි (බ)
ඔය ඉතින් එයා ඉන්න බව පෙන්නන්නනේ (නි)