පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 20 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට පූගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා අද(6) නියෝග කළේය.
සෑම දෙසතියකට වරක්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කළ මහේස්ත්‍රාත් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කළේය.
බැසිල් උසාවියට @ 15.10
දොම්පේ මාපිටිගම අක්කර 16ක ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචාවක් සිදුවී යැයි සැකපිට හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ පූගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා හමුවට ඉදිරිපත් කැරිණි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඔහු එහි රැගෙන ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් ඉදිරියේදී මෙයාට ඇප දෙන්න මිනිස්සු ගෙන්වන්න වේවි ඇමරිකාවෙන් (නි)
උදේට ඇතු-ලේ....හවසට එළියේ.... මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා....(ම)
නිතිය පිළිබද මහජන විශ්වාසය නැංවිය යුතුය. පලුදු නොවිය යුතුය. වරදකරුවන්ට නිසි දඩුවම එය සුරක්ෂණය කරනු ඇත.(ම)
ඒකනම් ඇත්ත රවින්ද්‍ර... (ර)