හිටපු ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට අද (18) සිට තුන් මාසයක නිවාඩු ඉල්ලා සිටි අවස්ථාවේ අනුර කුමාර දිසානායක (ජවිපෙ ) මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ ඔහු නිවාඩු ඉල්ලා ඇත්තේ කවර හේතුවක් නිසාද යනුවෙනි. කතානායක චමල් රාජපක්ෂ මහතා එවිට කියා සිටියේ ‘ඔව් ඔව් හේතුවත් කීව්වානම් තමයි හොඳ‘ යනුවෙනි
විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා
බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට අද (18) සිට තුන් මාසයක් නිවාඩු අනුමත කරන ලෙස ඉල්ලා සිටිමි.
අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ)
මන්ත්‍රීතුමාට නිවාඩු අවශ්‍ය හේතුව කියන්න බැරිද? එතුමා ගියේ බෙහෙත් ගන්නද ? වැඩි දුර අධ්‍යාපනයටද?
කථානායක චමල් රාජපක්ෂ මහතා
ඔව් ඔව් හේතුවත් කිව්වනම් හොදයි
විපක්ෂ නායක
එතුමා මගෙන් ඉල්ලීමක් කළා. සාමාන්‍යයෙන් නිවාඩු යෝජනා ඉදිරිපත් වු විට කවුරුවත් විරුද්ධ වන්නේ නෑනේ.
යෝජනාව අනුමත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි නිවාඩුවක් කමක්නැහැ. පහුගිය කාලයේ ලවක් දෙවක් නැතුව අපි වෙනුවෙන් දිවා රාත්‍රී වෙහෙසුනානේ. (නි)
ඇයි අර විමල් වීරවංස කිව්වේ අපායට පොඩි නිවාඩුවක් ලැබුණ කියල. (අ)
ඉඳලා ඇතිවුණාම එන්නකෝ (නි)
සමෘද්ධියට සල්ලි හොයන්න යන්න ඇති (බ)
කෙටි නිවාඩුවක් නොවෙයි, දිගු නිවාඩුවක් ගත්තා නම් හොඳයි. (නි)
මාස තුනෙන් පස්සේ ලංකාවට එයිද? (නි)
පස්සේ තව දික්කරන්න කියයිද දන්නේ නැහැ. (නි)
නිවාඩු ඉල්ලීමට හේතුව පිවිතුරු විමසා දැනගන්න. (අ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයෙන් පඩිලබන ජනතා සේවකයෝ නම්, කොහොමද කිසිම හේතුවක් නොමැතිව මේගොල්ලන්ට මාස ගණන් පඩි සහිත නිවාඩු දෙන්නේ? අපිට දින 14 යි. මෙඩිකල් 21 යි. වැඩිය තියෙන්නේ ඉතින් නෝපේ.මෙම ක්‍රමය අසාධාරණයි. මේකත් නව ව්‍යවස්ථාවේදී වෙනස් කරන්න. (නි)
ඡන්දයට වැඩකරලා මහන්සි ඇති (නි)
ප්‍රසුත නිවාඩු නෙමෙයි නේද ? (අ)
ඉතින් නිවාඩු ලැබුණද? (නි)
අතේ තිබෙන සල්ලි වියදම් කරන්නත් විවේකයක් එපැයැ. කොච්චර සල්ලි තිබුනත් මොකටද නිදහසේ වියදම් කරන්න බැරිනම්. (නි)
අහන අහන දේශපාලඥයින්ගේ දරුවො ඉගෙනගෙන තියෙන්නේ ඇමරිකාවේ. එංගලන්තේ. මොකක්හරි පොඩි දෙයක් වුණගමන් හුඟක් දේශපාලඥයින්/ ඔවුන්ගේ ළමයි පිටරට යනවා. එනවා. කොහෙන්ද මේ අයට මේතරම් සල්ලි? මම මේ කියන්නෙ මැති ඇමතිවරු ගැන පමණක් නෙමෙයි. ඊට පහළින් ඉන්න කට්ටියගේත් ළමයි හුඟක් ඉගෙනගන්නේ පිටරටවල. මොකක්ද මේකේ රහස? (නි)
ඉතින් දිගටම නිවාඩු ගත්තා නම් හරිනේ (නි)
මාස තුන ගතවුණාම වසර පහක සේවා කාලය සම්පුර්ණ වෙනවානේ. (නි)
ඔන්න ඔහේ පොඩි විවේකයක් ගන්න (නි)
ඒක ඉතින් එයාගේ කැමැත්තනේ (නි)
පොඩි නිවාඩුවක් ගත්තහම මොකද වෙන්නේ? (නි)
සල්ලි ටික වියදම් කරන්නත් එපායැ (නි)
සේරම ජනතාව ගොනාට අන්දනවා. අවසානයේ අපි තමයි රැවටිලා තියෙන්නේ. මාස තුන ගතෞනාම අවුරුදු 5 සම්පූර්නයි. පෙන්ශන් එකත් හරි. මැති ඇමති වරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය වහාම අහෝසි කරන්න. අවුරුදු 5 ක් කරලා මොන රටේද විශ්‍රාම වැටුප ගෙවන්නේ. (නදී)
පසුගිය කාලේ කාපුවා දිරවා ගන්න නම්, සෑහෙන කාලයක් නිවාඩු ගන්න වෙයි තමයි. (නි)
යන්න තිබුනේ නිවාඩු අරගෙනයි. හොරෙන්ම ගිය එකයි ප්‍රශ්නය (නි)
රෝයි කියනතුරු මටත් මතක නැතිවුණා (නි)
පොඩි නිවාඩුවක් දුන්නාට කමක් නැහැ රට ජාතිය වෙනුවෙන් වැඩකළ මේ අවංක, සත්ගුණවත්, සාධාරණ කිසිවෙකුට කිසි වරදක් නැති මේ මහත්තයාට (නි)
එන්නේ නැත්තේ බයටද? (නි)
අසනීපයක් වේලාද මෙයාට.(හේ)
මොකක්ද නිවාඩු ගිය හේතුව මොකක්ද?(හේ)
බැසිල් නිවාඩු ඉල්ලන්න ඕනෑ ඡන්දය දුන් ජනතාවගෙන්නේ (නි)
මාස තුනක නිවාඩුවක් ඇද්ද? (නි)
කළ වැඩවල හැටියට මහන්සි ඇති. නැත්නම් අපායට ඉන්ටවල් දුන්නද දන්නෙ නැහැ ඉදිරියේදී වැඩ වැඩිවෙන නිසා (නි)
යහ පාලනය නිසා තමා නිවාඩු පවා අනුමත වුණේ මෙයාගේ වැටුපත් මාසේ අන්තිමට ගිණුමට යනවා. අර විරුද්ධවාදීන් ඇදගෙන ගිහින් හිරේ දැම්ම කාලේ ඉවරයි. (දිල්)
කොහොමටත් මීළඟ මහා මැතිවරණයෙන් පස්සේ එයාට දිගටම නිවාඩු යන්න වෙයි. (නි)