ජනාධිපතිවරණයෙන් පසු රටින් බැහැරව ගිය හිටපු ජනපති සොයුරු බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමට රජය ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි.
ඇමරිකා පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ පසුගිය ජනවාරි 11 වැනිදා අළුයම සිය බිරිඳ පුෂ්පා රාපක්ෂ සමග රටින් පිටව ගියේය. ඔහු ඇමරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තයේ වාසය කරයි.
ඔහුට එරෙහිව බරපතල මුල්‍ය වංචා චෝදනා ඇතැයි ඇමති මන්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ‘‘ෂිංහුආ‘‘ චීන ප්‍රවෘත්ති සේවය සමගද පවසා ඇත.
බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සමග එක් වී බරපතල ලෙස මොහු මුදල් වංචා කර ඇතැයි එම පැමිණිලි වලින් සඳහන් වෙතියි සේනාරත්න මහතා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝයිගේ කතාව ඇත්ත (නදි)
හොද වැඩක්. මහජන මුදල් කොල්ල කන අයට (නදී)
රටට දැයට වැඩක් කරපු කෙනකුට නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ (දිල්)
ඉන්ට පෝල් හරි යන්ට පෝල් හරි ගහමු පොල් හරි ආවම බලමුකෝ. යක්කුන්ට බය පෝල්ලා සොහොන් වල නෝ මේක් හෝම්ස්. (නදී)
ඡන්ද ප්‍රථිපල පිට උන ගමන්ම හොරෙක් වගේ රටින් පැන්නේ මොකොද කියල දැන් කාටකාටත් පැහැදිලි ඇති නේද? රටේ හිටියා නම් "මහ උළුගෙදර රසබොජුන්" කන්න වෙන බව දන්නා නිසා නේ "වන්වේ ටිකට්" එකක්, ඡන්දෙට කලින්ම අරගෙන බලා හිටියේ (නදී)
අරයත් අවසර දුන්නද ? (නදී)
බොරුවට සද්ද දාලා අන්තිමට නිකම්ම සද්ද නැතුව යයිද කියලයි අපිට බය (නි)
ඕක මහා ලොකු දෙයක් යැ.ප්‍රශ්න කළා . උත්තර දුන්නා . එච්චරයි (අ)
හොඳ නම් තමයි.හැබැයි ඕවා වෙයිද දන්නෙ නැහැ (නි)
මේ අයට දඬුවම් දෙන්න කොච්චර කල් ඉන්න වේවිද දන්නෙ නැහැ (නි)
රෝයිගේ කතාව සියයට දාහක් හරි (නි)
අපි මැදපෙරදිගට වෙලා දරු පවුල් වෙනුවන් කාන්තාරේ දුක්විඳලා එවන සල්ලි පිල්ලි ගහන අය ගැන මට නම් කියන්න තියෙන්නේ දෙවියන්ට පමණයි (නි)
මුලින්ම ගුවන්තොටුපළේ සහය ගත්තනම් ඕක ඉවරනේ (නදී)
රාජපක්ෂ වරුන් රටට කරලා තිබෙන විනාසයේ තරම තවම තේරුම් ගන්න බැහැ. ඒ තරම් විනාසයක් මෙරට සහ ජාතියන්තරව කරලා තිබෙනවා. සියලු පරීක්ෂණ ඉවර උනහම සමස්ත ජනතාවටම තේරුම් ගන්න පුළුවන් වේවි. (නදී)
ලෝකයේ දරුණු ත්‍රස්ත කණ්ඩායම් වලට අවි සහ කුඩු විකුණු අයගේ විස්තර අන්තර්ජාලයේ තිබෙනවා. අනිවාර්යෙන්ම බලන්න. (නදී)
අපේ දහදිය මහන්සියෙන් උපයන මුදල් වංචා කරපු අයට වැහි නැති හෙන ගහන්න ඕනේ. එ්ක රාජපක්ෂ වරුන්ටත් එකයි අනික් හොරුන්ටත් එකයි. (නදී)
මිනීමරු ප්‍රභාකරන්ලා 35 දෙනෙකුට අවරුදු 35 කදී කරන්න බැරි උන විනාශයක් මේ අය කරලා තිබෙනවා කියල මොලේ කළදක් තිබෙන ඕනෑම කෙනෙකුට වැටහෙනවා. (නදී)
ස්විස් බැංකු වල අපි කන පාන් කෑල්ලෙන්, පරිප්පු ටිකෙන් හාල් ටිකෙන් ගහපු බදු මුදල් ඩොලර් ප්‍රකෝටි ගණනින් තැන්පත් කරපු 92 නගේ විස්තර සති අන්ත පුවත්පතකින් හෙළි දරව් කරලා තිබෙනවා. බලන්න. (නදී)
රටට කරලා තිබෙන විනාශයේ තරම අනුව රාජපක්ෂවරු නැවත ලංකාවේ දේසපාලනය කරන්න ඕනෙම නැහැ. (අ)
තිලක් - ඩුබායි ඒවා දැන්වත් කියවල දැනගන්න වුවමනාවක් සමහරුන්ට නැහැ. තවමත් අර ඡන්ද ලක්ෂ 58 මතක් කර කර අනේ අපොයි කියා ගත්ත ගමන්. තවත් සමහරු පොදු අපේක්ෂකයාට ඡන්දෙ දීපු අයගේ මි මුත්තන් මතක් කර ගත්ත ගමන්. (අ)
ඡන්දේ දිනපු ගමන් රට පැනිමයි මෙම බරපතල දූෂණ චෝදනායි අතර ඇති ප්‍රබල ධනාත්මක රේඛිය සම්බන්ධය දැන් තමයි හරියටම තේරෙන්නේ. අපිම හම්බ කරපු, අපිට සහන දෙන්න තිබුනු මුදල් නේද මේකෝටි ගණන් එහා මෙහා වෙලා තියෙන්නේ. (අ)
තිලක් ගේ කතාව හරියටම හරි. මේ අය කරපු අපරාදයට දෙයියන්ගෙන් කිසිම ගැලවීමක් නැත (අ)
පුහුල් හොරා කරෙන් දැනේ කියලා අපේ මි මුත්තෝ කියලා තියෙන්නේ කට කහනවටැයි.(අ)
මහින්ද මහත්තයා යුද්දෙට දේශපාලන නායකත්වය දුන්නා. ගෝඨාභය මහත්තයා යුද්දෙට සෑහෙන දායකත්වයක් ලබලා දුන්නා. මෙතුමා ඇමරිකාවට වෙලා ඉඳලා හොඳම කාලේ ලංකාවට ඇවිත් ඇමතිකමකුත් අරගෙන මේ කියන විධියට බරපතල ලෙස දූෂණ චෝදනා ලබලා ඡන්දෙ පැරදුන ගමන් පැදුරටත් නොකියා ඇමරිකාවට ගියා. (අ)
සද්දේ තරමට වැඩ නැහැ ,ඕකත් ටෙලි ඩ්රාම එකක් තමා.හේතුව තමා ලංකාවේ ඉන්න බුම්මට්ටයෝ නිසා. (අ)
මේකත් ටෙලි නාට්‍යක කොටසක් වගේද ?(දිල්)
අපරාදේ! 9 වෙනිදා උදේ කිවුව විදියට ගුවන් තොටුපොළ වැහුවා නම්, අශ්වයා පනින්න කලින් ඉස්තාලය වහන්න තිබුනා (නි)
පුදුම වැඩේ කියන්නේ හොරකම් නොකළ අය ඉන්නේ අතේ ඇඟිලි ගාණටනේ! (නි)
මේ වගේ මිනිස්සු ගැන කතා කරලා අපි ගහමරා ගන්න එක තේරුමක් නෑ නේද (දිල්)
මම මේ කල්පනා කරේ, ඇසිලින් නෝනා බන්දුල පෙරේරා දන්නා ඉංග්‍රීසි වචන ගැන. (අ)
කර්මය පළදේ. රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලට කළදේට දෙවියන් රවටන්න බැහැ කවදාවත්. (නි)
මෙතන සමහරු කියන්න වගේ ඇයි 9 වෙනිදා ගුවන් තොටුපොළ වැහුවේ නැත්තේ? (නි)
අනේ පව් බැසිල් හරිම අහිංසක මිනිහෙක් එයා මේවගේ ජරා වැඩකරන්නේ නැහැ. නිකම් බොරුවට මිනිසුන්ට පද හදන්න එපා (නදී)
ඩුබායි තිලක් සැහෙන වෙහෙසක් ගන්නවා රට වෙනුවෙන්. මුලින්ම එල්ටීටීඊ එකට අවි විකුණු අය ගැනත් විස්තර තියෙනවද? අනික් අතට රාජපක්ෂලා තමා එල්ලුම්ගස් අරින්න ඕන අහිංසක ප්‍රභාකරන් මහතාව කරදරයට දැම්මට. ඉඳල හිටලා හොඳ බෝම්බයක් පුපුරන්නේ නැති නිසා හිතට අමාරු වගේ (නදී)
මේවා දේශපාලන වාසි ගන්න කියන කතා. බැසිල් රාජපක්ෂ යුද්ධය වෙලාවේ නිහඩව ලොකු කාර්ය බාරයක් කළා. උතුරේ සංවර්දනේටත් ලොකු දායකත්වයක් දුන්නා. කොටින්ම ලංකාවේ සංවර්දන වැඩ බොහොමයක් එතුමාගේ මග පෙන්වීමෙන් සිදුකළා. ඒ හැමදේම අමතක කරන්න එපා. වටේ හිටපු අය කරපු ඒවාට එතුමා පලි නැහැ (නදී)
බැසිල් කියන්නේ නිකම් ගණුදෙනු කාරයෙක් විතරයි. ඔහු අරගලකරුවෙකු නොවේ. ඔහුට දේශපාලන දැක්මක් හෝ දේශපාලන දර්ශනයක් නොමැත. දේශපාලන දැක්මක් දර්ශනයක් ඇති නියම අරගලකරුවන් සටන්කරුවෝය. ඔහු තමන්ගේ අරගල අත්හැර පලා නොයන්නෝය. අරගල බීමේදීම ජීවිතයෙන් සමුගත්තද අරගලය පාවා දීමට හෝ අරගලය අතරමග නවතා දමා පලා යාමට කටයුතු කරන්නේ නැත. එසේ කරන්නේ අරගලකරුවන් හෝ වීරයන් නොව ගණුදෙනු කාරයන් පමණකි. මන්ද ගණුදෙනුකාරයෙන් ද දේශපාලන දර්ශනයක් හෝ දේශපාලන දැක්මක් නැති බැවිනි. ගනුදෙනුකරුවන්ට ඇත්තේ හුදෙක් වෙළද ගනුදෙනුවකට වඩා එහා නොගිය චින්තනයක් පමණක් බැවිනි. ඒ නිසාම බැසිල් ගනුදෙනුකරුවෙකු මිස දේශපාලනඥයෙකු නොවේ.(දිල්)
දැනට රට තුළ ඉන්න අයට ඇති පැමිණිලි වලට වග විභාගයක් නැතිව විදෙස් ගත අයට මොන නඩුද? මේවා කාලය මරන්න කරන වැඩ. මහා ඡන්දය ළඟ එන නිසාත් නැවත වේදිකාවේ කියන්න ඕන නිසාත් මේවා විභාග වෙන්නේ නැහැ. මහා ඡන්දයකින් පස්සේ මේවා කතා කෙරෙන්නෙත් නැහැ. එහෙම දෙයක් කීවද කියල අපෙන් අහයි. ලංකාවේ පොරොන්දු දේශපාලනය ඉතා පිළිකුල් සහගතයි. (අ)