(මනෝප්රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා වෙනත් උසාවියකට යොමු කිරීම සම්බන්ධයෙන් වු තීන්දුව බදාදා (15) ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (13) දැනුම් දුන්නේය.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කරුණූ ඉදිරිපත් කරමින් නඩුව මෙම අධිකරණයේ විභාග නොකොට එය විභාග කිරීම සඳහා වෙනත් අධිකරණයකට යොමු කරන්නැයි කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් විනිසුරු එලෙස නියම කළේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
මෙම විත්තිකරුවන් දෙදෙනාටම එරෙහිව නීතීපතිවරයා විසින් මෙම චෝදනාවම යටතේ මුලින් නඩුවක් පවරා තිබු අතර තාක්ෂණික දෝෂයක් බව කියමින් නීතීපතිවරයා විසින් එම නඩුව ඉල්ලා අස්කර ගත් අතර ඉන් දින දෙකකට පසුව එම තාක්ෂණික දෝෂය නිවැරදි කරමින් නිතීපතිවරයා විසින් යළිත් වරක් නඩු පවරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මේ ගොල්ලෝ හොරකම් කලෙත් නැහැ.. කරන්නෙත් නැහැ.. මේ ගොල්ලෝ පව් අහිංසක අය... අපි මේ ගොල්ලන්ට තව සැරයක් බලය දෙමු. ගිය සැරේ හොරකම් කලේ නැතිනිසා ඊළඟට බලය දීලා හොරකම් කරන්න කියමු. පව්නේ මෙයාලා.
අයිතිකාරයා නැති මාළිගාව පොත ලිව්වේ මෙයා තමයි.
දහම් මහතා, අර මල්වානේ මාලිගයට අයිතිකාරයෙක් නැතිව ගියේ ඒක ගෙනියන්න බැරි නිසා වෙන්න ඇති නේද? බැඳුම්කර හොරුන්ට හොරු කියන්නත්, වෙනත් හොරු නොවෙන්නත් හේතුව තේරුම් ගත නොහැකිය. අපේ රටට වාසනාව ගෙනඑන්නේ මේ කොයි කෙනාටත් හොරා කියන්න ජනතාව තේරුම් ගත් දවසකය.
මීට වඩා හොඳයි බැසිල්ටම නඩුව අහගන්න දෙන්න..
මේ නඩුව ඇමරිකාවේම උසාවියකට භාර දුන්නා නම් නඩුත් අහලා දඬුවමුත් දීලා, නිෂ්පාදකවරයෙක් චිත්‍රපටියකුත් ගහලා, මේ වෙනකොට ලෝකේ පුරාම ප්‍රදර්ශනය කරලත් ඉවරයි.
රටේ සම්පත් මංකොල්ලකන සියලු දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා, නඩුව 2020 මාර්තු මාසයට කල් තබයි. ඔබලාට සතුටුද ?
දහම්, සත්‍යයා, සත්‍යපාල, බමුණු මේ හැමෝම එක්කෙනෙක් ඒ වගේම පා.ම. මහින්දට කඩේ යන කෙනෙක්.. මැද මුලනේ කට්ටිය හොරකම් කලේ නැද්ද ඒ ගොල්ලෝ කම්බා හොරු. මට තාම හිතාගන්න බැරි මෙයාගේ අයියට අයිති මාගම්පුර පොර්ට්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් ගැන කිසිම තැනක කිසිම දිනක සඳහන් නොවන්නේ ඇයිද යන්නයි. මොකද මේ ගැන කවුරුවත් දන්නේ නැහැ . හම්බන්තොට වරාය, වරාය අධිකාරියට අයිති නැහැ. එක අයිති 30% මාගම්පුර කාරයට එයා කවුද?අයි මේවා එලියට එන්නේ නැත්තේ.
මෙව්වා ඔක්කොම ආටක නාටක! අවසානේ නටපු තොවිලයකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. මේවට හුරේ දාන එවුන්ගේ ලේ පිච්චෙනවා විතරයි!