හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කඩුවෙල උසාවියේ ඇති නඩුවකට රිමාන්ඩ් භාරයේ සිටින බැවින් ඔහුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ පවරා තිබූ රුපියල් මිලියන 29ක් අවභාවිත කළ බවට වන නඩුවට අද(22) පැමිණිය නොහැකි බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
ඒ අනුව නඩු විභාගය දෙසැම්බර් 6 වැනිදාට කල් තැබීමට මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය නියෝග කළාය.
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් අවභාවිත කරමින් පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ලිත් මුද්‍රණය කළැයි ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.
එම නඩුවට අදාළව දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකද රිමාන්ඩ් භාරයේ සිටින බැවින් අද උසාවියේ පෙනී සිටීමට නොහැකි බව නීතිඥවරුන් මගින් දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා හා සල්ලාපයේ යෙදුන වැඩිදෙනෙකුගෙන් කියවුණේ මේ එක නඩුවකවත් තීන්දුවක් ඊළඟ මහා මැතිවරණයට පෙර ප්‍රකාශයට පත්වේද යන්න ගැන සිතා ගැනීමටත් නොහැකි බවයි. ඊළඟ මහා මැතිවරණයට පසු මේ නඩු අහෝසි වෙතැයි ඔව්හු සිතති. (නි)
රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවෙක් අවශ්‍ය වෙලාවට උසාවියට ඉදිරිපත් කරන්න බැරිවීම ගැන අපි පුදුම වියයුතුද? (නි)
වැරදිකරුවන් තමන්ගේ නඩු කල් යනවාට ඉතා කැමතියි. කල් යන්නේ නැත්නම් කල් ගැනිමටද ඔවුන් රුසියෝ වෙති. (හේ)
ඔය වගේ සාමන්‍ය මනුස්සයෙක් අධිකරණය මඟ හැර හිටියා නම් මොකද වෙන්නේ.(හේ)
රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ලිත් මුද්‍රණය කළේ කාගේ සල්ලිද මේ? අනේ අපි ගෙවන බදු වලට වෙලා තියෙනදේ (හේ)
රිමාන්ඩ් භාරයේ හිටියේ නැත්නම් නඩුවට එන්න වෙන්න ඇති ඉන්න ඇත්තේ (හේ)