රටේ ජනතාවගේ ඉල්ලීම පරිදි තවත් අවුරුදු පහකට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වන බවත් බැසිල් රාජපක්ෂ අවසාන කාලයමේ යන විදිහට සිතා ගත හාකි බවත් ඡායා කැබිනට් ලත් තැනම ලොප් වී ඇති බවත් ග්‍රාමීය සංවර්ධන ඇමති පි. හැරිසන් මහතා අද (09) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පවිත්‍රතාවය ගැන හදිසි සොයා බලිමකට පැමිණි අවස්ථාවේ දී හෙළි කළේය.





COMMENTS
මෙයාගේ කටට නම් මම කැමතිම නැහැ (නි)
දැන් දැන් විනෝද සමය රඟදක්වන පිරිස වැඩියි වගේ (නි)
ඔව්. අවසාන කාලය තමයි මේ. එයාලා විඳවනවා. ඒක විශ්ව නීතිය. අර්ජුන් මහේන්ද්‍රන් නිසා මුළු රටේම ජනතාව විඳවනවා. ඒ මහා පාපකර්මය විඳවන්න, ඔය වැරදි ගැන කතා නොකර (නි)
බලයේ ඉන්න කොට කවුරුත් හිතන්නේ තමන්ට අවසානයක් නැහැ , සැමවිටම තමන්ගේ විරුද්ධ වාදීන්ගේ අවසාන ගැන තමයි අවධානය. (බ)
මෙහෙමත් විහිලු චරිත.මෙයාලට වෙන කතා කරන්න දෙයක් නෑනේ. තාම එකම පදේ ගගහ ඉන්නවා.ජනතාව රවට්ටලා බලය අරගෙන දැන් මොනාද මේ කියවන විහිළු (බ)
අනුන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගත්තොත් නරකද මහත්තයෝ.(හේ)
අනුන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කරානම් නේද හොද?(හේ)
අනේ! අනුන්ගේ කිල්ලෝටේ හුණු හොයන්නේ නැතුව වැඩක් බලාගන්නවද? නිකන් පිස්සු දොඩවනවා. (නි)
මෙයාලා රාජපක්ෂ කියන නමටත් බයයි. කතා කරනවිට තැනට උචිත දේ කතාකරන්න. ආර්ථික මධ්‍යස්ථානයට ගියා නම් එතනට ඕනෑ දේ කතා කරනවා. (නි)
පවිත්‍රතාවය ගැන සොයාබැලීමට ආවා නම් ඔතනදි මොකටද අවශ්‍ය නැති කෙනෙක්ව පවිත්‍ර කරන්න හදන්නේ. නොහැකියාවනේ. (නි)
ඔයාලා හිතාගෙන ඉන්නේ ඔයාලට තව අවුරුදු 5 ක් ලැබෙයි කියලද? බලා ඉන්නකෝ කට අැරගෙන, මේ 5 ත් යන්න කලින් ඉවරවෙයි වගේ (නි)
ඔය කවුරු කවුරුත් ගැන අපි දන්නවා (නි)
සිංහලයන් කියන බලපෙරේත දේශපාලන පක්ෂවලට බෙදුණු, දේශපාලකයන්ගේ මේ කුළල් කා ගැනීම නිසා සිංහලයාගේ අවසානය නම් ළඟාවෙමින් තියෙනවා. (නි)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් කෝප් සභාව සිදුකරන ලද පරීක්‍ෂණ වාර්තාව කෝ? අපිට එය දැනගන්න අවශ්‍යයි (නි)