මහින්ද රාජපක්‍ෂ මහතා ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම භාරගෙන විදේශගතව සිටි බැසිල් රාජපක්‍ෂ මහතා දැන් නැවත පැමිණ පක්‍ෂයට තුන්වැනි පරාජයත් ලබාදෙන්නට උත්සාහ කරමින් සිටින බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා අද (23) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රාජ්‍ය බලය ලබාගැනීමටනම් පළමුව කළ යුත්තේ බිම් මට්ටමේ බලය ලබාගැනීම සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයගැනීම බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් පක්‍ෂයේ සිටලූ දෙනා ඒකරාශී විය යුතු බව ද සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට අපේක්‍ෂකයින් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන මාසයේදී ආරම්භ කිරීමට පක්‍ෂය පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා කීවේය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපති මෙන්ම රටේ ජනාධිපතිවරයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පක්‍ෂයේ සියලූ දෙනා ඒකරාශී කරගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. සම්මුඛ පරීක්‍ෂණ ජූලි 12 වැනිදා සිට ආරම්භවීමට නියමිතයි. පක්‍ෂයේ බිම් මට්ටම ශක්තිමත් කර ජයග‍්‍රාහී මැතිවරණ ව්‍යාපාරයකට පක්‍ෂය මෙහෙයවීම අපේ අරමුණයි.‘ යැයි ද ඔහු කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද හොඳ කවුද නරක කියලා මහජනතාව දන්නවා. ඒ නිසානේ තමුන් ආසනෙත් පැරදුනේ. දැන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. (නි)
ලෙස්ලි, එ්ක තීරණය කරන්නේ ජනතාව. චන්ද්‍රිකා හෝ ජේ ආර් නොවේ. බල තණ්හා ඇති අය බළලුන් ලවා කොස් ඇට වුණත් බාවනවා. ජාතිය වුණත් පාවාදෙනවා. 1815 වුණෙත් ඒක තමා (නි)
බැසිල්ට විතරක් තනිවම ඕක කරන්න පුලුවන්වෙයිද? (නි)
සදාකාලිකවම ජනපතිකමේ ඉන්න නීති වෙනස්කළේ මහින්ද නේද? අනේ මෙහෙම තණ්හාවක්! (නි)
ලංකාවේ ඉන්න ජනතාවගෙන් වැඩි හරියක් තවමත් ජීවත්වන්නේ ගෝත්‍රිකයින් විදිහට. ඒ වගේ රටක ජීවත්වන අයට මොන ඡන්දද? අනික මෙතෙක් කලක් අඩු වැඩි වශයෙන් දේශපාලනය කරපු දේශපාලුවන් හොරුන් දුෂිතයින්ට ඡන්දය දෙන්නට තරම් ලංකාවේ ඉන්නේ මන්දබුද්ධිකයින්ද? මේ රට කිසිම දවසක හැදෙන රටක් නොවෙයි. (නි)
කාට කාටත් රටේ නීතිය ඵක සමාන කළා නම් අපේ ඇමතිවරු අවමානයට ලක්නොවන්නට ඉඩ තිබුණි. එය ඉටු කරන්න දැනටමත් පමා නොමැත (නි)
අනේ අපි මොකටද මේවට උත්තර දෙන්නේ?? (නි)
ජනතාව නම් සැමදා පරාදය (නි)
ජනතාව ගෙඩිය පිටින්ම එපා කියලත් මෙයාලා පිං ඇමතිකම් අරගෙන ආවනේ ලැජ්ජා නැතුව පාර්ලිමේන්තුවට ..... (නි)
අනේ මගේ කට! තමන්ගේ තත්ත්වය තේරුම් ගත්තොත් හොඳයි (නි)
අනේ ඔයාගේ වැඩක් ඔයා බලාගන්න..අපිටත් බැසිල්ව එපා තමයි..ඔය කව්ද කියලත් අපි දන්නවා..බැසිල් කව්ද කියලත් අපි දන්නවා..අපි යන පාරේ අපි යන්නම්..මේ පාර..(බ)
කවුරු කොහොම කිවත්,කවුරු පක්ෂ හදාගෙන ආවත් ජනතාව තමයි තීන්දු කරන්නේ සුදුස්සා කවුද කියන එක අපිට ඔය මාධ්‍ය සන්දර්ශන වැඩක් නැහැ (බ)
ඔයාලත් කරන්නේ, මේතාක් කරලා තියෙන්නේ ඔය බැසිල්ලා කරන්න යනවා කියනදේම තමයි! (නි)
දැන් මේ විදිහට කියලා ඒ පැත්ත හොඳ වෙනකොට හෙමිහිට මාරුවෙයි. අපි නොදන්න ලයිව් කිවුවලු. (නි)
එ්ක ඉතින් කියන්න දෙයක් නෑ. ඔයාලත් මිට පහකට ඉස්සෙල්ල ඒ අයට සේවය කළානේ. (බ)
ඔය කියන ශ්‍රීලනිපේ නැතිවෙන්න දෙයක් කොහෙද තියෙන්නේ. (නි)
බැසිල් විතරද නරක? පුලුවන්නම් එක නමක් කියන්න පිරිසිදු චරිතයක්. බැසිල්ගේ වරදක් නැහැ. (නි)
හරියට හරි මුන් තමයි අප්පච්චි මළා කියල පක්ෂේ නැති කළේ (බ)
එදා කතා වෙනයි. අද කතා වෙනයි . පැදගෙන යන ඔරුව පෙරලුනාට පස්සේ ඒ පිට නැගගත් කෙනෙක් , ඒක ඒ පැත්තට වැඩිය මේ පැත්ත තමයි හොඳ කිව්වලු. (බ)
දැන් ප්‍රධාන පක්ෂ දෙකම එකට වැඩ කරන නිසා, බැරිද අපේක්ෂකයෝ වැදගත් උගත් ලිස්ට් එකකින් දෙපක්ෂටම තෝරාගන්න කටයුතු කරනවානම් .... එතකොට කව්රු දිනුවත් මෝඩයෝ, හොරු, සල්ලාලයෝ, කුඩු කාරයෝ, මැරයෝ අයින් කරගන්න අඩිතාලම දැමීමක් වෙවිනේද... (බ)
මේ වගේ අයව ආරක්ෂා කරන්න ගිහින් තමයි මහින්ද මහතා නැතිවුණේ. ජනතාව කුණු කූඩයට දැම්මට පස්සේ පිනට මන්ත්‍රීකමකුත්, ඇමතිකමකුත්, කෝටි ගණන් වටිනා සැප වාහනත්, සියලු පහසුකමුත් දුන්නාට පස්සේ ඉතින් දුන් කෙනාගේ පිටනොකසා වෙන මොනවා කරන්නද? (නි)
පක්ෂ නම් කව්රු කෑවත් රටේ මිනිසුන්ට වැදගත් නැහැ. හැබැයි පක්ෂයයි රටයි දෙකම කන ඔබතුමාලා ගැන තමයි රටේ දැන් අවදානය තියෙන්නේ (නි)
මෙතුමාගේ කතාව ඇත්ත (නි)
පක්ෂයේ ජය ගැන කතාකරන්න කලින් තමන්ගේ ජය ගැන උනන්දු වුණොත් නේද හොඳ? (නි)
මහජනයා ඉදිරියට විත් කතාකොරන්න ඔබට අයිතියක් නැහැ කියා ඔබට සිතෙන්නේ නැද්ද? ඔබව මිනිස්සු පන්නා දැමූ බව අමතකද? (නි)
සමහරු නම් දැන්මම බයවෙලා වගේ... (නි)
දැන් බැසිල් මහින්ද වැඩක් නැහැනේ ඔයාලට. ඔබතුමලා මේ පාර ඡන්දෙන්වත් දිනලා පෙන්නන්න ඔයාලගේ හැකියාව. ඔබතුමාලා දැන් මාස 15 ක් තිස්සේ ජනතාවට කරපු එක දෙයක් කියන්න බලන්න (නි)
අපිට නම් තේරෙන්නේ එකදෙයයි. මේ හැමෝම එකතුවෙලා කවදාහරි අපිට රටක් නැතිකරනවා (නි)
ජේ.ආර්. සහ චන්ද්‍රිකා බලය අහිමිවුණාට පස්සේ පැත්තකට වුණා. නමුත් මහින්දට තවමත් බලතණ්හාව (නි)