නීති ගරුක පුරවැසියකු ලෙස තමාට එරෙහි පරීක්ෂණවලට පෙනී සිටීමට ලංකාවට ආ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටේ දී තුන් දහසක පමණ ආධාරකරුවන් අමතමින් පැවසීය.
ප්‍රභූ පර්යන්තයෙන් එළියට ආ ඔහු එහි කෙළවරේ වසා ඇති ගේට්ටුව (වීඅයිපී බැරියරය) යටින් රිංගා පිටතට පැමිණියේය. හිටපු ඇමැතිවරයාගේ ආධාරකරුවන් පොරකන නිසා එම බැරියරය වසා තිබිණි.
ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඇති කහ පැහැ මල් පිපුණු ගසක් වට කර තිබූ කණ්ඩියක් මතට නැගි රාජපක්ෂ මහතා අත හිමි නමක් පිරිත්නූල් බැඳීය.
මහින්ද රාජපක්ෂ රාජයේ ප්‍රභලයකු වූ ඔහු පිළිගැනීමට එම රජයේ සිටි පුභලයන් කිසිවෙක් පැමිණ සිටියේ නැත.
(වීඩියෝ දීපා අධිකාරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් යල් බලා ආවේ. ගැටළුවක් නැතැ කියා සිතනවා. (ත)