පසුගිය 13 වැනිදා සවස මීගමුව සිට කොළඹ දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථය මඟීන් සමග මහ මග දමා දිවූ බව කියන රියදුරු සහ කොන්දොස්තර ජා ඇල පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
මෙම බස් රථයේ ගමන් කළ මගියකු 119 අංකයට ඇමතුමක් ලබාදී රියදුරු හා කොන්දොස්තරවරයා බීමත්ව මගීන්ට තර්ජනය කළැයි දැනුම්දී ඇත. ජා ඇල නගරයේ සිටි පොලිස් නිලධාරීන් දුටු රියදුරු සහ කොන්දොස්තර මඟීන් හා බස් රථය දමා පැන යාමට උත්සාහ කිරීමේදී අත් අඩංගුවට පත්ව ඇත. පොලිසියට පැමිණිලි කිරීම නිසා ‘‘උඹලා කැමති විදියකට පලයල්ලා“ යැයි කී බවද මගීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අලුත් දේවල් නෙවෙයි.(හේ)
දසුන්, අපි නම් දන්නවා. ඒත් ඉතින් අපි කාටද කියන්නේ? (නි)
බොහොමයක් රියදුරන්ට මත් ද්‍රව්‍ය තේ බීමට නවත්වන කඩවලින් දෙන බව දන්නවද? (ර)
මත්පැන් බීවට මත් වෙන්නේ නැතිනම් ප්‍රශ්නයක් නැහැ වගේ මේ දෙදෙනාව පොලිසියෙන් අත් අඩංගුවට ගත්තට බීමත්ව සිටි බවට නම් මෙතැන සදන්හන් වෙන්නේ නැහැ. අපි බලමු වැඩි විස්තර ලැබේවිද කියලා. (ර)
මට නම් හිනා වැඩේට.මාරු ඩබලක් මුන් දෙන්න බලන් යද්දී.(හේ)
මඟීන් එකතුවෙලා දඬුවම දෙන්න ඕනෑ. නමුත් එක මඟියෙක් කතාකරනවද? කසාය බීපු ගොලුවො වගේ බලාගෙන ඉන්නවා. තව කෙනෙක් කතා කරනකොට, වචනයකින්වත් උදවුවක් නැහැ. (නි)
දුර ගමන් යන බස් රථ තේ බීමට නවත්වන කඩවලින් රිදුරුට හා කොන්දොස්තරට කෑමට සිගරට් වලට අමතරව මත් පැන් දෙන බව දන්නවද? (ර)
දෙදෙනාටම උසස්වීමක් දීලා ලංගමයට බඳවාගන්න වටිනවා (නි)
නිමල්,ලංගමයට නම් මෙවැනි අය නැතුවට කමක් නැහැ. (නි)
මේ වගේ වගකීමක් නැතුව වැඩකරන අයට දෙන්න තිබෙන හොඳම දඬුවම දෙන්න ඕනෑ (නි)