IMG-LOGO

බසයට ගල් ගසා කම්බස් වෙයි

කල්පිටියේ සිට අකරපත්තු දක්වා මගීන් ප්‍රවාහනය කළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බසයකට පාලවිය කරඹ ප්‍රදේශයේ දී ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි රියැදුරා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. ගල්ප්‍රහාරය එල්ල කළ අයකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

226  227



අදහස් (0)

බසයට ගල් ගසා කම්බස් වෙයි

චතුරංග Saturday, 11 October 2014 09:27 AM

ගල් ගහන්න ඕනි මේ සමාන්‍ය ගාස්තු එ්වාට නොවේ. (හේ)

:       0       0

යුවනිකා Saturday, 11 October 2014 10:49 AM

අපේ බස් වලට ගල් ගහනවා. ඔන්න පොඩි කාර්වල මිලත් වැඩි කරන්න යනවලු. අපිටමයි වෙන්නේ. (හේ)

:       0       0

ජනිත Saturday, 11 October 2014 11:21 AM

මාර දුරක් යන බස් එකක්නේ. පුත්තලමේ ඉදලා යනවා අම්පාරටම. පවු රියදුරු මහතා. (නදී)

:       0       0

චමත් ඉතාලිය Saturday, 11 October 2014 11:30 AM

රාමා, ඔයාට මිනිස් ජිවිතයේ වටිනාකමක් දැනෙන්නේ නැහැ වගෙයි පේන්නේ. බස් එක හදා ගන්න පුළුවන්නේ ගල ගහපු කෙනාව මරන්න කියන්නේ ඇයි? (නදී)

:       0       0

රාමා Saturday, 11 October 2014 11:51 AM

නීතිය කරන්න පොලිසිය ඉන්නවා.(හේ)

:       0       0

අසංක Sunday, 12 October 2014 04:25 PM

එක හදන්නත් මහජනයාගේම සල්ලි තමයි.(හේ)

:       0       0

ලක්නාත් Saturday, 11 October 2014 12:31 PM

බල පුලුවන්කාරයන්ට මිස පොඩි මිනිසුන්ට කොහොද නීතියක්.(හේ)

:       0       0

බෙනට් Saturday, 11 October 2014 12:43 PM

මේ වගේ මිනිස්සුන්ට දැඩි දඬුවම් අනිවාර්යෙන්ම දෙන්න ඕන..(හේ)

:       0       0

කින් බෙනට් Saturday, 11 October 2014 12:46 PM

කරපු වැඩේ නම් 100% ක් වැරදියි ..හැබැයි මේ බස් එක නවත්වල තියෙන විදියේත් විශාල වැරදි 2 ක් තියෙනවා .... ලංකාව හින්ද ප්‍රශ්නයක් නැති වුණාට ..(අ)

:       0       0

චමත් ඉතාලිය Sunday, 12 October 2014 06:45 AM

ටෙනිසන් මහත්මයා, මම කිව්වේ ගල වැදිලා රියදුරුට පමණක් තුවාල වීම සම්බන්දව පමණයි. ඒ ගල වැදිලා බස් එකේ හිටපු මගීන්ගේ ජිවිත ඔක්කොම අනතුරේ වැටුනා නම් මම මේ තීරුවට ලියන අදහස මිට වඩා වෙනස් වෙන්න තිබුනා. හැබැයි ගල ගහපු කෙනාව මරන්න කියලා නම් කියන්නේ නැහැ (නදී)

:       0       0

රොකී Saturday, 11 October 2014 03:11 PM

පින්තුරේ ඉන්නේ බස් එකේ ගමන් කරපු ස්වාමීන් වහන්සේ නමක්ද? අනේ පවු! (අ)

:       0       0

සනත් Saturday, 11 October 2014 03:37 PM

හරියටම රට හරහා බටහිර සිට නැගෙනහිරට බොහෝ දුරක් යන බස් එකක්. (අ)

:       0       0

උත්පලා දිල්හානි Saturday, 11 October 2014 03:57 PM

මේ වෙලාවට පොඩ්ඩක් පස්සෙන් එන ප්‍රයිවට් බස් එකක් ඇති. දේශපාලන හෙන්චයියෙක් ගේ බස් එකක් නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්වද කියල අවධියෙන් ඉන්න වෙයි.. (අ)

:       0       0

ටෙනිසන් Saturday, 11 October 2014 04:19 PM

චමත්,රාමට නොවෙයි ඔයාටයි මිනිස්ජීවිත වල අගයක් නැත්තේ. ගහපු ගල හරියටම රියදුරාට වැදිලා බස් රථය අයාලේ ගොස් ලොකු අනතුරක් වුණා නම් ජීවිත හානි කීයක්ද? (අ)

:       0       0

සිහින Saturday, 11 October 2014 05:06 PM

ලංගම බස් කාරයොත් වැරදී. මෙතන තියෙන්නේ ආණුඩුවේ වැරැද්දක්. ඉස්සරහට ඔබ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා (අ)

:       0       0

මානගේ Saturday, 11 October 2014 05:56 PM

බස් එක නැවැත්වීමේ කිසිම වරදක් නැහැ.මෙය මන් තීරු දෙකේ පාරක්. පාරෙන් ඉවත් කර තමයි නවතා ඇත්තේ..(අ)

:       0       0

රාමා Saturday, 11 October 2014 07:49 AM

ප්‍රහාරය එල්ල කල අයට ගල් ගහල මරන්න ඕන මේ වගේ අපරාද නොකරන්න (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 11 October 2014 07:06 PM

කින් බෙනට්, කියන්නකො බලන්න මේ බස් එක නවත්තලා තියෙන එකේ වැරදි දෙක.අනික වාහනයක් හදිසි අනතුරකට ලක්වුණාම මාර්ග නීති වලට අනුකූලවද නවතින්නේ? (නි)

:       0       0

සෑම් Saturday, 11 October 2014 08:19 AM

පුද්ගලික බස් කාරයෙක් වෙන්න පුළුවන්...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1482 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 540 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 606 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site