
(ප්‍රසාද් රුක්මල්)
ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් අහුලාගෙන අද (2) ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා ට බාර දුන්හ.
බස් රථයේ රියැදුරු කොන්දොස්තර දෙදෙනාට හමුවී ඇති මෙම රන්භාණ්ඩ ලේන්සුවකින් ඔතා කුඩා ඉටි බෑගයක දමා තිබූ බව කියති.
මෙම ආදර්ශවත් සත් ක්‍රියාව කළෝ බදුල්ල ස්ප්‍රීංවැලි බැද්දේගම අතර ධාවනය වන එන්.ඒ.6167 දරණ පෞද්ගලික බස්රථයේ රියැදුරු වන සරත් හෙන්නායක සහ කොන්දොස්තර එච්. එම්. ඉන්දික යන මහත්වරු දෙදෙනාය.
මෙම පෞද්ගලික බස්රථය ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී එහි ගමන් ගත් අයකුගේ රන් භාණ්ඩ මෙසේ බස් රථය තුළ වැටෙන්නට ඇතැයි සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම මහත්වරු. මොවුන් දෙදෙනාටම ජනපතිතුමා පුද්ගලිකවම ප්‍රශංසා කළ යුතුය. ඔබ දෙපළට මා හිස නමා ගරු කරමි බුදු සරණයි
එච්චර වටින දේවල් ආරක්ෂා කරගන්න බැරි මිනිස්සු... හොද වෙලාවට හොද මනුස්සයෙක්ට හම්බු වුණේ
අනවශ්‍ය ඕපාදූප , හොර මැර කම් වලට ඉහල ප්‍රචාරයක් ලබා දෙන මේ යුගයේ මෙවන් දුර්ලභ සත්පුරුෂයින් ඇගයීමට ලක් කිරීම අගනා ආදර්ශමත් ක්‍රියාවක් .
අද කාලේ මේ වගේ හොඳ මිනිස්සු දුලබයි නේ .ඔබ දෙපලට අපේ උපහාරය .ඒ වගේම ජය ප්‍රාර්ථනා කරනවා
පිරිසිදු චර්යාවට ප්‍රණාමය හිමිවිය යුතුය.