බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථීක ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලපවාහන සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති රංජිත් සෝමවංශ මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ ඳ අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීය.
ගාමිණි තිලකසිරි මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා ය.
කැජිටන් ලලිත් වනිගරත්න මහතා බස්නාහිර පළාත් ධීවර, මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළ`ද නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබද අමාත්‍යවරයා ලෙසත් ද, ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
බස්නාහිර හිටපු විදුලිබල ඇමැති උපාලි කොඩිකාරගේ ඇමැති ධුරයක් නොලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි මහ බොරුකාරයෙක් (අ)
ඔය ඇමති කම් දීපු විදියටම රජයේ ඇමතිකම් දුන්න නම් හොඳය .එක්කෙනුකට ඇමති කම් 7ක් විතර දීල (බ)
නෝනලා මහත්තුරු ගොඩේ ගොඩ පහුගිය කාලේ...(ම)
කොඩිකාර තම තරම නොදැන ලොකු ගෙඩි අල්ලන්නට, සුලඟ යන අතට යන්ඩ ගිහින් තිබුණු ඇමැති කමත් නැති කරගත් බවයි මට නම් පෙනෙන්නේ.(බ)
ජනාධිපතිවරණයටත් මහින්ද එන්නේ නැතිනම් ඉල්ලන්න හිටපු කෙනා නේද ?(අ)