බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රක්‍ෂක, කාන්තා කටයුතු අමාත්‍යධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ලැබීමේ ඉඩක් ඇති බව වාර්තා වේ.
මෙම අමාත්‍යධූරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ලැබුණහොත් ඒ වෙනුවෙන් අරුණ දීපාල් මන්ත‍්‍රීවරයාගේ නම යෝජනා වී ඇති බව එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ වැය ශීර්ෂය පරාජයවීම නිසා ඉකුත් දෙසැම්බර් 29 වැනිදා ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා එම අමාත්‍යංශ පවරා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆීල්ඩ් මාර්ෂල් බලන් ඉන්නේ කොහොම හරි ඇවිත් සේරගෙන්ම පළිගන්නේ කොහොමද කියලා. එදාට තමයි මිනිහට නින්ද යන්නේ. (බ)
ෆීල්ඩ් මාර්ෂල් තුමා ඉතාමත්ම දැඩි විනයක් ඇති රටට කළ හැකි උපරිමාන්විත සේවයක් ඔහු කළේද මරු පෙනී පෙනීය. දැන් අප ඔහුගෙන් තවත් ප්‍රයෝජන ගත යුතුය. (බ)
වඩාත් සුදුසු නිමල් පිරිස් තමා (බ)
මහජනතාව ප්‍රත්ක්ෂේප කරන මිනිස්සු පාර්ලිමේන්තු යවන එකම රට තමා (ම)
අනේ පිටිගල ඔයාගේ දැනුම් මට්ටම ගැන නම් දුකයි.(කෞ)
සරත් ෆොන්සේකා ව ජනතාව පිළිගන්නේ නැතිව කොහොමද ඇමති කෙනෙක් වෙන්නේ.මතකනේ ධනුන එක්ක එකතු වෙලා කරපුව (බ)
ඔහු හොද පුරවැසියෙක් (ම)
ඉතාම දැඩි විනයකින් 2010 දිත් කතාකළා මතකයි (නි)
දහම්, සමහරුන් ඉල්ලන් කාගෙන තම කාලය කලින්ම අවසන් කරගත්තාට ෆීල්ඩ් මාෂල්තුමාට එසේ අවලංගුවීමට නොදිය යුතුයි. මොකද ඔහු කම්බා හොරෙක් නොවන නිසා. (නි)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නියම නායකයෙක්.එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. දහම්,දැන් රජවරුන්ගේ කාලය අවසන්. (බ)
දහම්, ඔබගේ දැනුම ගැන මට දුකයි (නි)
ජන මතය යට කිරීම වැරදිය (හේ)
දහම්, එහෙම කියන්න එපා. (නි)
ඔන්න දැන් තමා අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ කලදසාව හොඳ අතට හැරීගෙන එන්නේ. එතුමාගේ අපල කාලය දැන් ගෙවිලා ඉවරයි. දැන්වත් එයාගේ හැකියාවන් වලට සරිලන තැනක් එයාටත්, එයාගේ පක්ෂයටත් දී රට සංවර්ධනයට හවුල් කරගන්න. (නි)
පිටිගල කියන්නේ ඇත්ත. ෆොන්සේකා නියම නායකයෙක්. දහම් වගේ අය තවම කරන්නේ හොරුන්ට කඩේ යන එක. එවැනි අය නොදන්නවාට මොළේ තියෙන අපක්ෂපාති අය එතුමා කළ කැපකිරීම අගය කරනවා. දහම් වගේ මානසික වහල්ලු තවම ඉන්නවා. හිතා ඉන්නේ සිල්ල දත් කියලා. (නි)
පිටිගල කියන්නෙත් තිලක් කියන්නෙත් එකම විදියේ මන්දබුද්ධික පුද්ගලයින් ලෙසයි මට පෙනෙන්නේ (නි)
දහම්, දුකයිද හිතට? බලාගෙන ඉන්න (නි)
ජයවේවා ජෙනරල්තුමනි! (නි)
අනුන්ගේ ද්විත්ව පුරවැසිකම් ගැන කෑගහන සමහරුත් ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ඇතුව ලංකාවේ දේශපාලනය කරන බව පිටිගල මිලානෝ දන්නවාද? (නි)
මහා පරිමාණ මුල්‍ය අපරාධ අංශය තාවකාලිකව අමාත්‍යාංශයක් කර එහි ඇමතිකම ෆොන්සේකා මහත්තයාට දුන්නා නම් දවසෙන් හොරු ටික අල්ලයි. (නි)
දහම්ට පෙනෙන්නේ අඩුපාඩුමයි. (නි)
සුදුස්සාට සුදුසු තැන! (නි)
දහම්, පිටිගලගේ දැනුම් මට්ටම ගැන දුක් වන ඔබ දන්නා දේ අපිටත් විස්තර කරලා කියන්නකෝ. තමන්ගේ දේශපාලන පාට කණ්ණානාඩි දාගෙන ඔහේ ලියන්න එපා. මේ රට දියුණු කරන්න බැරි ඔයාලා වගේ අය හින්දා තමයි. (නි)
අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගියවර මහා මැතිවරණයේ ගත්ත තීරණය වැරදි එකක්. එනිසා එතුමා පරජයවු බව ඇත්ත. එනමුත් එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු නායකයෙක් කියලයි මම හිතන්නේ. (ම)