බස්නාහිර පළාත් සභාවේ අද (19) රැස්වීමේ දී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී උපාලි කොඩිකාර මහතා අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා සිය මේසය මත තිබූ ශ‍්‍රවණ උපකරණය ගලවා කොඩිකාර මන්ත‍්‍රීවරයා වෙත දමා ගැසීය.
මෙම වචන හුවමාරුව සිදුවූයේ උපාලි කොඩිකාර මන්ත‍්‍රීවරයා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් නගමින් සිටි අවස්ථාවේ දීය.
කොඩිකාර මන්ත්‍රී පැවසුවේ රංජිත් සෝමවංශ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ එම අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන යටතේ අඩු ආදායම් ලාභීන්ට බෙදා දීම සඳහා තමා ඉල්ලූ භාණ්ඩ වර්ග කිහිපයක් අතුරින් සිමෙන්ති පමණක් ලබා දුන් බවයි. අනෙකුත් භාණ්ඩ ලබා නොදීම නිසා එම සිමෙන්ති දිර්ඝ කාලයක් තිස්සේ තමාට තබාගැනිමට සිදුවු බවත් මේ ගැන ප්‍රශ්න කිරිමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවාවිදැයි බියක් පවතින බවත් සිමෙන්ති ද ගල්වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
පෙරේරා මහතා පැවසුවේ අඩු ආදායම්ලාභී ජනතාවට බෙදා දිය යුතු භාණ්ඩ මන්ත‍්‍රීවරයකු දීර්ඝ කාලයක් තිස්සේ ළඟ තබාගැනීම වරදක් බවයි.
එලෙස සිමෙන්ති තොගයක් ළඟ තබාගෙන සිටින්නේ නම් උපාලි කොඩිකාර මන්ත‍්‍රීවරයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවිය යුතු යැයිද විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා කීවේය.
එහි දී උපාලි කොඩිකාර මහතා දැඩි ලෙස කෝපයට පත්ව යූ. ජෝර්ජ් පෙරේරා මහතාට බැණ වැදුණු අතර ඔහු විසින් අසභ්‍ය වචන ද ප‍්‍රකාශ කිරීම නිසා ජෝර්ජ් පෙරේරා මහතා ද මන්ත‍්‍රීවරයාට අසභ්‍ය වචනයෙන් බැන වදින්නට විය.
දෙදෙනා සන්සුන් කිරීමට සභාවේ මුලසුනෙහි සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට දැඩි උත්සහයක් ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩු වලිගය ගමුද? (නි)
ලක්වැසියන් යහමඟට යවන්නෝ නේද මේ? (නි)
නාමයෝජනා දෙන අයත් වගකියන්න ඕනෑ මේවාට. (නි)
මහජන නියෝජිතයන් වියයුත්තේ අඩු වශයෙන් සංයමයක් ඇතුව කතා කරන්නවත් හැකියාවක් තිබෙන අය වියයුතුයි. (නි)
මේගොල්ලන්ව මෙතනට යවන මිනිසුන්ට බුවල්ලෙන් තලන්නයි ඕනෑ. (නි)
මේ වගේ අය මොකට මිනිස්සු පත්කර ගන්නවද මන්දා (නි)
මෙයාලා ගැන මොන කතාද? (නි)
බෙදාදෙන්න කියලා ලැබුණා නම් තමන් ළඟ තියාගන්නෙ නැතුව එක්කෝ බෙදාදෙන්න තිබුණා. නැත්නම් පළාත් සභාවේ ගබඩාවක තියන්න තිබුණා. වෙලා තිබෙන දේ හිතාගන්න පුළුවන්. (නි)
මේ ගොල්ලන්වත් සිංගප්පුරුවේ අරින්න. තව තව ට්‍රේන් වෙලා ඒවි, නැත්නම් වේ වැල් පාර කාලා ඒවි. තෙල වැඩිවෙලා.(බ)
ඔය කට්ටියගේ හැටි දැන් මුළු ලංකාවම දන්නවා (නි)