අගෝස්තු 17 වැනිදා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ඇතුළු එක්සත් ජනතා නිදහන් සන්ධාන මන්ත‍්‍රීවරුන් හය දෙනාගෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධූර සඳහා නව මන්ත‍්‍රීවරු හය දෙනෙක් පළාත් සභාපති සුනිල් විජේරත්න මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ.

පසුගිය පළාත් සභා මැතිවරණයේ පරාජිත අපේක්‍ෂක ලැයිස්තුවේ වැඩිම මනාප ලබා සිටි අපේක්‍ෂකයන් පත්කර තිබුණත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ පරාජිත ලැයිස්තුවේ මධුමාධව අරවින්ද මහතාට මන්ත‍්‍රීධූරයක් නොලැබිණි.

ඔහුට පසුපසින් සිටි ඩෝල්ටන් ජානක සූරියබණ්ඩාර මහතා පත්කර තිබිණි.

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මොරිස් විජේරත්න, සරත් සුමනසේකර, ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් කාමල් නයනකාන්ත කුරුප්පු, ප‍්‍රදීප් චන්දන පෙරේරා සහ කළුතර දිස්ත‍්‍රික්කයෙන් තෙබුවන පියනන්ද හිමියෝ දිවුරුම් දුන්හ.

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන් වන උදය ගම්මන්පිල, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන් වන හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය නිමල් ලන්සා,  ආණ්ඩු පක්‍ෂයේ හිටපු ප‍්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි සහ කළුතර දිස්ත‍්‍රික් හිටපු සන්ධාන මන්ත‍්‍රී පියල් නිශාන්ත මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.

මෙවර මහ මැතිවරණයේ දී බස්නාහිර පළාත් සභාවෙන් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයෙක් ද පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර එයින් ඇතිවූ පුරප්පාඩු ස`දහා මන්ත‍්‍රීවරුන් පත්කිරීම මේ වන විට අවසන්ව තිබේ.

Wpc_20159187 Wpc_201591872 Wpc_201591873 Wpc_201591874