බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වන මහ ඇමතිධූරය ලබාගැනීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන හෙක්ටර් බෙත්මගේ මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
පළාත් සභාවේ සභාපති සුනිල් විෙජ්රත්න, අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, රංජිත් සෝමවංශ මහත්වරුන් ද මහ ඇමැති ධුරය ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇතැයි පළාත් සභා ප්‍රකාශකයෙක් කීවේය.
ඇතැමුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වෙත ද තමන්ට මෙම ධුරය ලබාගැනීමට ඇති සුදුසුකම් දන්වා යවා එම ධුරය ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට ඔය ඔක්කොම නැතුව මංජු ශ්‍රී අරංගල පත් වෙන්නත් ඉඩ තියෙනවා. (ම)
සුනිල් විජේරත්න නම් මේ තනතුරට සුදුසුයි (ම)
අනේ මෙහෙම තණ්හාවක් ! රට හදන්න ලොකු උනන්දුවක් තියෙනවා වගේ! (ම)
මම සන්ධානෙට උදවුකළ කෙනෙක්.ඒත් මම හිතන්නේ නන්දන ගුණතිලකට දුන්නා නම් තමා හරි. ඒ මනුස්සයා සල්ලි ගහන්නේ නැහැ.වැඩක් කරනවා.පානදුර හොඳට හැදුවා (නි)
විලිලජ්ජාවේ සන්තෝසේ බෑ (ම)
මංජු ශ්‍රී අරංගල හොඳයි මට නම් (නි)
චන්ද්‍රිකා කවුද ඒවා තීරණය කරන්න? (ම)
අපේ සභාවේ පිවිතුරු යහපාල මහත්මයා ඔය ගැන මොකද කියන්නේ? (නි)
ඡන්ද පැරදුන දුෂණ චෝදනා ඇති පුද්ගලයනුත් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යවනවා. කවුරු ගත්තත් ඔය මහා ඇමතිකම ලබනපාර එ.ජා.පෙ. ට යයි මම හිතන්නේ. (නි)
ඉන්න මන්ත්‍රීවරු අතුරින් ඉහළම අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයාට ලබා දී යහපාලනයේ වෙනස පෙන්වා දෙන්න.(ම)
කෝ අපේ තව වීරයෙක් හිටියනේ.... (නි)
පරාජය ගැන දොස් පවරනවා, පවරාගන්නවා, තනතුරු වලට පොරකනවා. අනේ ජනතාවට සේවය කිරීමට ඇති මෙහෙමත් ආසාවක්? මේවට දෙපැත්තෙන්ම සිනා, සිනා (නි)
ගාමිණී තිලකසිරි සුදුසුයි කියා මම සිතනවා (නි)
රංජිත් සෝමවංශ (නදී)
සුදුස්සෙකුට තැන ලබාදෙන්න (නි)
කොඩි දාලා,තොරණ් ගහලා ඡන්දෙ කළත් ප්‍රතික්ෂේප වුණ අය ඉන්නවනේ! (නි)