බස්නාහිර පළාත් සභාවේ නව ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා වැඩ භාරගැනීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කතාවට විරෝධය පා පළාත් සභා මන්ත‍්‍රී මහේෂ් අල්මේදා මහතා කළ ප‍්‍රකාශයක් හේතුවෙන් අද (22) රැස්වීමේ දී දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
බස්නාහිර පළාතේ අධ්‍යාපන මට්ටම පසුගිය කාලයේ දී පහත වැටුණු බවත්, පළාත් සභාවේ සිටින්නේ හොරුන් හා දුෂිතයින් බවත් හිටපු ජනපතිනිය කළ ප‍්‍රකාශය නිසා පළාත් සභාවට අපහාසයක් සිදුවූ බව මන්ත‍්‍රීවරයා කීවේය. එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පළාත් සභාවෙන් සමාව ගත යුතු බවද හේ පැවසීය. ඇය බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරුන් මෙම ප‍්‍රකාශය සමඟ පළාත් සභාව තුළ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් ඇති විය.
පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන් මෙම අවස්ථාවේ දී නැඟී සිටිමින් පැවසුවේ හිටපු ජනපතිනියට අපහාස වන අයුරින් කතා කිරීම වරදක් නිසා එම ප‍්‍රකාශය හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.
එවිට මහේෂ් අල්මේදා මහතා ඊට විරෝධය පෑ අතර සභා රීති අනුව හිටපු ජනපතිවරයකුට දොස් නැගීම වරදක් නොවන බව කී ඔහු තම ප‍්‍රකාශයේ ඇති ඇතැම් වචන පමණක් ඉල්ලා අස්කර ගන්නා බව කීවේය. ඉන් පසු ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ද මැදිහත්වීමෙන් සභාව සන්සුන් විය.
ළමා හා කාන්තා අපචාර සිදුකරන්නන්ට එරෙහිව මරණ දණ්ඩනය ලබාදීම සඳහා කැමැත්ත ප‍්‍රකාශ කරන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත‍්‍රී ඉන්දික බණ්ඩාර මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එය සභාවේ ඒකමතිකව සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙතරම් සොරු සිටියත්, මෙතරම් සොරු ගැන සැළකෙරුවත්, අප බුද්ධිමත් ඡන්දදායකයා ඉස්තරම් සොරුන්ට දියවන්නාවට මං හෙළිපෙහෙළි කර දී ඇත. ( දියවන්නා ගිය සෑමදෙනාම නොවේ). අප උගත් බුද්ධිමත් ඡන්දදායකයාට ජය වේවා! (නි)
එතුමිය නිර්භීතව සත්‍යය කතාකරනවා (නි)
ඉතින් එයාට ආරාධනා කළේ ඇයි අනේ? (නි)
කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)
නියමයි මැතිණියනි නියමයි! (නි)
ඔබතුමියට ජයවේවා! (නි)
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ මම එකඟයි (නි)
දැන් ඔයා විවේකීව ඉන්න මැඩම්. (නි)
කෙළින් කතාකළ ඔබතුමිටයට ජය! (නි)
දින 100 කාලය තුළ සිදු වූ මහා දවල් මහබැංකු මංකොල්ලය ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ නේද? (නි)
මට හිතා ගන්ට බැහැ ඇයි අපේ මිනිසුන්ට ඇත්ත ඇති සැටියෙන් පිළිගන්ට අකමැති කියලා ? (අ)
එයාගේ කාලේ හිටපු අයම තමා ඔය ඉන්නේ (බ)
මෙතුමිය කියන්න ඕනෑ නැහැ. අපි දන්නවා (නි)
අවුරුදු 11ක් රට පාලනය කළේ බෝධිසත්වවරු එක්ක වෙන්න ඇති..තමන් රට පාලනය කළ කාලේ ජේ ආර් මහත්තය ප්‍රේමදාස මහත්තය මහින්ද මහත්තය මේ රටට දැනෙන මිනිස්සුන්ගේ හදවතට දැනෙන නම් තියෙන වැඩක් කළා..මෙයා මොනවද රටට කළේ..එයාගේ අවුරුදු 11හේ මේ රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා තිබිල මහින්ද මහත්තය ආවට පස්සේ සේරම නැතිබංගස්ථාන වුනා වගේ දැන් කතා කරන්නේ..ඔයා මැරිලා ඉපදුනාට අපි මැරිලා ඉපදිලා නැහැ මැඩම්..ඔයාගේ කාලේ හිටපු අපි අදටත් ජිවත් වෙනවා..ඔය 2019න් පස්සේ මුණු පොතෙන් ලෝකේ දැකපු පොඩි කෙල්ලෝ කොල්ලෝ ඔයාව අදුනන්නේ නැති වුනාට.(බ)
අනේ මන්දා කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා.(හේ)
හැමතැනම දැන් හොරු ඉන්නවනේ.(හේ)
මේවා කියන්නේ කොහොමද මන්දා? (නි)
සම්පුර්ණ ඇත්ත. පහුගිය කාලේ උසාවිත් ගියේ (නි)
අනිත් කතා කෙසේවෙතත් ඉන්දික බණ්ඩාර හොඳ යෝජනාවක් කරලා තියනවා. (නි)
මේ සඳහා නිවැරදිම පිළිතුර වික්ටර් අයිවන්ගේ "චෞර රැජින' සපයයි. (අ)
ඔබතුමිය අනුන්ට ඇඟිල්ල දිගුකරන විට ඔබට ඇඟිලි 3 ක් එල්ල වී ඇති බව සලකන්න මැතිණියනි..! (නි)
ආ! මේ අපේ මැඩම් නේද? (නි)