(මුදිතා දයානන්ද)
බස්නාහිර පළාත් සභාවට ස්පාඤ්ඤයෙන් ඇණවුම් කළ බව කියන හය ලක්ෂ පනස්දාහේ පුටු සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව ගැන ඉදිරියේදි සියලූ මාධ්‍ය දැනුවත් කරනවා යැයි හේමකුමාර නානායක්කාර මහතා අද (29) ලංකාදීපයට පැවසීය.
ආණ්ඩුකාර නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් සභාවේ නව පළාත් සභා ලොඩනැගිල්ලට ඇණවුම් කර තිබූ හයලක්ෂ පනස්දාහේ පුටු සම්බන්ධයෙන් සෙවීමට ආණ්ඩුකාරවරයා පත්කළ කමිටුවේ වාර්තාව පිළිබඳව ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ සභාගර්භය සඳහා මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් රුපියල් හයලක්ෂ පනස් දහස බැගින් වන පුටු 104ක් විදේශ රටකින් ගෙන්විමට ඇණවුම් කර ඇති බවත් මෙය අනවශ්‍ය වියදමක් බැවින් වහාම එය අත්හිටුවන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පසුගිය 09 වැනිදා ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි.
ඒ අනුව එම පුටු ගෙන්වීම වහාම නවත්වන ලෙසට නියෝග කළ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක්ද පත් කළේය. එම කමිටුවේ වාර්තාව ඊයේ (28) සවස ආණ්ඩුකාරවරයා වෙත ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමේදි තවදුරටත් අදහස් දැක්වු නානායක්කාර මහතා මෙසේ පැවසීය.
බස්නාහිර පළාත් සභාවේ හයලක්ෂ පනස් දාහ බැගින් වන පුටු 104ක් ගෙන්විම සම්බන්ධයෙන් මා පත් කළ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී තිබෙනවා. එය මා තවම අධ්‍යයනය කර නැහැ. එය අධ්‍යයනය කිරිමෙන් පසුව ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදි සියලූ මාධ්‍ය කැඳවා දැනුවත් කිරිමට මා බලාපොරොත්තු වෙනවා. එතෙක් මට ඒ ගැන වැඩි විස්තරයක් කියන්න බැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් පුටු රත්කිරීම හැර වෙන කිසිවක් බලාපොරොත්තු විය හැකිද?
ඕකට මොකටද කමිටු වාර්තා...? පුටු දෙන්න ලැහැස්ති වුනෙත් කමිටු වාර්තා බලලද? මොවුන්ට පෙන්වන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලෝඩ්වරු වාඩිවෙලා ඉන්න හැටි. එහෙම බැලුවම මේ ගොල්ලන්ට දෙන්න ඕනේ බැංකු. නැතිනම් ඇණතියලා බිම වාඩි කෙරෙව්වත් කමක් නැහැ.
ඕකට මොකටද කමිටු වාර්තා. පුටු දෙන්න ලැහැස්ති වුනෙත් කමිටු වාර්තා බලලාද. මොවුන්ට පෙන්වන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවේ ලෝඩ්වරු වාඩිවෙලා ඉන්න හැටි. එහෙම බැලුවම මේගොල්ලන්ට දෙන්න ඕනේ බංකු. නැතිනම් ඇන තියලා බිම වාඩි කෙරෙව්වත් කමක් නැහැ.
අම්මේ..... ලක්ෂ 7 , 8 පුටු වෙන්න ඇති මේ හිඟන්නාගේ ගෙවල්වලත් තියෙන්නේ. අනේද කියන්නේ?
ඔය පුටු ගෙනෙන්න කොහොමත් ඉඩදෙන්න එපා. මහජන මුදල් අවබාවිතය පිලිබඳ පත්කළ අලුත් අධිකරණයට ඒ පිළිබඳව දැනුම් දීලා අවශ්‍ය පරීක්ෂණ කර චුදිතයන්ට ඉක්මනින්ම නඩු පවරන්න. ප්‍රමුඛතාවක් ලෙස මෙම නඩුව විභාග කිරීමට කටයුතු සැලැස්වීමෙන් පොදු මහජනයාට සෙත සැලසීමට කටයුතු යෙදුවොත් රටටම සෙත සැලසේවි.
මැණික් පුටුද දන්නේ නැහැනේ ගෙන්වන්න යන්නේ. කොහොම වුනත් ඔය පුටුවල වාඩිවෙන අය පුටුවක් තරම්වත් වටින්නේ නැතිබව විශ්වාසයී.
මේවගේ වාඩිවෙන අය ගැන විස්තර බැලුවම, ප්ලාස්ටික් පුටුත් හොඳ වැඩියි.
ජනතාවට ඉතා අවශ්‍ය බෙහෙත් ගෙනෙන්නේ ඉන්දියාවෙන් නමුත් මේගොල්ලන්ට පුටු ගෙනෙන්නේ ස්පාඥයෙන්. නරකද වඩු මඩුවකින් ලී බංකු ටිකක් හදලා දුන්නොත්.
මෙම පුටු ගෙනාවොත් කිසිම බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කෙනෙකුට ඡන්දය දීමෙන් වැලකි සිටීමෙන් තමන්ගේ විරෝධය පෙන්විය හැකිය. මෙයට වඩා ජනතා තින්දුවක් නැත