මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත්වූ හංවැල්ල රෝමානු කතෝලික කණිටු විදුහලේ විශ්ව පතිරාජ සිසුවාට රුපියල් 1,50,000 ක මුදල් ත්‍යාගයක්ද ඔහු ඉගෙනුම ලැබූ විද්‍යාලයේ අබලන් ගොඩනැගිල්ලක් වෙනුවට නව ගොඩනැගිල්ලක් ලබාදීමටද බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අද (8) පොරොන්දු විය.
විශ්ව පතිරාජ සිසුවාට සුබ පැතීමට මහ ඇමැතිවරයා අද එම පාසලට ගියේය. පාසල් ක්‍රීඩා පිටිය නවීකරණය කර සිසුවාගේ නමින් නම් කරන බවද මහ ඇමැති කීය.
ශිෂ්‍යත්වයෙන් දෙවැනි තැන ලබාගත් බස්නාහිර පළාතේ අනෙක් තිදෙනා වන උඩුපිල ප්‍රාථමික විදුහලේ දුලාජ් නෙතුල් විජේසේකර, කඩවත ජනාධිපති විද්‍යාලයේ නිහාර මධුහංස හා වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විදුහලේ තරින්ද්‍යා කෞරි පෙරේරාටද රුපියල් 1,50,000 බැගින් මුදල් ත්‍යාග හා ඔවුන්ගේ පාසල්වල අඩුපාඩු සකස් කරදෙන බවටද මහ ඇමැතිවරයා පොරොන්දු විය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර පහේ හපනුන්ට මහ ඇමැතිගෙන් බරටම තෑගි
මංජුල Friday, 09 October 2015 05:37 AM
පිට්ටනිය හදලා දුන්නට කමක් නැහැ. ඒත් පිට්ටනිය ළමයාගේ නමින් නම් කිරීම අනවශ්‍ය වැඩක්. ළමයින්ගේ ඔලු උදුම්මන්න එපා. (බ)
ඇන්ටන් Thursday, 08 October 2015 11:32 PM
එතුමාගේ පෞද්ගලික මුදලින්ද? (නි)
අමල් Thursday, 08 October 2015 02:04 PM
දක්ෂතාවයට වටිනාකමක්. (ර)
මිලාන් Friday, 09 October 2015 02:30 AM
ඔයාට ජේසු පිහිට ලැබේවා! (නි)
දිනේෂ් Friday, 09 October 2015 03:05 AM
පෞද්ගලික මුදලින් නම් ගොඩක් හොඳ වැඩක් (නි)
ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 03:21 AM
දක්ෂයින් ඇගයීම හොඳ දෙයක්.එසේම දක්ෂයින් බිහිකර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් යොදන්නේ නම් අගෙයි. (නි)
නයනි Thursday, 08 October 2015 03:11 PM
අන්න එහෙමනේ මහා ඇමතිවරු වැඩ කොරන්ඩ ඕනේ. ඔබ තුමාට ජයවේවා.! (ර)
චන්දික Friday, 09 October 2015 03:48 AM
හොද වැඩක් වගේම අගය කළ යුතු වැඩක්. (බ)
සැම්සන් Friday, 09 October 2015 03:56 AM
පෞද්ගලික හරි පොදු හරි කමක් නෑ. දුප්පත් අති දක්ෂ කොලුවෙකුගේ අනාගතය වෙනුවෙන්.(ම)
නුවන් Friday, 09 October 2015 03:57 AM
පෞද්ගලික පළාත් සහා මුදලින් එත් හොඳ වැඩක් (ම)
දුමින්ද Friday, 09 October 2015 04:03 AM
හිටපු මහා ඇමැතිටත් ලකුණු (ම)
මංජු Friday, 09 October 2015 04:23 AM
හිටපු මහා ඇමති තුමාගේ කැපවීමෙන් අධ්‍යාපනය කරපු නිසා දැන් හොද ප්‍රතිපල තිබෙනවා. එතුමට රටේම අධ්‍යාපනය බාරදුන්නොත් රටේ දරුවන්ට හොදා (බ)