මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත්වූ හංවැල්ල රෝමානු කතෝලික කණිටු විදුහලේ විශ්ව පතිරාජ සිසුවාට රුපියල් 1,50,000 ක මුදල් ත්‍යාගයක්ද ඔහු ඉගෙනුම ලැබූ විද්‍යාලයේ අබලන් ගොඩනැගිල්ලක් වෙනුවට නව ගොඩනැගිල්ලක් ලබාදීමටද බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අද (8) පොරොන්දු විය.
විශ්ව පතිරාජ සිසුවාට සුබ පැතීමට මහ ඇමැතිවරයා අද එම පාසලට ගියේය. පාසල් ක්‍රීඩා පිටිය නවීකරණය කර සිසුවාගේ නමින් නම් කරන බවද මහ ඇමැති කීය.
ශිෂ්‍යත්වයෙන් දෙවැනි තැන ලබාගත් බස්නාහිර පළාතේ අනෙක් තිදෙනා වන උඩුපිල ප්‍රාථමික විදුහලේ දුලාජ් නෙතුල් විජේසේකර, කඩවත ජනාධිපති විද්‍යාලයේ නිහාර මධුහංස හා වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විදුහලේ තරින්ද්‍යා කෞරි පෙරේරාටද රුපියල් 1,50,000 බැගින් මුදල් ත්‍යාග හා ඔවුන්ගේ පාසල්වල අඩුපාඩු සකස් කරදෙන බවටද මහ ඇමැතිවරයා පොරොන්දු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට්ටනිය හදලා දුන්නට කමක් නැහැ. ඒත් පිට්ටනිය ළමයාගේ නමින් නම් කිරීම අනවශ්‍ය වැඩක්. ළමයින්ගේ ඔලු උදුම්මන්න එපා. (බ)
එතුමාගේ පෞද්ගලික මුදලින්ද? (නි)
දක්ෂතාවයට වටිනාකමක්. (ර)
ඔයාට ජේසු පිහිට ලැබේවා! (නි)
පෞද්ගලික මුදලින් නම් ගොඩක් හොඳ වැඩක් (නි)
දක්ෂයින් ඇගයීම හොඳ දෙයක්.එසේම දක්ෂයින් බිහිකර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් යොදන්නේ නම් අගෙයි. (නි)
අන්න එහෙමනේ මහා ඇමතිවරු වැඩ කොරන්ඩ ඕනේ. ඔබ තුමාට ජයවේවා.! (ර)
හොද වැඩක් වගේම අගය කළ යුතු වැඩක්. (බ)
පෞද්ගලික හරි පොදු හරි කමක් නෑ. දුප්පත් අති දක්ෂ කොලුවෙකුගේ අනාගතය වෙනුවෙන්.(ම)
පෞද්ගලික පළාත් සහා මුදලින් එත් හොඳ වැඩක් (ම)
හිටපු මහා ඇමැතිටත් ලකුණු (ම)
හිටපු මහා ඇමති තුමාගේ කැපවීමෙන් අධ්‍යාපනය කරපු නිසා දැන් හොද ප්‍රතිපල තිබෙනවා. එතුමට රටේම අධ්‍යාපනය බාරදුන්නොත් රටේ දරුවන්ට හොදා (බ)