බස්නාහිර පළාත් සභාවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇතුළු හිටපු එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකු මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රීධූර පහෙන් තුනක් ස`දහා නවක මන්ත‍්‍රීවරු තිදෙනෙක් අද (8) දිවුරුම් දුන්හ.
ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පසුගිය පළාත් සභා මැතිවරණයට තර`ග කර පරාජයට පත් වූ අපේක්‍ෂකයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් සිටි සිරිකමල් ෆීලීෂියන් සිල්වා, රන්දීර් රොද්‍රිගු යන මහත්වරුන් සහ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තර`ග කළ හරිස්චන්ද්‍ර කොස්තා යන මහත්වරුද මන්ත‍්‍රීධූර ලබාගත්හ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 13 දෙනෙකු මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ඉල්ලා අස්වීමත් හේතුවෙන් එහි මන්ත‍්‍රීධූර 14ක් පුරප්පාඩු වූ අතර මෙම තිදෙනා පත්වීමෙන් පසු තවත් මන්ත‍්‍රී ධූර 11ක් පුරප්පාඩු වී පවතී.
ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී කේ.ඞී.ලාල්කාන්ත මහතා වෙනුවට එහි හිටපු ජ.වි.පෙ මන්ත‍්‍රී සරත් පතිරණ මහතා නම් කර ඇති බව ද වාර්තා වේ.
පළාත් සභාවට නව ප‍්‍රධාන අමාත්‍යවරයෙකු පත්වූවත් එහි අමාත්‍යධූර සියල්ල තවමත් පුරප්පාඩු වී පවතින අතර ඒ ස`දහා ද ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් අතර තර`ගයක් ඇති වී ඇතැයිද පළාත් සභා ආරංචි කියයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රී කණ්ඩායමේ නායකයාව සිටි සුසිල් කිඳෙල්පිටිය මන්ත‍්‍රීවරයාව එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට එහි ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඉන්දික බණ්ඩාර මහතා පත් කර ඇත.
කිඳෙල්පිටිය ආනන්ද සංගරී මහතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ පසුගිය මහ මැතිවරණයට තර`ග කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇතැයි පක්ෂ ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර පුටුවල වෙනසක් : තවමත් පුරප්පාඩු රැසක්