IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතියට කෝටි 25ක් වැඩිපුර ගෙවලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අත්තනගල්ල බස්නාගොඩ ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරු ඉදිරිපත් කළ රුපියල් කෝටි 209 ක ලන්සුව තාක්ෂණික ඇගයීම්  කමිටුවේ නිර්දේශ මත කෝටි 234ක් දක්වා  වැඩිකර පිරිනැමීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) විමර්ශන අරඹා ඇත.

මේ සම්බන්ධයෙන් කමිටුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා සිටියේය.

එහිදී එම ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ ගණනයේදී යම් අත්වැරදීමක් සිදුව ඇති බවයි. ඒ නිවැරදි කිරීමට කටයුතු කරන බවද ඔවුහු සඳහන් කළහ.

මේ අතර ගිං නිල්වලාව්‍යාපෘතියේ ඇස්තමේන්තුවෙන් සියයට 4.35 ක වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ගෙවා තිබුණද එම ව්‍යාපෘතිය ආරම්භ  නොකිරීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළවිය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනුගමනය කරන ගෙවීම් පටිපාටිය රජයේ මුදල් රෙගුලාසිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු විය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 7 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

තවද රුපියල් කෝටි 35 කට වැඩි වටිනා චෙක්පත් 1177ක් ප්‍රාදේශීය ඉංජිනේරු නමට නිකුත්  කිරීමෙන් පසු  රේඛනය අවලංගු   කළ කොට්ඨාස සහකාර ඒවා මුදල් කරගෙන තිබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ඒ සම්බන්ධයෙන් නිසි  ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටු සභාපතිවරයා නිලධාරීන්ට නිර්දේශ කළේය.



අදහස් (1)

බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතියට කෝටි 25ක් වැඩිපුර ගෙවලා

sam Tuesday, 13 August 2024 09:30 AM

අර සුදුළූනු වංචාවට මොකුත් වෙන්නේ නැද්ද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site