ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු බස් ගාස්තු සංශෝධනය පිළිබඳව තීන්දුවක් ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.
ජනපති නිල නිවසේ පැවැති පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය.
බස් ගාස්තු සංශෝධනය සඳහා පත්කරන ලද විද්වත් කමිටුව ඉදිරියේ අදහස් දැක්වීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම්වල නියෝජිතයන්ට ද අවස්ථාවක් ලබාදෙන බව ද ජනපති පැවසීය.
ඒ අනුව බස් ගාස්තු සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණය ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.
එමෙන්ම ජාතික ප්‍රවාහන කොමිසන් සභාවෙන් හෝ වෙනත් කිසිදු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියක් විසින් නැවත දැනුම් දෙනතුරු පෞද්ගලික බස් රථ සඳහා නව මාර්ග බලපත්‍ර නිකුත් නොකිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය විය.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ පළාත් ප්‍රවාහන අමාත්‍යවරු ද නිලධාරීහු පිරිසක් ද එම සාකච්ඡාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ගාස්තු වැඩි කරන්න දෙන්නේ නෑ කියල සිංහ නාද කරත් අන්තිම ප්‍රතිපලය ගාස්තු වැඩි වීමයි! (බ)
අප රටේ පවතින අවිධිමත් මගී ප්‍රවාහන ව්‍යාපාරය තුළ ඇතිවන අනවශ්‍ය මාර්ග තදබදය, පරිසර දූෂණය, මාර්ග අනතුරු වැඩිවීම ආදී අහිතකර ප්‍රතිඵල වලට අමතරව එය දැඩිලෙසම රටේ වැඩකරන ජනතාවගේ කාලය සහ ශ්‍රමය අපතේ හරින බැවින් රටේ නිශ්පාදන සහ සේවාවන්ද පහත හෙළීමට විශාල බලපෑමක් ඇතිකරයි. (නි)
මේ ආණ්ඩුව තියන සේරම ගාස්තු වැඩි කරනවා. ඊටපස්සෙ මහින්ද මහතා වැඩිකළා වගේ පෙන්නලා සොච්චමක් අඩුකරවා. මේකටත් ඒ වගේම දෙයක් වෙයි (නි)
ඔය තීන්දුව මොක වුණත් අපිට අවාසියි (නි)
ප්‍රවාහනයට වැට් නැතිවුණත් අනිවාර්යයෙන් ගාස්තු වැඩිවෙනවා (නි)