(කාංචන කුමාර ආරියදාස)

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන සිටින සිරාන් බාසික් නමැති අයගේ බව කියන දඹුල්ල තිත්ත වැල්ගොල්ල ප්‍රදේශයේ නිවාස දෙකක් සහ ඉඩමක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ සීල් තබන ලදී.

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියදි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලිසියට  පසුගිය කාලයේ  භාර දුන් බව කියන සිරාන් භාසිත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නීති විරෝධී වත්කම් පිළිබඳව පොලිසිය විමර්ශනය සිදුකොට ඔහුට අයත් මෙරට පිහිටි දේපළ රැසක් තහනම් කිරීමට අධිකරණය නියෝග කොට තිබිණි.

ඒ අනුව ඔහු මිලදීගෙන තිබු බව කියන දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ අඹ වගාවක් සහිත අංග සම්පූර්ණන නිවසක් සහිත ඉඩම අක්කර බාගයකට ආසන්න තවත් මුඩු බිමක් සහ නිවසක් සහිත තවත් ඉඩමක් ඇතුළු ඉඩම් තුනක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්  දැන්වීම් පුවරු අලවා එහි ඇතුළුවීම තහනම් බවට දැන්වීම් ප්‍රදර්ශනය කරන ලදි.