IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බස් සේවකයෝ පාරේ ගහ ගනිති

ලංගම රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද පෞද්ගලික බස් රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද සාලියවැව දි පාරේ ගුටි බැට හුවමාරුකර ගත් සිද්ධියක් සම්බන්ධයෙන් සිව් දෙනාම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  කොළඹ බලා ආ මෙම බස් දෙක සෙනඟ ගැනීමේදී ඇතිවූ ප්‍රශ්නයක් මත මෙසේ රණ්ඩු වී ඇතැයි පොලිසිය කියයි. අද සවස ඔවුහු පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

බස් සේවකයෝ පාරේ ගහ ගනිති

කැනඩා දිසා Sunday, 07 July 2013 09:36 AM

මම කියන්න හදන දේ මොහොමඩ් කිව්වා (නි)

:       0       0

පිටබෙද්දර ජයා Sunday, 07 July 2013 10:18 AM

අපි මොන තරම් බෙදුන ජාතියක්ද කියලා මේ කතාවලින්ම පේනවා නේද ? කාටවත් හිතුනද මේ අපේම මින්ස්සු කියලා? පෞද්ගලික හෝ ලංගම මේ දෙගොල්ලම දඟලන්නේ බඩවියත රැකගන්න දරු පවුල් ආරක්ෂා කරගන්න. වරද මේ මිනිසුන්ගේ නෙමෙයි, මේ බලු පොරය ඇති කරපු දේශපාලකයන්ගේ. (නි)

:       0       0

අමිළ කටුනායක Saturday, 06 July 2013 08:55 PM

ඔන්න පුත්තලම් බුරුවෝ. (නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 06 July 2013 08:55 PM

ඔන්න පුත්තලම් බූරුවෝ.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 06 July 2013 08:56 PM

සෙනග ඇද්දේ පොලිසියෙන්ද? හෙට වර්ජනයක්.(නදී)

:       0       0

ගමගේ Saturday, 06 July 2013 08:58 PM

මෙතන ගහ ගත්ත වුනත් මම මෙතන සාධාරන හේතු දෙයක් දකිනවා. ඒ කියන්නේ සී. ටී. බී. එකේ දෙන්නා තමන් වැඩ කරන ආයතනයට හොඳ සේවකයෝ දෙපලක්. මොකද සාමාන්‍යයෙන් වෙන්නේ ප්‍රයිවට් කාරයට කපාගෙන යන්න දීල පස්සෙන් ගාටන එකනේ ගොඩක් අය කරන්නේ. ඒ නිසා මේ දෙන්නා ටිකක් විශේෂයි.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 06 July 2013 09:19 PM

අපරාදේ ඒ ගොල්ලන්ට තිබුනේ ගෙදරට ගිහින් ගහ ගන්න නේ.(නදී)

:       0       0

මොහමඩ් Saturday, 06 July 2013 11:07 PM

හතර දෙනාම මෝඩ‍යෝ... (නි)

:       0       0

ක්.ක්.ද.ඩුබායි Saturday, 06 July 2013 11:20 PM

මේ සීටීබී සහෝදරයෝ අවංකව රාජකාරිය කරන අය බව මගේ දැනුමෙන් තේරුම් යනවා. (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 06 July 2013 11:38 PM

වෙල්ගම මහත්තයගේ කට්ටියයි ගැමුණු මහත්තයගේ කට්ටියයි නේද? (නි)

:       0       0

චන්දි Sunday, 07 July 2013 01:05 AM

අමිල කටුනායක ,ඔයා හරියටම කියා තියෙනවානේ (නි)

:       0       0

කුමුදු Sunday, 07 July 2013 01:50 AM

ගමගේ ගේ කතාවට මම එකගයි.ප්‍රයිවට් බස් කාක්කෝ හරිම අසාදාරනයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 07 July 2013 03:52 AM

සී ටී බී අය වැඩ කරන්නේ අපි වෙනුවෙන්. පුද්ගලික බස්කාරයෝ හම්බ කරන්නේ මාටියා ගහන්න. සී ටී බී සල්ලිත් එක්ක තමා අමිල, ඔයාට පඩි ගෙවන්න ආණ්ඩුවට සල්ලි ලැබෙන්නේ. (නි)

:       0       0

ධර්මසිරි Sunday, 07 July 2013 05:18 AM

ගමගේ ඔබ හරි. තමන්ගේ ආයතනයට ආදරයෙන් වැඩ කරන දෙන්නෙක්. ඉහල නිලධාරීන්ට ඔය හැගීම තිබුනා නම් ලංගම ඉන්නේ ලංකාවේ පලවෙනි තැන. දැනට ඉතුරු වෙලා ඉන්න ඔය වගේ කිහිප දෙනාවත් ප්‍රශ්න වල පටලවලා අයින් කරන්න උදව් කරන එක හොඳ නෑ නේද ? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 07 July 2013 07:34 AM

කොහේ මොන රණ්ඩුව වුණත් කාන්තාවක් නම් සම්බන්ධ වෙනවාමයි (නි)

:       0       0

ගයන් Sunday, 07 July 2013 08:26 AM

හතර දෙනාම සූරයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site