අමල් වික්‍රමරත්න
බස් වර්ජනයට එක්වූ සියලුම දෙනාගෙන් එය නවතා දමනලෙස ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම් හෙට සිට ධාවන බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පි.හේමචන්ද්‍ර මහතා පැවසීය.
ඒ සමගම එම බස් රථවල සේවය කළ රියදුරු කොන්දොස්තරවරුන්ට ලංකා ගමනාගමන කොමිසමෙන් නිකුත් කර ඇති රියදුරු සහ කොන්දොස්තර බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව ද ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පි.හේමචන්ද්‍ර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන්නම් කරලා පෙන්නන්න. නිකන් පුස් වෙඩි තියන්නේ නැතුව.
අන්න කරනවා නම් වැඩේ කොන්ද පණ තියෙන පාලකයෙක් නම් වැඩේ කරයි. අනෙක් වැඩ නැවත ලංගමට තව බස් 5000ක් විතර ගෙනත් දාන්න.
කයිවාරු වැඩක් නෑ. එක පාරක් කරලා පෙන්නන්න. එහෙම කලොත් බස්කාරයෝ තමන්ට හිමි තැන තියන්න පුළුවන්...
මොන පිස්සුද? මේ ආණ්ඩුව දෙකට නැමෙන ආණ්ඩුවක්. භය නැතිව වර්ජනය කරන්න.
ඇත්තෙන්ම කළයුතු දෙයක්... මේ අය හිතන්නේ තමන් ගැනම විතරක් සහ වැඩිදෙනෙකු මගමරුවන්ය.
තනි බස් රථ වලට බලපත්‍ර දීම වෙනුවට එක් එක් මාර්ගයට සේවය සැපයීමට බස් සමාගම් වලට ටෙන්ඩර් කැදවිය යුතුය. රාත්‍රියට එක බසයක් හෝ තිබීම , බස් රථවල හා සේවකයන්ගේ ගුණාත්මක බව ටෙන්ඩරයේ තිබිය යුතුය. සියලුම දියුණු රටවල වෙන්නේ මෙයයි. නැත්නන් තනි තනි බස් වල රේස් යාම මගින් මහමග මිනිස්සු මැරෙන එක වැලක්විය නොහැක.
ලංගමය වැඩි දියුණු කරලා පුද්ගලික බස් නැත්තටම නැති කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. හැත්තා ගණන්වල රාත්‍රී දහයටත් ඕනෑම හද්ද පිටිසර පාරක අන්තිම බස් එක කියල එකක් ගියා. නගරයේ සිනමා හලේ රාත්‍රී නවයට ඉවරවෙන ෂෝ එක බලල මිනිස්සු බස් එකේ ගෙදර ගියා. දැන් ඔක්කොම හවස හත අට වෙනකොට ඉවරයි. රට ආපස්සට ගිහින්. CTB කොන්දොස්තර සහ රියදුරුට මනා පුහුණුවක් තිබුනා. පිස්සෝ වගේ එලෙව්වේ නැහැ. CTB බස් එකක් අනතුරකට පත් උනේ බොහොම කලාතුරකින්. පුද්ගලික බස් ආවත් හරි ඔක්කොම කණපිට ගියා.
මේක මාර කරදරයනේ .express bus හෝල්ට් වල විතරයි දුර සේවා බස් නවත්තන්න ඕන. බොරුනේ කියන්නේ මිනිස්සු ඇඟට එනවා කියලා. බස් එකට නගින කොටම කියනවනේ.
මේ වගේ පොර ටෝක් අපි හැමදාම අහල තියනවා පුලුවන්නම් කරලා පෙන්නන්න ඒ වගේම මීට කලිනුතං එහෙම කරපු එකක පෙන්නන්න . මේක මේ රටේ තියන මාෆියා වලින් එකක් අනික්වා තමයි දොස්තර මාෆියාව ඊ ලඟට අන්තරේ මාෆියාව ඊ ලඟට සෞඛ්‍ය සේවයේ අනිත් අයගේ .................. තව අටෝරාසියක් තියනවා l
පතෝල වලින් ලී ඉරන්න පුලුවන්නම් ?