
(යොහාන් භාසුර)
මගී ප්‍රවාහන සාමාන්‍ය බස් රථයක මිල රුපියල් ලක්ෂ 160ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් බස් රථවල අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බවත් බස් රථ ව්‍යාපාරිකයෝ පවසති.
නව බස් රථයක් මීට පෙර රුපියල් ලක්‍ෂ 75ක පමණ මිලක පැවැති බවත් වසර දෙක තුනක කාලයක් තුළ බස් රථයක මිල සියයට 120කින් පමණ ඉහළ ගොස් ඇති බවත් බස් රථ ව්‍යාපාරිකයෝ කියති.
ලක්‍ක්‍ෂ දෙකක පමණ මිලක පැවැති පමණ බස් රථයක් මේ වන විට රුපියල් ලක්ෂ 15 ක් පමණ වී ඇති බව කියන බස් ව්‍යාපාරිකයෝ ඒ හේතුවෙන් පාවිච්චි කළ බස් උපාංග ද සොයාගත නොහැකි වී ඇති බව ද සඳහන් කළහ.
පැරණි බස් මිල ඉහළ යෑම නිසා අමතර කොටස් සඳහා බස් රථ කෑලි කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් ඒ හේතුවෙන් බස් කර්මාන්තය මේ වන විට දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් බස් ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු බස් කියන්නේ ලොරි චැසි ලොරි වලට නේද? කොහොමත් ලොරි වලට හැම රටකම බදු ගහනවා පරිසර දුෂණය ඉහළ නිසා.
ඩීසල් එන්ජිමට භූමිතෙල් දාන්නෙ නැතුව, වාහනේ පරිස්සමෙන් පදිනවා නම් අමතර කොටස් මිල වැඩිවීම එච්චර ගැටලුවක් නෙමෙයි.
ඩොලරය රු160 පමණ සිට 300 දක්වා වැඩි වීමයි මේකට හේතුව.
බස් කාරයො බස් එලවන්නෙ පාඩුවට. ත්‍රීවීල් කාරයො ත්‍රීවිල් එලවන්නෙ පාඩුවට. බේකරි කාරයො පාන් විකුණන්නෙ ෆාම් කාරයො බිත්තර විකුණන්නෙ පාඩුවට. ගොවියො වී විකුණන්නෙ පාඩුවට. ඇයි හැමෝම මෙහෙම පාඩුවට වැඩ කරන්නෙ. වෙන දෙයක් කරන්න පුලුවන්නෙ
අපිටත් ජීවත්වෙන්න ගිහින් හොඳටම පාඩුයි අනේ. මැරෙන එක ඊට පාඩු නිසා ඉවසන්නේ...!
මහජනතාව හැරෙන්න අනිත් ඔක්කෝම පාඩු ලබන අයයි
මූලික වියදම් අඩු වුණාට කවදාවත් ඒ අය සපයන සේවාවන් වල මිල අඩු වෙන්නේ නැති කර්මාන්ත ලංකාවේ ගොඩක් තියෙනවා.
බස් එකේ පිටිපස්සේ දොරෙන් නැගලා ඉස්සරහ දොරෙන් බැස්සොත් රුපියල් තිහයි. බස් දුවන එක පාඩුයි කියලා බස්කාරයෝ තවත් බස් ගන්නවා. බොරු නම් ගැමුණුගෙන් අහන්න...!