( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

තලංගම කොස්වත්ත  අටේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තලංගම පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර අනතුර සිදු කළ මාර්ග අංක 177  බස් රථයේ රියැදුරාද වන බව පොලිසිය කියයි.

ෙමාර්ග අංක 190 මීගොඩ පිටකොටුව සහ මාර්ග අංක 177 කඩුවෙල කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථ එකිනෙක ගැටී ඇතැයි පොලිසිය කියයි

මීගොඩ  සිට පිටකොටුව දක්වා ධාවනය වන බස් රථය බත්තරමුල්ල තලාහෙන පසුකර ධාවනය වීමේදී කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථය එයට පිටුපසින් පැමිණ කොස් වත්ත 8 කණුව ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන් ගත් බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි