කොළඹ යාපනය හා  දක්ෂිණ අධිවේගී  මාර්ගයේ  මාර්ග බලපත් නිකුත් කිරිමෙන්  රජයට  කෝටි ගණනක්  වංචා  සිදු වී  ඇතැයි  ද තම සංගමය සතුව ලිඛිත සාක්කි  පවතින බව පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා  පොලිස් මුලස්ථානයට  අද (21) පැමිණිල්ලක්  බාර  දුන්නේය.

ඇතැම් බලපත්‍ර වලින්  රුපියල් දස ලක්ෂයක් පමණ වංචා කර  ඇතැයි ඔහු  කියයි.

හිටපු ප්‍රබල දේශපාලකයකුගේ  සම්බන්ධයක්  ඇතැයි  ද ඔහුගේ  පැමිණිල්ලේ සඳහන් වේ.

මේ අතර ලංගමය බස් ගාස්තු වැඩි නොකළ යුතු යැයි ද ලංගමයට බස් ගාස්තු වැඩිකිරීමේ බලයක් නැති බවද එහි නියෝජ්‍ය කළමනාකරු රාජා ගුණතිලක මහතා පවසයි. එහි අයිතිය ඇත්තේ ගමනාගමන කොමිසමට බව කී ඒ මහතා පෞද්ගලික බස් හිමිකරුවන් කියන පරිදි 15%කින් ගාස්තු වැඩිකිරීම ලංගමය කිසිසේත අනුමත නොකරන බවද කීවේය.

DSC_4032 DSC_4078