ලංගම බස් මෙන්ම එකම සේවාව කරන පෞද්ගලික බස් සේවාවට ලංගමට නොමැති බදු සහ සේවා ගාස්තු ගෙවීමට සිදුවන බවත් තම කර්මාන්තයට සාධාරණය ඉටු කරදෙන ලෙසත් කියමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු පිරිසක් පැමිණිල්ල කිරීමට අද එහි ආහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේවාවන් දෙකේ වෙනසක් තියෙනවා. ලංගම යනු වගකීමක් ඇති ගුණාත්මකභාවයක් ඇති, රැකියාවේදී විනයක් ඇති සේවක මහතුන් සිටින, වෙලාවට අනුව ධාවනය කරන හොඳ සේවාවක්. පෞද්ගලික බස් බහුතරයක් කිසිම චාරයක් නැති සේවකයන් සිටින, කිසිම වගකීමක් නැති, ගුණාත්මකබාවයක් නැති සේවාවක්. තමන්ගේ අංශය මුලින් හරිගස්සාගෙන ඉන්න ඉල්ලීම් කරන්න කලින්. බැරි නම් බස් ටික විකුණලා දාන්න. රජයට පුළුවන් තව තවත් ලංගම සේවාව ශක්තිමත් කරන්න. අපිටත් ලොකු දෙයක් (නි)
බස් මගීන්ට මුහුදේ පනින්න වෙලා තියෙන්නේ...(බ)
මෙයා ජරා කටක් තියෙන එකෙක්, මුන්ගේ වාසියට විතරයි වැඩ ...........බස් වලින් මහජනතාවට වෙන්න ඕනේ සේවය නෙමේ බලන්නේ ...මුන්ගේ ගොඩ වැඩි කරගන්න ක්‍රමයක්. (බ)
මේකට හොඳම උදාහරණය තමයි කොපමණ සෙනඟ පිරිලා හිටියත් ලංගම බස්වල මිනිස්සු පොරකාලා නගිනවා පුද්ගලික බස් තිබුණත් ලංගම කරන්නේ මහජන සේවයක් පුද්ගලික බස් කරන්නේ බිස්නස් එකක් (අ)
කෙරෙන සේවාවෙන් ටිකක්. මුදල් සෙවීමට මගින් වැඩිපුර පටවා ගැනීම රෑට බස් නොදිවිම පාර පුරා බස් ධාවනය කරමින් අනතුරුදායක පරිසරයක් ඇති කිරීම ටිකට් නොදීම සේවකයන් මගීන්ට පහත් ලෙස කතා කිරීම - සුළු කාරනා වලට හිටි ගමන් වර්ජන කිරීම , බස් රථ තුල අධික ශබ්දය නගන කැසට් දමමින් මගීන්ගේ මානසික සැනසිල්ල නැති කිරීම , මහත්මයා. මීට අමතරව ඔබල සමාජයට සේවයක් කරන බව ඇත්ත. කරුණාකර ඔබේ සේවයට ප්‍රමාණාත්මකව වගේම ගුණාත්මක පැත්තක්ද තියෙන බව සිතට ගන්න.(අ)
පුබුදු අයියේ ඔයා නොදන්න දේවල් කතා නොකර ඉන්න ඔය ලංගමය මහජන මුදල් ගිලදමන මහා හොර ගුහාවක් ඕන තරම් තොරතුරැ කියන්නම් ඔයා දන්නේ නැති වුනාට අපේ පැත්තේ පාරවල් තියෙනවා ඉස්සර ලංගම දුවපු දැන් දුවන්නේ නෑ කතා කළා කියන්නේ ආදායම මදි කියලා මේකද ගුණාත්මක සේවාව කියන්නේ අපිට පාටක් නැ එන බස් එකක යනවා (බ)
ලොක්කා ළඟට ආපුවාම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා . කුණුහරප වැලක් කියමින් ලොක්කා කනට ගහපු පාරට පුටුවත් පෙරලාගෙන බිමට වැටුනා .මට මේ ජවනිකාව මතක් වුණා . (අ)
සෙනග පටවාගෙන ගිය පලියට පුද්ගලික බස් ලංගමට සමාන කරන්න බැහැ. ලංගම තවමත් ගුණාත්මක සේවාවක් ලබා දෙනවා.පුද්ගලික බස් තනිකරම ලාභය විතරයි බලන්නේ. ඉතින් මොකටද තව බදු සහන දෙන්නේ? (බ)
ඒක මොනවගේ සේවයක්ද කියලා බලන්න ඒකේ යන්නම ඕනෑ (නි)
බස්වල පොල් පටවලා වගේ යනෙන මගියන්වත් ඔය පැමිණිල්ලට ඇතුළත් කළා නම් ගොඩක් හොඳයි. වෙලාව නොවරදනවා වගේම බොහොම ශීලාචාර විදියට හැසිරෙන සේවකයන්වත් ඇතුළත් කරන්න. (නි)