
(ප්‍රසන්න පද්මසිරි)
බිබිල - අම්පාර මාර්ගයේ ළිඳකුඹුර ප්‍රදේශයේදී ලංගම බසයක් පෞද්ගලික බසයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් සහ මගීන් 45 දෙනකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
බිබිල මැදගම ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක් සිය සේවා මුර අවසන් වී නිවෙසක් කරා ප්‍රවාහනය කළ පෞද්ගලික බසයේ එම මාර්ගයේ එකම දිසාවට ධාවනය වූ ලංගම බසය එහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙ.
අනතුරින් පසු බසය මීටර් 20 පමණ දුරට ඇති ගොස් ඇති අතර පෞද්ගලික බසයට බරපතල ලෙස හානි සිදුව තිබේ. තුවල කරුවන් අතර ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් මෙන්ම ලංගම බසයේ මගීන්ද සිටින බව බිබිල පොලිසිය කියයි.
තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අනතුර සිදුවන අවස්ථාවේ පෞද්ගලික බසයෙ ඇඟළුම් සේවක සේවිකාවන් 55 - 60 අතර ප්‍රමාණයක් ගමන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් දෙකක් හැපී 45ක් රෝහලට