පෞද්ගලික බස් හිමිකරුවන්ගේ සංගම් හා රජය අතර පැවැති සාකච්ඡා අවසන ගත් තීරණයක් අනුව 6%ක බස් ගාස්තු වැඩිවීම අද (1) සිට ක්‍රියාත්මක වන බව බස් සේවකයෝ කියති.
ඒ අනුව රුපියල් 8ක් ව තිබූ අවම ගාස්තුව අද සිට රුපියල් 9 දක්වා වැඩිවේ. ලංගම බස් ගාස්තු ද ඒ අනුව වැඩිවන බව ලංකා ගමනාගමන මණ්ඩලය කියයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට දෙන සහන ගැන අපේ විරෝධය (බ)
ඔය කැඩිච්ච ගණන් මොකටද.කෙලින්ම 10,15,20,25,30, ආදී වශයෙන් මාරු කාසි නොලැබෙන ගානක් ස්ථාපිත කළා නම්නේ හොඳ. රු 9යේ ටිකට් එකට රු10ක් දුන්නොත් ඉතිරි රුපියල ලැබෙයිද? (බ)
සියයට 6 කට වඩා වැඩි කරලනේ ... (හේ)
මට හරිම සතුටුයි දැන්. මේක මදි. ඉල්ලුව 12% දුන්නා නම් කොච්චර හොඳද? (නි)
ලෝක වෙළද පොළේ තෙල් මිල අඩුවෙද්දී ලංකාවෙත් ටිකක් හරි අඩුකරලා එ්කේ වාසිය මගී ජනයාට ලබාදෙන්න තිබුණා. ලංකාවේ අඩුවෙන ඒවා නම් හරිම විරලයි. (නි)
කොහොමත් 10 තමයි.දැන්නම් මාර විදියට සනීපයි..(බ)
මිට උඩින් තිබෙන ප්‍රවෘත්තියට විරුද්ධව අදහස් දාලා තියෙන අයට දැන් සතුටුද? (නි)
සියයට හැටදෙකක් ජනතාවට තවත් සතුට වැඩිවේවි.(හේ)
ඇත්ත වශයෙන්ම මේ ප්‍රමාණය මදි මොකද මීට වැඩ ගැමුණුලා වියදම් කරනවා ජනතාවට සේවය කරන්න මම ජනාධිපති තුමාට කීවේ හැකිනම් සියට පහළවකින් වත් වැඩි කරන්න කියලා.(හේ)
කැපකරන ජනතාවක් වශයෙන් අපිට මේක ප්‍රශ්නයක් නැත. (හේ)
තිබුනු සහ වැඩිකළ ගාස්තු දිහා බැලුවහම මේ සැළසුම් වල අනිත් දේවල් ගැන හිතාගන්න පුලුවන්. රු. 9, 12, 16, 132, 134, 136 වගේ ගාස්තු නියම කළාම බොහෝවිට ඉතුරු මුදල් ලැබෙන්නෙ නැහැ. එසේම එහි ලාභය බස් හිමියාටවත් රජයටවත් ලැබෙන්නේ නැහැ. හරියට බැලුවොත් මෙය 12-15%ක වැට් බද්දකට සමානයි. (නි)