
(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය. ඒ අනුව අද දිනය ඇතුළත නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාත්‍රී 8 පසු ගමනක් යාමට බස් නැත , පුද්ගලික බස්රථ ධාවනය කරන්නේ වාසි වෙලාවට පමණි , හවස 5.30 පසු අධිවේගී මාර්ගයේ වුනත් කොළඹ යාමට බස් නැත , පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කල යුතුය , ලංගමට නැවත පන දෙන්න ඕනේ , අර ශ්‍රී ලන්කන් ගුවන් සමගම නමැති සුදු අලියා විසින් 2008 සිට මේදක්ව රුපියල් කොටි 36000 පමණ මහජන මුදල් ගිලදමා ඇත , මේවා ලංගමට ආයෝජනය කලානම් අද අපේ ප්‍රවාහන ප්‍රශ්නය බොහෝදුරට විසදී ඇත , මිනිස්සු පුද්ගලික වාහන , ත්‍රිරෝද රථ , යතුරු පැදිවලට හුරුවී ඇත්තේ පොදු ප්‍රවාහන සේවය දුර්වල නිසාය ,
මාර්ග අංක 600 මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 15 කට අඩුයි නමුත් බස්ගාස්තු ඉතාමත් වැඩියි මීට මාස දෙක තුනකට පෙර බස්ගාස්තු අඩුකලත් එම මාර්ගයේ අඩු කලේ නැහැ එම මාර්ගයේ ඉතාමත් අසාධාරණ ආකාරයට බස්ගාස්තු අය කරන බව හොදින්ම පරීක්ෂා කලොත් පෙනේවි එහි එක් ගාස්තු ක්‍රමයක් ගැන කිව්වොත් මුලින්ම තිබුන ගාස්තුව රුපියල් 96 ක් වුනා පසුගියදා රුපියල් 91 ක් බවට පත්වුනා ඉතින් 96/= වෙනුවට රුපියල් 100/= අයකළ ගාස්තු 91/= වුනාම 95/= ගන්නවා ලංගම කට්ටියම 91/= වෙනුවට 95/= ගන්නවා ඇත්තටම එම මාර්ගයේ ගාස්තු ගැන සමීක්ෂණයක් කර අසාධාරණ ආකාරයට අයකරන බස්ගාස්තු සංශෝධනයක් කරන්න කියලා ඉල්ලනවා ඒ සමඟ බිලියන ගණනක් වියදම් කර සංවර්ධනය කළ එම මාර්ගයේ හා ඇහැලියගොඩ පනාවල හරහා දෙහිඕවිට මාර්ගයේ දුර ගමන් සේවා බස් ධාවනයට අනුමත කරනවා නම් ලොකු සෙතක් වෙනවා
අනුර සහෝදරයා රාත්‍රියට බස් නැහැ.... කරුණාකර රාත්‍රී කාලයත් ආවරණය වන පරිදි බස් කාලසටහන වෙනස් කරන්න. එකම බස් එකට හැමදාම එකම වෙලාවට ධාවනය වෙන්න ඉඩ දෙන්න එපා. ටයිම් එක සතියෙන් සතිය රොටේට් කරන්න.. එතකොට බස් හිමි කාටත් සාධාරණයක් වෙනවා නැතිනම් සිදුවෙන්නේ ටයිම් කිපර්ලට සහ බලධාරීන්ට කියක් හෝ දීලා හැමෝම දවල්ට බස් දුවනවා. රාත්‍රී 7න් පසු බස් නැහැ. රාත්‍රියේත් බස් තිබෙනවා නම් මිනිස්සු රාත්‍රියේත් ගමන් බිමන් යාවි... එහෙම වුණාම දවල්ට තිබෙන බස් සහ වාහන තදබදයත් අඩු වේවි...