පෞද්ගලික බස් කොන්දොස්තර වරයකුගේ යකඩ පොලු පහරට ලක් වු බව කියන 11 වසරේ සිසුහු තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටී.
බද්දේගම බස් පොළ්දී ඇති වු බහින් බස් වීමක් මේ පහර දීමට හේතුව බව කියති.
ගාල්ල වක්වැල්ල බද්දේගම බයයේ සේවය කරන මෙම කොන්දොස්තර අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොන්දොස්තරලා තවම එච්චර නරක නෑ මම ඉන්නේ ජෝර්දාන් මෙහෙ ඉන්න බල්ලෝ දැක්කම මරාගෙන මැරෙන්න හිතෙනවා. ඒක මෙහෙ ඉන්න අය හොදට දන්නවා ඇති.(නදී)
කොන් වෙන වැඩ... (ස)
පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන්ට අවම අධ්‍යාපන සුදුසුකමක් ඇති කිරීමට පෙර පලා බබ්බුන්ට අවම අධ්‍යාපන සුදුසුකමක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. මොකද සැම පළාත් සභාවකම ගමනා ගමන ඇමති කෙනෙක් ඉන්න නිසා..(නදී)
පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන්ට නීති මාලාවක් සහ එයට පැමිණීමට පෙර අවම අධ්‍යාපන සුදුසුකමක් ඇති කල යුතුය . මගීන්ට අචාරශීලි වීම, පාරේ අනිකුත් වාහන වාහනවලට ආචාරශීලි වීම, මුදල් වලට වඩා මානුෂික සේවයක් කිරීමට ඉගැන්විය යුතුය. (ස)
මේ ගොල්ලො කොන් කරපු දොස්තරලා. එම නිසානේ යකඩ පොලු වලින්ම පාසල් ළමුන්ට බෙහෙත් දෙන්නේ (නි)
කෝ සංගම්? මේවාට මොනවාද කරන්නේ? වර්ජනය කරන්න කියමුද? (නි)
හොඳ වැඩේ. කොන්දොස්තර තියා කවුරු වුණත් නිකන්ම කෙනෙකුට ගහන්නේ නැහැනේ. 10, 11 වසරට එනකොට කොල්ලෝ ඕනෑවට වඩා ඉලන්දාරි වෙන්න හදනවා (නි)
දොන්සේතන්, මේක බලු ප්‍රශ්නයක් නොවුනට බලු-බලු ප්‍රශ්නයක්. හොයලා බලන්න. කොන්දොස්තර ගැහුව එක වැරදියි. ඒත් කොන්දොස්තර කරලා තියෙන්නේ පුද්ගලයන්ට අනුව සන්නිවේදනය භාවිතා කිරීමයි. (නි)
මදාවියෙක් වෙන්න ඇති යකඩ පොල්ලක් බස් එකේ ඇතුලේ තියාගෙන රස්සාව කරන්නෙ. (නි)
පොලිසියේ මහත්වරු මේ ගැන අවදානය යොමුකළ යුතුයි (නි)
සමහර පාසල් ළමයි හිතාගෙන ඉන්නේ පොරවල් කියලනේ . අනික වවුලෝ වගේ එල්ලිලා යන්නමයි හදන්නේ (අ)
කව්ද දන්නේ පාසල් ලමුන්ගේ වරදද කියලා. හුගක් පාසල්වල ඉහළ පන්තිවල ළමුන් ඔයවැනි දඟවැඩ කරනවා (නි)
එයාටත් ඕකෙන්මයි සළකන්න තිබුණේ (නි)
යකඩ පොල්ලෙන් නොගහා සල්ලි වලින් ගහන්නද? (නි)
පොලිසියේදී සහ සිර ගෙදරදී මේ කොන්දොස්තරට නිසි සැළකුම් ලැබේවා! (නි)
අපෝ! බෙන්තර ගඟෙන් එහාපැත්තෙන් ඔය වගේ දේවල් ඇහෙන එක සාමාන්‍ය දෙයක්! ඒ මිනිස්සු හරි නපුරුයි (නි)
දැන් දැන් පාසල් යන කොල්ලොත් නහයට අහන්නෙ නැහැනේ (නි)
කොහොමත් බස් කොන්දොස්තරලා හොරු. බස් වල යන අපේ තමා වරද. අපි කොහොම හරි දියුණු වෙලා වාහනයක් ගත්තා නම් බස්කාරයන්ගේ බොරු ගණන් බලන්න ඕනෑ නැහැ. මම නම් පුළුවන් තරම් කෝච්චියෙන් හරි පයින් හරි තමයි යන්නේ. (නි)
ප්‍රියන්ත ,මේක බලු ප්‍රශ්ණයක් නාෙවෙයි , කොන්දොස්තර ප්‍රශ්ණයක් (නි)
කොහොමත් සමහර ඉස්කෝල ළමයි හිතාගෙන ඉන්නෙ එයාලට වඩා කෙනෙක් නැහැ කියලා.ෆුට් බෝර්ඩ් එකෙන් උඩට නගින්නෙ නැහැ.කොන්දොස්තර කිව්වට ගණන් ගන්නෙත් නැහැ.අන්තිමට ඒ දවසෙ කුලියට වැඩ කරන මනුස්සයා තමයි වගකියන්න ඕනෑ.මීට කලිනුත් ඔය පාරෙ ළමයෙක් ෆුට් බෝර්ඩ් ගිහින් වැටිලා මැරුනා.ඒත් ඉතින් ළමයි පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ.එයාලට අනතුරක් වුණත් ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තරයි වගකියන්න ඕනෑ. දෙයක් කියලා පහදලා දෙන්න තරම් ළමයි දැන් ඇත්තෙත් නැහැ. (නි)
යකඩ පොලු වෙනුවට වේවැල් පාවිච්චි කිරීමට නියම කළ යුතුය, වේවැල් කර්මාන්තය කරන අයටත් හොදයි. ගැමුණුට පමණක් යකඩ පොල්ලක් දුන්නට කමක් නැහැ, මෙවන් ගෝලයෝ හදාගන්න,.... (නි)
රියදුරන්ට සහ කොන්දස්තරවරුන්ට ලිඛිත විහාගයක් ආචාර සමාචාරතාවය ගැන පවත්වා බලපත් ලබාදිය යුතුයි. මෙම විහාගය ප්‍රවාහන මණ්ඩලයෙන්ම පැවැත්විය හැකියි. අමතර ආදායමකුත් ලැබේ. (නි)