පෞද්ගලික බස් සම්බන්ධයෙන් එස්.එම්.එස් මඟින් පැමිණිලි කිරීමේ නව අංකයක් ඔක්තෝබර් 1 (අද) සිට ක්‍රියාත්මක වන බව පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමති සී.බී.ඒකනායක මහතා කියයි.
ඒ අනුව දුරකථන අංක 071 655 00 00 ට කෙටි පණිවිඩයක් ලෙස දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා මගීන්ගෙන් ඉල්ලා සිටි. මෙම කෙටි පණිවිඩය ඊමේල් පණිවිඩයක් හරහා අමාත්‍යංශයට යොමු කෙරෙන අතර ඒවා ක්ෂණිකව පිටපතක් ලෙස ලබාගැනීමේ හැකියාව ඇත. පැමිණිලි කිරීමේදී බස් රථයේ අංකය, මාර්ග අංකය, වේලාව ආදිය නිවැරදිව සඳහන් කිරීම විමර්ශන කිරීමට පහසුවක් බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්වත් වැඩක් වෙයිද? (නි)
ලියලා දීලත් වැඩක් වෙන්නේ නැති නැති එකේ එස්.එම්.එස්. එකට වැඩ කරනවා නම් හරි ෂෝක්නේ! (නි)
බලමුකෝ අපේ පැමිණිලි ක්‍රියාත්මකවෙයිද කියලා (නි)
දක්වා ඇති දුරකථනය එස්.එම්.එස් කෙසේවෙතත් වැඩකරන එකක්ද බලන්න කියලා නිකමට බැලුවා.විනාඩි 3,4 ක්ම නෝනලා දෙන්නෙක් සිංහලෙන් ,දෙමලෙන් කතා කරලා අර අංකය,මේ අංකය ඔබන්න කියලා, . අන්තිමේදී " ඔබ හට විශිෂ්ට සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ඇමතුම පටිගත කරනු ලැබේ කිවුවා. "ඔය ටේප් එක" කොන්දොස්තර අතට ගියා නම් ඉතුරු සල්ලි කෙසේ වෙතත් අපිට ගුටිකන්නත් සිද්ධවෙන නිසා මම ඇමතුම කපාහැරියා. (නි)
ලංකාවේ හරියට නීතිය අනුව යන අර්ධ සුඛෝපභෝගී බස් එක මොකක්ද කියන්න පුලුවන්ද? (නි)