බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට බස් රථ 50ක් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේදී අද (17) බාර දුන්නේය.
රැඳැවියන් ප්‍රවාහනය කිරිමේදී මහත් අඩුපාඩුවක්වු හිගයට විසඳුමක් ලෙස සැපැයුණු මේ බස් වල වටිනාකම රුපියල් කෝටි 214 ඉක්මවයි.
බන්ධනාගාර සහ එළිමහන් කඳවුරු වලට මේ බස් බෙදා දෙනු ඇත .
පානීය ජල බවුසර් කිහිපයක්ද බෙදා දුන් මේ අවස්ථාවට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ , බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් එම් ඩි ආර් පුෂ්ප කුමාර , හිටපු බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහත්වරු ද ,අමාත්‍යංශ ලේකම් කමලිනි ද සිල්වා මහත්මිය ද පැමිණ සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ගෙනාවත් අපේ රටේ මහජන මුදල් (නි)
මේ වගේ ඉස්සරහට යන්න. හොඳ වැඩක් (නි)
මේ බස් රථ 50 වටිනාකම රුපියල් කෝටි 214 ඉක්මවයි.කවුද දන්නේ නෑ ගෙනාවේ (අ)
සමීර ඔයා හරි මම දන්නා විදිහට මේවා නිෂ්පාදනේ කරන්නේ ඉන්දියාවේ මේක වැරදීමක්ද නෙත්නම් එයාලත් අපිට කොකා පෙන්නන හදනවද (අ)
රුපියල් කෝටි 214 ක් කියන්නේ "කජු ඇට කොස් ඇට" නෙමෙයි.වහාම පරික්ෂණයක් කරලා කවුරුද ගෙන්වුයේ ?කොමිස් මුදල කියාද?සත්‍ය මිල ගණන් රටට හෙළි කරන්න.(දිල්)
කරුණාකරලා මිල ගණන් ගැන පරීක්ෂණයක් කරන්න. (ර)
ඔය ගියර් පෙට්ට් ඇතුලේ කුඩු තියෙනවා ද බලන්න (අ)
කෝටි 214ක් එතකොට මේ බස් එකක් 4,28,00,000ක් වෙනවා.මේ ගණන් මිමි පිලි ගන්න අපි "බත් කන හරක්" නෙමෙයි. (අ)
කවුරු ගෙනාවත් කාගෙවත් මුදල් නොවෙයි. හිටපු ජනදිපතිගේ හෝ ඇමතිවරයකුගේ නොවෙයි.ඕක තේරුම් ගන්න බැරි අය ප්‍රතිචාර දක්කනවා (අ)
එක බස් එකකින් 60% කම ගසා කාල ඕන කෙනෙකුට තේරෙනවා (අ)
කීයද එක බස් එකක වටිනාකම.? (ර)
කෝටි 4.28 ක බස් එකක්? හිරකාරයින්ටත් තිබෙන සැප කිවුවලු (නි)
ඔය බස් ගෙන්වූ රට මොකක්ද කියා අපි දැනගන්න කැමතියි (නි)
හරි ඉක්මනට වැඩ කෙරෙනවා නේද? (නි)
අර ඇල්ලුවයි කියන පසුගිය රජයේ වාහන වලට මොකද වෙන්නේ? (නි)
මේක ඉන්දියාවේ නිෂ්පාදනය කළ එකක් නෙමෙයි. ලංකා අශෝක් ලේලන්ඩ් කියලා තියෙන්නේ ලංකාවේ හැදූ නිසා නේද? මේ බස් එකක් කෝටි 4ක් වෙයිද? (නි)
කරුණාකර පසුගිය ආණ්ඩුවේ කළ වැඩ උත්සව නොතියා ලබාදෙන්න. මේවා දින 40 න් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. (නි)
වෙඩි නොවදින ඔය බස් ටික පාට වෙනස් කරලා දුෂ්කර ගම්වල පාසල් වලට බෙදලා දුන්නා නම් අපේ රටේ මීළඟ පරම්පරාව හරි හිරගෙවල් වලට නොයන්න පාර හදාගනීවි (නි)
මේ වගේ කුඩා බස් රථ මාස 4 කට උඩදී ලංගමයට දුන්නා. තනි දොරේ කුඩා බස් රථ. (නි)
මේවා ගිය ආණ්ඩුවෙන් කරපු වැඩ(දිල්)
මේ බස් එකක් කෝටි 4.28ක් වෙනවද? මේ ආණ්ඩුවෙන් දුන් පොරොන්දු කෝ? මේවා නෙමෙයි නේද දෙන්න පොරොන්දු වුණේ? (නි)
මේවා විවෘත කරද්දී හිනාවෙන්න නෙමෙයි ඕනේ අඩන්න (නදී)
විජේදාස මහත්තය නීතිඥයෙක් නිසා දන්නවා උසාවි තීන්දු එනකන් සැක කාරයෝ එහාට මෙහාට ගෙනියන්න කොච්චර වාහන ඕන වෙනවද කියල. (නදී)
මේ ගිය ආණ්ඩුවෙන් පටන්ගත්ත වැඩක් නේද (දිල්)
වායු සමීකරණය කරන ලද සැප බස් රථ දෙක තුනක්වත් දුන්නනම් හොද නැද්ද? අර අල්ලස් කොමිසම හරහා ඒල්ල කළ චෝදනා වලට යම් කෙනෙක් වැරදිකරුවෙක් උනාෙත් ගෙනියන්න(දිල්)
අදහස් දක්වා තිබෙන මහාචාර්යවරුන්ගේ දැනීම ගැන සතුටේ බැහැ. මේවා කවුරු ගෙනාවත් කොහොම ගෙනාවත් වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්. අනික මේක සතුටුවෙන්න ඕනෑ කාරණයක් නෙමෙයි මට නම්. බිම පෙරළි පෙරළි අඬන්න ඕනෑ කාරණයක්. අපරාධකාරයෝ, වැරදිකාරයො, සැකකාරයෝ එච්චරට වැඩිවෙලා අපේ රටේ. ඒක අඩුකරගන්න ක්‍රමයක් කවුරුවත් කතාකරන්නේ නැහැ. (නි)
විජේදාස මහත්තය ඔච්චර බස් කන්දරාවක් දීල තියෙන්නේ ළඟදීම ඕවා පිරෙන තරමටම රැඳවියන් අල්ලා ගැනීමේ බලපොරොත්තුවෙන් වගේ නේද? (නදී) එහෙම නම්, ඇති වෙන්න හිර කූඩුත් ඉක්මනට හදන්න වේවි ඇමති තුමනි !!!
මේ දන්නේ නැති නිසා අහන්නේ. බස් එකක් කෝටි 4 ට විතර වෙනවද ?(නදී)
දන්නා අඳුරන ගොඩක් කට්ටිය ලඟදි ඇතුලට දාන්න ඉන්න හින්දද දන්නේ න දැන්ම තිය පහසුකම් සපයන්නේ බන්දනාගාරේට(නදී)
බොහොම හොඳයි (නි)
මේ බස් ටික ජනවාරි 9 දා උදේ පාන්දරම ඕඩර් කරන්න ඇති නේද? (නදී)
බස් 50 කට කෝටි 214 ක් (නදී)
හිටපු ලොක්ක ගෙන්නුවා අපි බෙදනවා (නදී)
කෝටි 214ක් එතකොට මේ බස් එකක් 4,28,00,000ක් වෙනවා. රත්තරං වලින්ද, නැත්තං හෙරොයින් වලින්ද මේව හදල තියෙන්නේ. (නදී)
මේවා මාසෙන් ගෙනාපුවා වෙන්න බැහැ. මහින්ද මහත්තයා ඇනවුම් කරපුවා වීරයෝ වගේ බෙදනවා. (නදී)
බස් බෙදුවාට මදි. පහසුකම්ද සොයාබැලිය යුතුයි. (නි)
කවුරු ඇනවුම් කළත් මේව රටේ මහජනතාවගෙ සල්ලි.(නදී)
ඇත්ත මාත් පිලිගන්නවා මාසෙකින් මෙවැනි දෙයක් කිරීමට නොහැකි බව. ටෙන්ඩර් කැදවන්නම මාස 3ක් විතර යනවා. කමක් නැහැ කව්රු කලත් ඔවුන්ගේ සල්ලි වලින් නෙමෙයිනේ ඉතින්. රටේ අවශ්‍යතා කොහොමත් රජයක් ඉටු කරන්න ඕනා(නදී)
අම්මට සිරි, හිටපු ආණ්ඩුව ඒ බස් වලිනුත් සෑහෙන්න ගහලා වගේ. ගොඩක් අය කියලා තියෙනවනේ ගිය ආණ්ඩුවෙන් ගෙන්නුවේ කියලා. (නදී)
රසික, වීරයො වගේ බෙදනවා විතරක් නෙවෙයි ඇයි දන්නවද මෙච්චර බස් බන්ධනාගාරයට දැම්මෙ, ඒ කාලෙ හොරා කාපු උන් ගාල් කරන්න, හරියට හෙව්වොත් තව හිර ගෙවල් හදන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බස් එහෙමත් බොහොම සුද්දෙට ගේන්න ඇත්තෙ ඒ කාලෙ නේද.(නදී)
මේවා ගිය ආණ්ඩුවෙන් ගෙන්නපු දේවල්නේ දැන් මෙයාලා ගෙන්නුවා වගේ බෙදනවා (දිල්)
මේවා ගිය ආණ්ඩුවෙන් ටෙන්ඩර් කැදවා ඇනවුම් කරපු ඒවා නේද? (නදී)
අනේ අනිච්චන් මේ බස් ටික සාක්කුවේ දාගෙන එන්න ඇති බෙදන්න.(නදී)
කව්රු කලත් දැනට ඉන්න අයට තමා මේවා බෙදන්න වෙන්නේ. එහෙනම් චන්ද්‍රිකා ජනාධිපතිගේ වැඩ සටහනකට අනුව ඉදිකිරීම් පටන් අරගෙන කරගෙන ගියපු නෙලුම් පොකුණ රගහල කොහොමද රාජපක්ෂ නෙලුම් පොකුන රගහල උනේ.(නදී)
කරුණාකර ඔය බස් සහ වෙනත් වාහන නඩත්තු කරන්න අවශ්‍ය පියවර ගන්න. අපේ රටේ අයට අලුත් ඒවමයි ඕනා. ඕවා හරියට පාවිච්චි කරන විට වැරදියට පාවිච්චි කරනවා වගේ දෙගුණයක් ප්‍රයෝජනයට ගතහැකියි. ලෝකයේ සම්පත් කළමනාකරණය කියන විෂය හරි දියුණුයි. මම වැඩ කරන රටේ රජයේ සම්පත් කළමනාකරණය ඉතා දියුණුයි. එයට අදාළ මෘදුකාංග දියුණුයි. අපේ රටෙත් සම්පත් කළමනාකරණය පිලිබඳ දැනුම සෑම ආයතනයකටම ලබා දිය යුතු වෙනවා. නැත්නම් තව අවුරුදු කිහිපයකින් නැවතත් කවුරු හරි ජනතා මුදල් වියදම් කර ණයට බස් ගෙනෙයි. (නදී)
මේ බස් එකක් සෑහෙන වටිනවානේ? (නි)
මොන ආණ්ඩුවෙන් ගෙනාවත් විවෘත කරන්න ඕනෑ ඇමතිතුමානේ! (නි)
ජයවේවා! (නි)
මේ හැමදේම ජනතාවගේ මුදල්. පාට පාට කණ්ණාඩි වලින් බලන්නේ නැතුව බුද්ධිමත්ව බලන්න පුරුදුවෙන්න දරුවනේ (නි)
මහින්ද කිසි වැඩක් කරලා නැහැ. යුද්දෙන් 75% ඉවර කලේ තමා කියලනේ චවුර රැජින කියන්නේ. මහින්ද වැඩ නොකලට මිනිස්සුන්ට පිස්සුද දන්නේ නැහැ එතුමාව බලන්න මේ වෙන කොට ලක්ස 7 1/2 කට වැඩිය සෙනඟ ගිහිල්ල තියෙන්නේ. (අ)
වියදම ගැන සොයාබලන්න ඕනෑ කියලයි හිතෙන්නේ (නි)
වැරදි කරන මිනිස්සුන්ට තව සැප දෙන්න නියම වැඩේ අනේ ගොන් හරක්. (අ)
අය්යෝ මේ බස් ටික ලංගමට දීල, හිරකාරයන්ට ලංගමේ තියන පරණ බස් ටිකක් දෙන්න තිබුනේ. මොකද හිරකාරයෝ වෙලාවට කලාවට ගියා කියල රටේ කාර්යෂමතාවය ඉහල යන්නේ නැනේ. (අ)
මේවා විවෘත කරද්දී හිනාවෙන්න නෙමෙයි ඕනේ අඩන්න. මේ බස් ටික ජනවාරි 9 උදේ පාන්දරම ඕඩර් කරන්න ඇති නේද (නදී)