උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතාට බෙලිහුල්ඔය පඹහින්නේදී විරෝධය පළ කළ සිසුන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් සරසවි පාලකයෝ කියති. සරසවිය නැවත විවෘත නොකර සිසුන්ගෙන් පළිගන්නට ගියහොත් සෙසු සරසවි සිසුන්ද සම්බන්ධ කරගෙන උද්ඝෝෂණය කරන බව සිසුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටවල සරසවි සිසුන් තමන්ගේ වියදමින්, වයස 22 -23 වන විට උපාධිය අරන් ඉවරයි. ඒ අතරේ අර්ධ කාලීන සුළු රැකියාවල යෙදීලා වෘත්තීය අත්දැකීමත් ගන්නවා. අපේ රටේ කට්ටිය ඉස කෙස් සුදු වෙනකන් ගුස්ති අල්ල අල්ල ඉන්නවා. ඊට පස්සේ ලංකාවේ පවතින සමාජ ක්‍රමය වැරදියි කිය කියා තුන් ලෝකෙටම බනිනවා. (නදී)
බන්දුල පෙරේරාට හැම පැත්තෙන්ම ප්‍රශ්ණ ඇති වෙලා තියනවා වගේ. ජේ වී පි වගේ විරුද්ධ පක්ෂ එක්ක පුදුම තරහක් තියෙන්නේ. මිනිස්සු මැරීම අතපය කැඩීම අනුමත කරන පුද්ගලයෙක්. ඔයාගේ තරහ පිරිමහ ගන්න ලියන දේවල්. මිනීමරුවන්ට වෙච්චි දේවල් අමතකද. ලෝකේ කොහෙවත් මිනි මරුවන්ට ජිවත් වෙන්ඩ ලැබුනේ නැහැ (නදී)
දයා අලහකෝන් , සරසවියට යන්න ලකුණු මදි වූ පමණින් සැම දරුවෙක්ම ඉගෙන ගන්න බැරි ගණයට දාන්න එපා. නොයෙකුත් හේතු නිසා බුද්ධිමත් ළමයින් පවා උසස් පෙළ අසමත් වෙනවා. හැබැයි සමාජයේ ප්‍රායෝගිකව ජීවත් වෙන්න දන්නේ නැති නම් උපාධියක් තිබුනට වැඩක් නැහැ. නිදහස් අධ්‍යාපනය රැක ගන්න පුළුවන් බුද්ධිමතුන්ට මිස චණ්ඩින්ට නෙවෙයි. එතන වෙනසක් තිබෙනවා. (නදී)
ජෙහාන් මහත්තයෝ, සිසුන් සමග පැටලුනු කව්රුවත් ඉතිහාසේ කුණු බක්කියට වැටුන් නැහැ . ඒ අය කුණු බක්කියට වැටුනා නම් වැටුනේ වෙන හේතුන් නිසා. අපි කියන්නේ හොදින් හෝ නරකින් මේ දේශපාලන පිළිල විශ්ව විද්යාල වලින් ඉවත් කරලා සිසුන්ට ඔවුන්ගේ පරමාර්ථය ඉටු කරන් කලට වෙලාවට සරසවියෙන් බැහැර වෙන්න ඉඩකඩ සලසන්න ඕන කියලා.(නදී)
අන්තරය ගැන චාමික නොදන්නා ගොඩක් දේවල් අපි දන්නවා.ඔයා තාම තරුණ වයසේ වෙන්න ඕනෑ.අපි දැන් තරුණ විය පහුකරලා. ඒ අඳුරු යුග වල අත්දැකීම විඳි අය.ආයෙත් එහෙම යුගයකට අපේ දරුවන් බිලිවෙනවා දකින්න අවශ්‍ය නැති නිසයි ඒකට අකමැති නිසයි අපි මේ විදියට අදහස් දාන්නේ. (නි)
වියයුත්ත වුණාට පස්සේ කොමිසන් පත්කරලා විසඳුම් දෙන්න දඟලනවට වඩා දැම්මම මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නා නම් නරකද? (නි)
බන්දුල මහත්තයෝ, මොකද මේ මට ලවක් දෙවක් නැතුව ආඩපාලි කියන්නේ? ඔබතුමාගේ හැට ඇඳිරිය තද වෙලාද? මම මෙතන අදහස් ලිව්වෙත් නැහැ. ජොහාන් කියන කෙනාගේ ප්‍රතිචාර වලට මගේ නම කියමින් බනිනවා. ඔය කඩේ යන තැනට කියන්න ඔබේ කණ්ණාඩිය වෙනස් කරන්න කාලේ ඇවිල්ලා, අඩුගානේ ඒකවත් කරලා දෙන්න කියලා. (නි)
අසව්! අසව්!! බන්දුල පෙරේරාගේ නියම ස්වභාවය ඔය තියෙන්නේ නියමෙටම පෙන්නලා. "බොහොම ලේසියෙන් කරන්න පුළුවන් ..නමුත් ඒකට 88/89 හිටියා වගේ නායකයෝ ටිකක් මේ රටේ ඉන්න ඕනෑ. " මෙයා මේ ආණ්ඩුවට කඩේ යනවා කියලා බොහොම දෙනෙක් හිතාගෙන හිටියට, දුරදිග පොඩ්ඩක් හිතලා බලන්න. (නි)
අපිට තියෙන්නේ වෙන දේ බලාගෙන ඉන්න එකයි (නි)
මේක පුදුම රටක්. (නි)
මම නම් කියන්නේ මේ ඇමති වරු දෙන්න සම්පුර්ණම අධ්‍යාපනය අසාර්ථක කරන උත්සහයක් ගන්න හදනවා කිසිම වගකීමක් නැති දෙන්නක් වගේ...(අ)
බන්දුල මහත්තයෝ, ඉහළ අයගේ, වගකිවයුත්තන්ගේ විනයක් නැතිකොට ළමයින්ගේ විනයක් ඉතුරු වෙයිද ? පේනවා නේ රාජ්‍ය තාන්ත්‍රික සේවය. (නදී)
"දෙපසම පිරිහී ගරාවැටෙන කල කවුරු බලන්නද? කවුරු දකින්නද?" (නි)
හැමෝම කැමති ඇති නැගිටින්න කියනකොට නැගිටින්න. ඉඳගන්න කියනකොට ඉඳගන්න. අපිට කතිරේ ගහන්න කියනකොට කතිරේ ගහන්න. බේගල් කට ඇරගෙන අහල විවේචන නැතුව පිළිගන්න අන්න එහෙම හොඳ විනයක් තියන විශ්වවිද්‍යාල සිසු පිරිසක් ඉන්නවා නම් හැමෝම කැමති ඇති. සාමාන්‍ය ජනතාවට නොතේරෙන ගොඩක් දේවල් විශ්ව විද්‍යාල සිසුන්ට තේරෙනවා එ්ක තමයි වැරැද්ද. (නදී)
විශ්ව විද්‍යාල වල දේශපාලන මත දරන්නත්, විරෝධතා දක්වන්නත් කාගෙන්වත් අවසරයක් ඕනේ නැහැ. හැම දෙයක්ම සිදුවිය යුත්තේ සංවාදාත්මක විදියට. හැබැයි මෙතන තියන ප්‍රශ්ණය, මේ අයිතිවාසිකම එක පක්ෂයක් විසින් බොහොම නරක විදියට පාවිච්චි කිරීම. මේ නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යා හෑල්ලුවට පත්වෙලා. මොරටු විශ්වවිද්‍යාලය මේ තත්වය තරමක් දුරට හෝ අවබෝද කරගෙන කටයුතු කරන බව පේනවා. (නදී)
බන්දුල පෙරේරා නම් කුණු බක්කියට වැටිලා වගේ. (නදී)
ඉගෙනගන්න තියෙන කාලයේ ඉගෙනගන්න, අහිංසක දෙමාපියන්ගේ සල්ලි නාස්ති නොකර (නි)
මෙතන ගොඩක් අය සිසුන් දිහා බලන්නේ කුහක කමෙන්. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යන් කියන්නේ ඔබේම දු දරුවන්. මේ අය සටන් කරන්නේ හෙට විශ්ව විද්‍යාලයට යන්න ඉන්න දරුවන් වෙනුවෙන්. උඩින් අතපත ගාන්නේ නැතිව හරියට මොකද උනේ කියල දැනගෙන අදහස් දක්වන්න. (නදී)
කවදා හෝ සත්‍යය ජය ගනීවි (දිල්)
එස්.බී ඇමති කියනව මේ දවස් වල ඡන්දේ තිබුණෙ නැත්තම් විශ්ව විදයාල සිසුන්ට මීට වඩා ටිකක් හොඳට " සලකනවා" කියලා. මේ නැහැදිච්ච ඇමතිවරුන්ගේ උද්දච්චකම නැති කරන්නෙ කවද්ද ඔබ? මේ අය හදන්නේ අපට හැමදාම යටත් මානසිකත්වයෙන් නිවටුන් වගේ තියන්න (නදී)
උඩින් අදහස් ලියා තිබෙන උදවිය හරියටම හරි. මොකද මේ සමහරු හිතන්නේ සරසවි සිසුන් විතරයි මේ මුළු රටේම ඉන්නේ බුද්ධිමතුන් අනෙක් කට්ටිය මෝඩයන් කියලා. තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ ඒගොල්ලන්ට විතරලු. ඔය අධි තක්සේරුව නිසා තමයි සරසවියෙන් ගිය දවසට රස්සාවක් වත් එකපාරටම නොලැබෙන්නේ. කවුද කැමති වැඩට ආපු දවසේ ඉඳන් ලොක්කන්ටත් ආයතනය ගෙනියන හැටි උපදෙස් දෙන සේවකයෙක් වැඩට ගන්න. (නදී)
විනය විනයක් සේ පවත්වාගෙන මේ සරසවිය දේශපාලනයෙන් නිදහස් කරගන්න. සරසවි වහනවට අන්තරේ තරම් කැමති තව කොටසක් මේ රටේ නැහැ. අවුල් නැති තැන අවුල් ඇති කරනවා. මේ සියල්ලෙන් අසරණ වෙන්නේ නිසි පරිදි අධ්‍යාපනය කරන මේකෙන් නිසි කලට එළියට යන්න බලාගෙන ඉන්න මේ සිදුවීම් වලට සම්බන්ධ නැති ශිෂ්‍යයින්. ඔවුන්ගේ යහපත වෙනුවෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් අරගෙන මේ දේශපාලන පිළිල සරසවි භූමියෙන් අතුගා දාන්න බලධාරීන් කටයුතු කරන්න. (නි)
බන්දුල පෙරේරා කියන්නේ අසරණ දුප්පත් මිනිසුන් එක්ක,අසරණ මිනිසුන්ගේ උගත් බුද්දිමත් දරුවන් එක්ක බද්ද වෛරයෙන් පසු වෙන මානසික පිස්සෙක්/මානසික ලෙඩෙක්. මේ මානසික පිස්සා අසරණ මිනිසුන් බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලලා උද්ඝෝෂණය කරපු වෙලාවේදී "පට පට" ගාල වෙඩි තියල අසරණ තරුණ ජීවිත රැසක් බිලි ගත්තු, අසරණ මිනිසුන් 40 කට වැඩි පිරිසක් සදාකාලික අබ්බගාත කරපු "වැලිවේරිය සංහාරයත්" සාදරනීය කරපු මිනිහෙක්. තවත් වෛරය පිරි මහන්නේ නැතිව නරකද ඔය මානසික අසනීපයට බෙහෙතක් කර ගත්තොත්. (නදී)
මානසික ලෙඩෙක් විවිද නම් වලින් අදහස් දක්වල තිබෙනවා. පිරිමි නම් වලිනුත් ගැහැණු නම් වලිනුත්. ඉක්මනින්ම මානසික බෙහෙතක් කර ගන්න. ඔඩු දුවල පිස්සන් කොටුවට දුවනවට වඩා දැම්මම බෙහෙතක් කර ගන්න. (නදී)
ඉදිරියේදී අපිට දකින්න ලැබෙන්නේ අසදාරණයට විරුද්ද වෙන දරුවන්. දේශපාලකයන්ට සත්‍ය පෙන්වලා දෙන දරුවන් නෙමෙයි. දේශපාලකයන් දකිද්දී කානු පල්ලේ වැටිලා "සැලියුට්" ගහන "මොළ හෝදපු " දරුවන් පිරිසක්. ඒ වැඩේ දැන් සාර්ථකව කෙරීගෙන යනවා. රටට,අනාගත දරු පරම්පරාවට දෙවියන්ගේම පිහිටයි. (නදී)
මොකද බන්දුල පෙරේරාගේ "මැටි" දරුවට විශ්ව විද්‍යාලයේ පස් පාගන්න බැරි වුන ඉරිසියාවටද? (නදී)
මගේ අම්ම 60 දශකයේ මුල් භාගයේ සරසවි අධ්‍යාපනය ලබා සමාජයට ආපු කාන්තාවක්. මොන උගත්කම් ලැබුවත් තමන් තරම් දන්නා කෙනෙක් තවත් නැතිය කියා හිතමින් සරසවියට නොගිය උදවියට නුගතා යයි කියමින් උද්දච්ච කමින් කවදාවත් ඇය නම් හැසිරිලා නැහැ. එදා සිටම සමාජයේ සැමගේ ගෞරවය ලබමින් ජීවත් වෙනවා. දැන් සරසවි උගතුන්ගේත් එදා උගතුන්ගේත් වෙනස ඔන්න ඕකයි. මේ කිව්වේ මගේ අම්ම නිසා නෙවෙයි. සමහරු උගත්කම ගැන මෙතන ලියන දේවල් කියවපු නිසා. (නදී)
රටේ බත් කන හරකව තම්බන්න පුළුවන්. එ්ත් විශ්ව විද්‍යාල සිසුන්ව තම්බන්න ටිකක් අමාරුයි. විශ්ව විද්‍යාල සිසුන්ට තේරෙනවා සත්‍ය මොකක්ද කියලා. එ්ක තමයි වැරැද්ද. (නදී)
බන්දුලත් ඉඳල හිටලා හරි 'හරි' දේ දකිනවා. ඔබ නිවැරදියි. පාලකයිනි! කරුණාකර සරසවි වලින් දේශපාලනය ඉවත් කරන්න.(අ)
ඔය බන්දුල පෙරේරා කියන එක්කෙනා අන්ගොඩින් පැනලා අපු කෙනෙක්ද හැබෑටම? මොකද අදහස් ඒ වගෙයි (නදී)
මෙතන දෙපාර්ශවයේම දුර්වලකම් තිබෙනවා . සරසවි සිසුන්ට කුහක කම් කරනවා ඔවුනට ඉරිසියා කරනවා වැනි මෝඩ තර්ක ගෙනල්ල මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මේ සමාජයේ ඉන්න එකම උගත් බුද්ධිමත් කට්ටිය ඔවුන් විතරක් නෙවෙයිනේ. රට භාර දෙන්න හරි කට ගහ ගහන්න හරි කලින් තමන්ගේ පැත්තෙනුත් අඩු පාඩු තිබෙනවා කියල පිළිගන්න එක හොඳයි. අනෙත් පාර්ශවය කොහොමටත් සාධාරණ මදි කියල අපි දන්නවා. (නදී)
අනේ ඉතින් ඔය බණේ හැමදාම කිය කියා හිටියට මිස්ටර් පෙරේරා කරගන්න බැහැනේ. ඔයාටත් වඩා වුවමනාව තියන, බලය තියෙන අයටත් කරගන්න බැරි එකේ ඔයා කව්ද අනේ? (අ)
සුද්දන්ට රට යටත් වෙලා තිබෙන කාලේදී විනෝදයට අලින්ට වෙඩි තියල මරපු සුද්දගේ වලටත් අවරුද්දකට සැරයක් හෙන ගහනවලු. ඒ වගේ තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කරපු/අනාගත දරු පරම්පරාව අනාත කරපු අයටත් එහෙමම වෙනවා (නදී)
චාමික, බන්දුල ගැන මට කියන්න ඕනෑ වුණ දෙය ඔබ දාලා තියෙනවා. ස්තුතියි! (නි)
එතකොට අප රටේ වැරදි කරන දේශපාලකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න ක්‍රමයක් ඇතිවෙන්නෙ නැද්ද? (නි)
88/89 කාල වල සිදුවූ දේවල් වල නරක පෙන්වලා තමයි මේ. 94 අවුරුද්දේ මේ රජය පත්වුණේ. එම නිසා කලයුත්තේ නේවාසිකාගාර සෑදීමේදී මුදල් ප්‍රශ්ණයක් තිබේ නම් විශ්ව විද්‍යාල සිසුන් ද අාචාර්යවරුද සමග මේ පිලිබඳව සොයා බැලීමයි. ගරු ඇමතිතුමා එසේ කරන බවට විස්වාසයි. මන්ද එතුමාද විශ්ව විද්‍යාල ආදී සිසුවෙක් නිසා. (නදී)
මෙතන අදාළ ප්‍රශ්නය තේරුම් ගැනීමට වඩා සිද්ධ වෙන්නේ අදාල පාර්ශවයන් එකිනෙකාගේ සමාජ තරාතිරම් බලපුළුවන්කාරකම් ගැන ආත්මාභිමානයෙන් කටයුතු කිරීම. ඒකෙන් මේ ප්‍රශ්ණය තව උග්‍ර වෙනවා. උගතා යයි ආඩම්බර වීමත් බලවතා යයි ආඩම්බර වීමත් දෙකම තමන්ටම අගුනයි. (නදී)
බන්දුල පෙරේරා නම් විශ්ව විද්‍යාලයකට නෙමේ වැස්සකට වත් ඉස්කෝලෙකට වත් ගිහින් නෑ වගේ . ලබන ආත්මයෙත් උසස් අධයාපනයක් නැතිව කාටහරි කඩේ යයි . අනේ පවු. (නදී)
සරසවි සිසුවා හා සරසවි තුල තිබෙන ප්‍රශ්න දිහා තමන් දා ගෙන ඉන්න දේශපාලන කන්නාඩිය තුලින් බලන අය තමයි අද සමාජයේ වැඩිපුර දක්නට ලැබෙන්නේ. සරසවි සිසුන් දේශපාලනය නොකළ යුතු බව කියන්නේ කුමන පදනමකින්ද කියලා කවුරුවත් පැහැදිලිකරන්නේ නැති අතර වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුරවැසියන්ට සර්වජන ඡන්දය හිමි බවත් ඒ නිසා ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීමට අයිතිවාසිකම් හිමිවී තිබෙන බවත් මේ අය පිලි ගත යුතුය. ඒ වගේම සරසවි සිසුන් කල යුතු එකම කාර්ය ඉගෙන ගැනීම පමණක් යයි පැවසීමත් ඉතා අඥ්ඥාන ප්‍රකාශයක් වන අතර ලොව පුරා සරසවි සිසුන් තම රටවල සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්ණ වලට ඉදිරිපත් වෙමින් තම ශක්තිය දැනුම සමාජ සංවර්ධනයට හා සුබසාදනය වෙනුවෙන් කැපකළ බව ලොවම හොදාකාරව දන්නා නමුත්, අද ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් පිලිබදව ද්වේශ සහගත ආකල්ප ජනතාව තුල ඇතිකිරීමට පාලකයන් හා ඔවුන්ට ආවඩන්නන් උත්සහ දරමින් සිටින අතර, එසේ කරන්නේ රට මුහුණ දී තිබෙන අර්බුද වලදී තමන්ගේ වගකීම ඉටුකර නොමැති නිසා ජනතාව නොමග යැවීමට බව පැහැදිලිය. (නදී)
කරන්න පුළුවන් මොහොමඩ් මහත්තයෝ.. බොහොම ලේසියෙන් කරන්න පුළුවන් ..නමුත් ඒකට 88/89 හිටිය වගේ නායකයෝ ටිකක් මේ රටේ ඉන්න ඕන.. දැන් ඉන්න අයගෙ පපු උනුවෙනවා වැඩයි..එයාල මේකට සුදුසු නැහැ.එච්චර තදබල විදියට නැතුවත් ඕක කරන්න පුළුවන්..ඔය පිළිල වලට කැම්පස් එකක ආයේ පස්පාගන්න බැරිවෙන්න කකුල් අතපය කඩලා ඉස්පිරිතාලේ ලග්ගන එක.. කෝ මේ ආණ්ඩුව ඒකටවත් සුදානම් නැහැනේ..ඔය අනුකම්පාව හින්ද තමයි කට්ටිය රෙදි නැතුව කරේ නගින්නේ..(අ)
දෙපාර්ශවයම ප්‍රශ්නයට විසඳුම් සොයනවාට වඩා තම තමන්ගේ උද්දච්චකම් ප්‍රදර්ශනය කරන බවයි පේන්නේ. (දිල්)
මම කියනේ සරසවිය දේශපාලනයෙන් නිදහස් කරගන්න. මේකෙන් වෙන්නේ ළමයිගේ වටිනා කාලය නාස්ති කර ගැනීමක් මේවගේ පිස්සෝ ඉන්නේ ලංකාවේ විතරයි.(අ)
මේ වගේ ප්‍රවෘතියකට අදහස් පලකරනකොට තමයි බන්දුල පෙරේරගේ නියම ස්වබාවය මතුවෙන්නෙ. බන්දුල පෙරේරා කියන්නේ බැටළු හම පොරවගත්ත නපුරු වෘකයෙක්. (නදී)
බන්දුල පෙරේරාගේ අදහසට එකඟ වෙන්න කොහෙත්ම බැහැ. බංකොලොත් පෙරටුගාමීන් හා ජේ වී පී ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේ වුවමනාව වන්නේ ශිෂ්‍ය ප්‍රජාව දැඩි මර්දනයකට රජය පොළඹවා ගැනීමයි.එ්කට ශිෂ්‍යයින්ගේ අතපය කඩා හරියනවද මනුස්සයෝ.....මගේ සරසවි අද්ධ්‍යාපනයේත් ලොකුම හිසරදේ වෙලා තිබුනේ ඔය කියන අන්තරේ.ඕක මුළුමනින්ම තහනම් කොට ඔය හා සම්බන්ධ ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරීන් සරසවි බිමෙන් ඉවත් කළ දාට බහුතරයට නිදහසේ ඉගෙන ගන්න පුළුවන්.(අ)
බන්දුල මහත්තයෝ මේ සමාජයට ඔයාගේ ඇති වෛරය ඔය විදිහට ප්‍රදර්ශනය කරන්න එපා 88/89 දී කරපු වැඩවලට ඒ මිනිස්සු වන්දි ගෙව්වා තවම ගෙව්වේ නැතිනම් අනාගතේ ගෙවවාවී, නමුත් සිසුන් සමග පැටලුනු බොහෝදෙනෙක් ඉතිහාසයේ කුණුබක්කියට වැටුනා. (අ)
සරසවි වල දරුවෝ නොහිටින්න අපේ දරුවන්ට අනාගතයක් කොහේද? (නි)
ළමයින්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හදන්නේ මර්දනයෙන්ද? (නි)
අනේ! අපිත් ඉපදුනානේ මේ වගේ රටක (නි)
සරසවි වල දරුවෝ එදා ඉඳලා නිදහස් අධ්‍යාපනය රැකගත්තා. ඉදිරියටත් එය පවත්වාගන්න අපි අපේ දරුවන් වෙනුවෙන් ඔවුන්ට සහයෝගය දක්වනවා (නි)
මම නම් මේවා අනුමත කරන්නේ නැහැ (නි)
ජනාධිපතිතුමනි, අධයාපනයට සම්බන්ධ ඇමති දෙපලම අයින් කරන්න. මේ දෙකම මෝහන් ලාල් ග්‍රේරු මහත්තයට තනියම ගිනියන්න පුලුවන් (නදී)
ජෙහාන් මහත්තයෝ, සිසුන් සමඟ පැටලුනු කවුරුවත් ඉතිහාසේ කුණු බක්කියට වැටුණේ නැහැ. ඒ අය කුණු බක්කියට වැටුනාා නම් වැටුනේ වෙන හේතූන් නිසා.අපි කියන්නේ හොඳින් හෝ නරකින් මේ දේශපාලන පිළිල විශ්ව විද්යාල වලින් ඉවත්කරලා සිසුන්ට ඔවුන්ගේ පරමාර්ථය ඉටුකරගෙන කලට වෙලාවට සරසවියෙන් බැහැර වෙන්න ඉඩකඩ සළසන්න ඕනෑ කියලා. (නි)
සමාජ වෛරය තමයි පෙරටුගාමීන් හරහා පෙන්නුම් කරන්නෙ. රටේ වැඩි පිරිස කොටි ත්‍රස්තයන්ට විරුද්ධයි. එහෙම තියෙද්දි ඩයස්පෝරාවෙන් යැපෙන සුළුතරයක් ආර්ථික අඟහිගකම් වලින් පෙළෙන සිසු පිරිසක් නතු කරගෙන කරගෙන යන මෙම වැඩපිළිවෙලට රටේ බහුතරය හැමදාම අනුකම්පා කරන්නෙ නැහැ.මිනිස්සු දැන් කථා කරන්නෙ මොකටද මෙච්චර ඉවසන්නෙ කියන එක.මොනතරම් අමාරුකම් තිබුනත් සල්ලි වලට යට නොවෙන්න බුද්ධිමත් සිසුවා හැඩ ගැහෙන්න ඕනෑ.රටේ බහුතර ජනතාවට මේ අයව අප්‍රියජනක වෙලා තියෙන්නෙ. (නි)
සිල්වා මහත්තයා ලෝකය ගැන දන්නේ නැහැ වගේ. ලෝකය ඊළඟට බාරගන්න ඉන්නේ අපේ උගත් තරුණ පරපුර. (නි)
අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා... ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩතකා... මේ අදහස පරණ වැඩිද මන්දා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට දේශපාලනය අකැප නැහැ. ඔවුන් තම මතය එළිදැක්විය යුතුයි. දැන් කාලෙ ඒක කරන හැටි තමයි නරක. (නි)
උගතුන්ට විතරයි හොර, ජරා, මෝඩ වැඩ පේන්නේ. ඒකයි කැම්පස් ළමයිම මේවාට කතා කරන්නේ. (නදී)
මේ විශ්ව විද්‍යාලයට ලොකු දෝෂයක් තිබෙන හැඩයි. ශිෂ්‍යයින් විතරද දේශපාලනය කරන්නේ? (නි)
තකට තක පුලුවන්ද ප්‍රශ්න විසඳාගන්න? (නි)
මමත් විශ්ව විද්‍යාල දෙකකට ගියා. නමුත් ඔය වගේ හූ කියන හිවල්ලු නම් හිටියේ නැහැ (නි)
හැමෝටම ඇත්ත අමතක වෙලා,පක්ෂ පාට නිසා. (නි)
මලික්ගේ අම්ම කලා අංශයෙන්ද සරසවියට ගියේ. එහෙම නම් ඉතින් මොන උද්දච්ච කම්ද ? (නදී)
මම කියන්නේ මෙතනදී වඩාත්ම වැරදි ඇමතිවරු. සිසුන් තරුණයි, උද්වේගකාරියි, ඒ වාගේම තමන්ගේ අනාගතය ගොඩ නගාගන්න හදන පිරිසක්. ඇමතිවරු එහෙම නෙවෙයි මහලුයි, අත්දැකීම් බහුලයි. ඇමතිවරු පඩිනඩි සැප සම්පත් සමාජ ගෞරවය ලබන්නේ මේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂා කිරීම සඳහායි. ඉතින් ඇමතිවරු තමන්ගේ මහන්තත්වයට ළමයින්ගේ අනාගතය විනාශ කරනවා නම් එ්ක මහා අපරාදයක්. (නදී)
මේ ජරා දේශපාලනය නිසා තමයි හැම දෙයක්ම නැත්නම් ලංකාව මීට වඩා ලස්සන වෙන්න තිබ්බා. ලංකාවේ අනාගතය බාර ගන්න ඉන්න සිසුන්ට සලකන විදිහද මේ. මේ හැම දෙයකටම මුල බලය තමයි (නදී)
මේ ගැටළු ඉක්මණින් විසඳෙනවා නම් හොඳයි (නි)
ඇයි සාකච්ඡා කරලා මේවා විසඳාගන්න බැරි? (නි)
මේකත් හරියට අලි-මිනිස් ගැටුම වගේ, කවදාවත් විසඳුමක් නැහැ (නි)
ගොඩගේට කොහොම අම්මා කෙනෙක් ද ඉන්නේ. මමත් 60 දශකයේ සරසවියට ගිය කෙනෙක්. ඒ කාලයේ සරසවියට ගියේ කාන්තාවන් අදට සාපේක්ෂව ටිකයි. ඒ උදවිය රටේ දක්ෂතම දක්ෂ සිසුවියන්. කරුණාකර තමන් ගේ නුගත් කමට කුමක් හෝ උගත් කමක් ඇති උදවියට අපහාස කරන්න එපා. (නදී)
මට පේන්නේ ගොඩගේට මලික් ගැන ලොකු ඉරිසියාවක් ගහලා. උපාධිදාරී අම්ම කෙනෙක් ඉන්න එකට. කියන්නකෝ ඔයාට තියෙන්නේ මොන උපාධියක්ද කියලා. අනුන්ගේ උගත් කම් වලට අපහාස කරන්නේ. (නදී)
දැන් නම් මට පිළිගන්න වෙනවා උපාධිදාරින්ට ඉරිසියාකම් තියනවා කියලා. තරුණයන්ව පැත්තක තියන්නකෝ. අර මලික්ගේ අනුමානයේ හැටියට වයස 70 පැනපු අම්මටත් ඉරිසියාවේ පැලෙන කට්ටිය ඉන්නවනේ. ගොඩගේ කොයි ඉස්කෝලෙටද ගියේ. කලා උපාධිය හෑල්ලු කරන්නේ ඔබට තියෙන්නේ මොන වර්ගයේ උපාධියක්ද කියල කියන්නකෝ. (නදී)
සරසවි වලින් දේශපාලනය ඉවත් කරන්නත් බැහැ, ඉවත් කළයුතුත් නැහැ. රටේ අනාගතය බාරගන්න මේ පිරිස බුද්ධිමත් දේශපාලන සංවාදවල අවශ්‍යයෙන්ම නිරතවිය යුතුයි. නමුත් දැන් ප්‍රශ්නය තියෙන්නේ වෙනත් කාරණා වලට මේ ශිෂ්‍ය පිරිස පාවිච්චි කරන එකයි. ඔවුන් කිහිපදෙනා නිසා අවංකවම ඉගෙනීමේ අදහසින් සරසවියට ආ බහුතර පිරිස අසරණ වෙලා. (නි)
මේවා ඉක්මණින් විසඳාගත යුතුයි (නි)
එහෙම නම් ගොඩගේට තියෙන්නේ උද්දච්චකම් පෙන්නන්න පුළුවන් උපාධියක්ද ? මොකක්ද ඒකෙ නම ? (නදී)
මමත් කලා උපාධිය හැදෑරු කෙනෙක්. ගොඩගේ මහත්තයා ඔය උපහාසය වැදුනේ මලික් ගේ අම්මට නෙවෙයි ඔබේ වැඩිහිටියන්ට. ඔබේ පවුල් පසුබිම ගැන අපිට හොඳට පැහැදිලියි. (නදී)
ගොඩගේ, මොකද කලා උපාධිය හදාරන එකේ වැරැද්ද ? ඒක නම්බුකාර නැද්ද ? දැන් උද්දච්ච වෙන්න පුළුවන් උපාධිදාරියෝයි, බැරි අයයි කියල බෙදලාද තියෙන්නේ ? අදයි මම ඇහුවේ. (නදී)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේ දෙපාර්ශවයම කරට කර සිටීමයි. සිසුන් හිතන්නේ ඒ අය තරම් උගතුන් බුද්ධිමතුන් කොටසක් රටේම නැහැ, අනෙකුත් සමාජයේ සියලු දෙනා මෝඩ නුගතුන් කියලා. අනෙක් පාර්ශවය හිතනවා සිසුන් සද්ද නැතුව ඉන්න ඕනෑ කියලා. මම කියන්නේ මහා ලොකු උගත්කම් නැති සාමාන්‍ය මහජනතාව මේ දෙපාර්ශවයටම වඩා බුද්ධිමත් විදියට සමාජයේ ජීවත්වෙනවා. (නි)
සිසුන්ට හැම අතින්ම අයිතියක් තිබෙනවා විරෝධය දක්වන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. පොලිසිය කළයුත්තේ ළමයින්ට නඩු දාන එක හෝ වතුර විදින එන නොවෙයි නේද? පාලකයන්ට මෙතන තිබෙන ප්‍රශ්නය මොකද්ද? මම හිතන විදියට ළමයි නීතිවිරෝධී දෙයක් කරනවා නම් තමයි පොලිසිය හෝ පාලකයින් කටයුතු කළයුත්තේ. (නි)
උසස්`පෙළ සමත්වෙන්න බුද්ධියක් තිබුනට මේ උගුල් වලට රැවටෙන්න මෝඩ ළමයි ටිකකුත් හැමදාම සරසවි තුළ ඉන්නවා. තමන්ගේ තාත්තාගේ වැටුපට හරියන විදියට තමයි මේ අයගේ ගෙවල්වල උසස්පෙළ දක්වාම ජීවත්වුණේ . ලංකාව කියන්නේ එංගලන්තය, ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව නොවෙයි. එනිසා ලංකාවේ ආදායමේ විදියට තමයි සරසවි තුළ විතරක් නෙමෙයි රෝහල් වලත් අන් හැම ආයතනයක් තුළත් සම්පත් බෙදාහැරීම සිදුවන්නේ. අනික උස්සස්පෙළ සමත් වුණ ගමන්ම මේ ළමයි එනවා ආණඩුවට, ඇමතිවරුන්ට වගේම මහාචාර්යවරුන්ටත් උගන්වන්න. කුහකකමයි මෝඩකමයි තමයි මෙතන වැඩියෙන්ම තියෙන්නේ. (නි)
සරසවියට ඇතුළත් වූ වහාම තමන්ගේ දෙමාපියන්ටත් උපදෙස් දීමට තරම් තත්වයකට තමන් පත්වෙලා කියලා ඇතමුන් හිතන්නේ. මහා උගත්කම් නැති වුණත් අනන්තවත් බුද්ධිමත් වැඩිහිටියන් , වෙනත් විභාග පාස්කළ උදවිය මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා පළමුව ඔය තමන් ගැන තිබෙන අධිතක්සේරුව ඉවත්කරගන්න. ඉන්පසු සමාජයේ සෙසු උදවිය ඔබ ගැන යහපත් ආකල්පයකින් සොයා බලාවි. (නි)
උගත්කමයි බුද්ධිමත්කමයි වෙනස්. ඇතැම් බුද්ධිමත් දරුවන් පවා උසස් පෙළ අසමත් වෙනවා විවිධ හේතු නිසා. සරසවි සිසුන් තමන් ගැන මීට වඩා නිහතමානී වෙන්න ඕනෑ. සමාජයේ ඉන්න අනෙකුත් දැන උගත් ඉසකෙස් සුදු වැඩිහිටියන් පවා තමන් තරම් දේවල් දන්නේ නැහැ කියලා හිතන තාක්කල් ප්‍රශ්නම තමයි. (නි)
පළමු වතාවට බන්දුල මහතා සමඟ සම්පුර්ණයෙන් එකඟ වෙනවා.විශ්ව විද්‍යාල තියෙන්නේ දේශපාලනය කරන්නවත් දේශපාලකයන්ට දඩුවම් කරන්න මැරයන් හදන්නවත් නොවෙන්න ඕනෑ. විශ්ව විද්යාල වලින් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ අනාගතය බාරගන්න පුළුවන්, බුද්ධිමත් රටට ජාතියට ආදරය කරන යහපත් මිනිසුන් කොට්ඨාශයක් බිහිකිරීමයි (නි)
අනෙකුත් රටවල සරසවි සිසුන්ට ඉගෙන ගන්න නවාතැන් වලට අතින් පයින් වියදම් කරගෙන ඒ කටයුතු කරගන්න වෙලා තියෙන්නේ. අපේ උදවියට හැම දේම නැතත් මුලික දේවල් ලැබෙනකොට , ඇයි මේ කරන ඉගෙනීමක් ඉක්මනට හොඳින් කරගෙන මෙතනින් පිටවෙලා යහපත් උගතුන් ලෙස සමාජයට පිවිසෙන්න මෙච්චර අමාරු ? (නදී)
බන්දුල කියන ද්වේශය වපුරන අමනුස්සයගේ අත් දෙකයි කකුල් දෙකයි කඳ මුලින්ම යි කෑලි කෑලි වලට කැඩිලා කඳ කොටස විතරක් ඉතුරු වෙලා දුක් විඳවන්නේ නැතුව මේ ස්වභාව ධර්මය තවත් කල් ගන්නේ ඇයිද කියන එක මට ලොකු ප්‍රශ්නයක්. (නදී)
60 දශකයේ උපාධි අපේක්ෂකයින් තුළ පවා එවකට තිබු සමාජ ක්‍රමය වෙනස් කිරීමේ අදහසක් තිබුනා. ඒ වගේම ඒ උදවිය යම්තාක් දුරට සාර්ථක වුණා. එයාලගේ වැඩිහිටි චර්යාව දිහා බලලා එයාලා විශ්ව විද්‍යාලය තුළ විහිළු චරිත රඟපෑවා කියන එක වැරදියි. (නි)
මිලියන ගනන් කුට්ටි කඩාගෙන ඉගෙනගන්න බැරි දනවතුන්ගේ දරුවන්ට රට බාර දෙන්න නේද මේ පෞද්ගලික විශ්ව විද්‍යාල අරඹන්නේ. මේ විශ්ව විද්‍යාල ළමයි ගෙනියන සටන ඉදිරි අනාගතයේ ගමේ දුප්පත් දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය රැකගන්න කරන සටනක් (නදී)
සරසවි සිසුන් කියන්නේ තමන් උගතුන් කියලා. පාලක පක්ෂය කියන්නේ තමන් බලධාරීන් කියලා. දැන් මේ දෙපාර්ශ්වයම තම තමන්ගේ සමාජ තත්ත්ව වලට ගැළපෙන පන්නයටද මේ හැසිරෙන්නේ? (නි)