නීතිය හා සාමය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පත් කරනු ලැබ සිටියි.
ඔහු අබුඩාබියේ හිටපු තානාපති ද වෙයි.
කටුනායක ඇඟළුම් සේවකයනට වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ඔහු ඉල්ලා අස්විය.
මහින්ද බාලසූරිය මහතා අඟහරුවාදා වැඩ භාර ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කන්නේ රටේ මොකක් හරි වැඩක් කරලා.එදා කෑවේ තියන දේත් විකුණගෙන.(හේ)
හැම දේටම ආණ්ඩුවේම වැරදි දකින අයට තමාගේ පක්ෂය දිහත් බැලුවොත් ලොකු වෙනසක් නොපෙනේවි..අනුන්ගේ වරදම කියනව ඇරෙන්න මොන පක්ෂේද තමාගේ වැරදි පිළිගන්නේ. (ස)
මේ අමත්‍යංශය අගමැතිගේ නේද ?ඔහුට සුදුසුම පුද්ගලයා මේ මහතාය.(අ)
මගෙත් හොඳම කාලය ගෙවුනේ අබුඩාබියට (නි)
ඒ සිදුවීම මුල සිට අගට මාධ්‍ය වලින් අපි බැලුවා මහත්තුරුනේ. කට්ටිය බිල්ලක් ඉල්ලුවා. ඒ බිල්ල එදා ගත්තා. ඒ වුනාට ඒක හරියට විකුණා ගන්න ලැබුනේ නැහැ මාධ්‍ය වලින් සිදුවීම රටම දැක්ක නිසා. මෙතුමාට නිකරුනේ පවක් ගෙවන්න උනා ආණ්ඩුවේ කොන්ද පන නැති කම හින්දා. මෙතුමා ඍජු යහපත් උගත් නිලධාරියෙක්. මෙතුමාට ජය පතනවා. (නදී)
දැන් මේ ඔක්කොම පත්වීම් මැතිවරණයක් කිට්ටුව තියාගෙන මොකද දන්නේ නැහැ. (හේ)
අපිට ඇත්තටම සතුටුයි (නි)
ලංකාවට ගිය කලක්. ආණ්ඩුවෙන් හිතන් ඉන්නේ ලංකාවේ ජනතාව අන්දයෝ බිරෝ, ගොළුවෝ, මෝඩයෝ, ලින් ගෙම්බෝ කියා. බලමුකෝ ඉදිරිය ට වෙන්නේ මොකද කියා. රට ලගදීම විනාසයකට අත වනනවා. (නදී)
සුබ පැතුම්! (නි)
කටුනායක ජනතාව දන්නවා මෙතුමා ගැන (නදී)
මොහාන් විස්තර දන්නා හින්දද සුභපතන්නේ. (නදී)
ඇත්තටම මේ මිනිස්සු වයසට යන්නේ නැද්ද. විශ්‍රාම ගන්වලා තව කෙනෙක්ව වාඩි කරවන්න. (නදී)
පොලිසියේ ඉන්නේ නපුංසකයෝ කියල හිතාගෙන වීරයෝ වගේ ගල් පොලු අරන් පොලිස් කාරයන්ට එලව එලව ගහද්දි උසස් පොලිස් නිලධා රින්ව වට කරගෙන ගල් අත ඇරලා මරන්න හදද්දී පින්වත් මහත්තුරු කියන්නේ පොලිසියට සිල් ගන්න කියල වෙන්න ඇති. වැඩේ වරදිනකම් චන්ඩි හැසිරුණු ආකාරය පොලිස් කාරයෝ මරන්න හදපු අකාරය අපි දැක්ක.වැරදුනාට පස්සේ පොලිසියෙන් වෙඩි කෑවාට පස්සේ අනේ ඔකොම දහයට ගනින්න බැරි අහිංසකයෝ.ඕක තමයි අය්යල හැමදාම කියන බයිලේ..වැඩේ කියන්නේ තරුණ ජිවිත හැට හැත්තදාහකට වගකිව යුතු බල්ලෝ බළලු වගේ මහමග ටයර් සැය වල යවපු ඒකට මග පාදපු අය තමයි ඒ අහිංසකයෝ වෙනුවෙන් වැඩියෙන්ම අඩන්නේ ලතෝනි දෙන්නේ මළමිනියක් දැක්කේ එදාමයි වගේ.. අනේ අපි නොදන්නා ලයිව්.. (අ)
දැන් ඉතින් පොලිසියට මොකද වෙන්නේ ? (නදී)
රටට ගිය කළක්.(හේ)
මේ පත් වීම කාගෙවත් අදුරුන්කමට දීපු එකක් නෙමෙයි, දක්ෂකමටම ප්‍රධානය කරපු එකක්. (හේ)
ඉල්ලා අස්වීම නිසා අගතියටපත් පාර්ශවයට සාධාරනයක් ඉෂ්ට වුණාද? (අ)
කමක් නැහැ. යුද්දේ දින්නා නේ ! ඒ ඇති. (අ).
අම්බලමේ පිනා...වලන්කදක් ගෙනා...ඒක බිඳපි ගොනා...ඒකට මට හිනා...හනේ අපි නොදන්න පොලිෂ්!!!(අ)
ඇඟළුම් සේවකයනට වෙඩි තැබීම නිසා මෙහෙම උනා නම් වෙන දෙයක් කරා නම් මොනවා ලැබේවිද? (නදී)
කමක් නැහැ. යුද්දේ දින්නානේ. ඔන්න ඔහේ එකතුවෙලා රටම කාපු දෙන්. නැත්නම් කොටියට කන්න තිබුණු රටනේ. අාශ්චර්යට තව පොඩ්ඩ දුරනේ. ඔහොම යන් (නදී)
රටට යහපතක් කරන්න හිතාගෙන තම රාජකාරිය අවංකව සිදුකරන්න (නි)
මේ වගේ පත්කිරීම් වලින් රට යන මඟ පැහැදිලි වේ.(හේ)
කටුනායක ඇඟලුම් සේවකයන්ට වෙඩි තැබීමේ සිද්ධියට එතුමා ඉල්ලා අස් වුණාලු,ඊට පස්සේ අබුඩාබි තානාපති උනාලු,,දැන් නිතිය හා සාමය අමාත්‍යංශයේ නව ලේකම්ලු.මේ විදිහට සාධාරණය ඉෂ්ඨ කරලත් ලෝකේ අනිත් රටවල් ඇයි අපිව ආදර්ශයට ගන්නේ නැත්තේ?(හේ)
දැන්නම් පොලිසියට හොද කලක් යයි නේද පොලිසිය පාලනය කරන්න පොලිසියේම ලොකු මහත්තයෙක් ඇවිල්ල අපි දන්නා විදියට සාධාරන වැදගත් තීරණ ගන්න අයෙක්ලු(අ)
ජනත් මල්ලි, අම්මපා ඔව්, ඔයිට වඩා අපිට මොනව වෙන්නද? කොටිය කෑවත් එකයි, අපේ කට්ටිය කෑවත් එකයි. කන්නේ අපිවම තමයි. (නදී)
වරුණ..යුද්දය ඔච්චර ලේසි වැඩක් නම් මොකද ඔයාලට බැරි උනේ.. (ස)