(යොහාන් භාසුර)

බලවේග කට්ටල දුම්රිය නොමැති වීම නිසා කැළණිවැළි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අද පැවසීය.

ඒ අනුව පස්වරු 4.00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රිය සහ පෙරවරු 5.55 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය යන ගමන්වාර දෙකට යෙදවීමට බලවේග කට්ටලයක් නොමැති වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ දිගින් දිගටම දුම්රිය ගමන් වාර අවලංගු වීම් වාර්ථා වීම සාමාන්‍ය තත්වයක් බවට පත්වීම හරහා මගී ජනතාව පීඩාවකට ලක්වෙමින් ඇති බවත් කීය.