ඔස්ට්‍රේලියාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී රඟපාන පළමු බොලිවුඩ් චිත්‍රපටය අගෝස්තු 05 දා ඉන්දීය සිනමාහල්වල තිරගත වීමට නියමිතය. "අන්ඉන්ඩියන්" ලෙස නම් කර ඇති මෙම හාස්‍යජනක චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දීය ජාතික එක්දරු මවක් හා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු අතර ඇති වන ආදර කතාවක් බව කියැවේ. මෙහි ප්‍රධාන නළුවා ලෙස බ්‍රෙට් ලී හා ප්‍රධාන නිළිය ලෙස ටනීෂ්තා චැටර්ජී රඟපාන මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වූයේ 2014 ඔක්තෝබර් මාසයේදීය. පසුගිය වර්ෂයේ මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනා කතාබහ කිරීමට පෙළඹුණත් එය කෙමින් කෙමින් නැතිවී ගියේය.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දීය ජාතිකයෙකු වන අනූපම් ශර්මාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය 69 වැනි කාන්ස් සිනමා උලෙළේදී තිරගත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd